Wednesday, March 17, 2010

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


ඔබට මතක නැති-මට අමතක නැති
ඔබේ උපන්දින සමරන මොහොතේ..
මා හද පත්ලෙන් ඔබට පතමි මම
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

සිහින සුරවිමන් අතරේ පාවෙන
සැඳෑ සාදයක මධු අතරේ නොව
සැබෑව දිදුලන ජීවිතයක් තුළ
සතුට සොයන්නට මා දිරිගැන්වූ
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

විනය උගත්කම දැනුම වින්දනය
එක්කොට කලතා ජීවය දුන් ඔබ
මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
සසර සරන තුරු මටම බැ‍ඳෙන්නට
වාසනා වේවා........

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


http://www.mcnphotography.com/images/family/mother-daughter.jpg

18 comments:

  1. ඔන්න චේජනා අක්කිගේ අම්මට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න මාත් එකතු වෙනව... අම්මලගෙ සෙනෙහස ගැන කව්, ගී සිය දහස් ගණනක් ලියැවිලා ඇතිවාට සැකයක් නෑ.. ඒ අතරට ඔබේ කවත් නොවරදවාම එක් වේවි...
    ඔබ වැනි දුවක් ලොවට දායද කළ ඒ පින් බර මව්තුමියට මම ද මෙසේ සුබපැතුම් එක් කරමි.
    ආයු රක්ඛන්තු ආ වඩා..

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි මල්ලි

    ReplyDelete
  3. " සැඳෑ සාදයක මධු අතරේ නොව
    සැබෑව දිදුලන ජීවිතයක් තුළ
    සතුට සොයන්නට මා දිරිගැන්වූ
    අම්මේ... "
    එහෙම තමයි අම්මලා. ලෝ‍කේ කොහේ ගියත් , මොනවා කළත් , අර කියන්නා වගේ එන්ඩ බැරි දුර ගියත් , මිනිහෙක් ආපහු හැරෙන්නේ අම්මගේ ආදරණීය සුවඳ දිහාවට..
    ආදරණීය අම්මේ , ඔබට සුබම සුබ උපන් දියනක්.
    -ජය

    ReplyDelete
  4. සදා උකුලුතල මා සුව යහනත...
    තොලගින් මැතිරූ නැලවිල්ලෙන්...
    ඇරලා මා සුව සිහින විමානෙක...
    නිදිගන්වා මා ඔබ තුරුලේ...

    ReplyDelete
  5. යෝගි,
    ඔයා උදෙන්ම ඇවිත්,
    "මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්"
    අපි අම්මට බැඳිල යෝගි,
    ගොඩාක් ස්තුතියි..සුබ පැතුමට

    තිස්ස අය්යත් එලිවෙන පාන්දරම නැගිටගෙන බ්ලොග් බලනව නේ..
    ආපහු හද ගී පොතෙන් ඔය සිංදු අහන්න අපි බලාගෙන ඉන්නව..

    ReplyDelete
  6. දීර්ඝායු වේවා.
    චේජනා අක්කගේ මවට මමත් සුබ උපන් දිනයක් පතනවා.අක්කගෙ මේ පදපෙළ අම්මට හොඳ උපන් දින තෑග්ගක් වෙයි.

    ReplyDelete
  7. ලස්සනයි චේජනා.
    කොතරම් ලිව්වත්..නිමා නොවන කවිය..තමා අම්මා.

    ආදරණීය අම්මාට මගෙනුත් සුභ පැතුම්..නිදුක්, නීරෝගී උපන් දිනකට.

    ReplyDelete
  8. මාත් එකතුවෙන්නම් ඔයාගේ අම්මාට සුබ පතන්නට...

    " අම්මා " මේ වචනය තුල මොනතරම් දේද ...දයාබර අම්මා...සියක් ආයූ ලැබේවා....අපෙත් ආයූ ගෙන ඔබ දිගුකල් ජීවත් වේවා !

    ReplyDelete
  9. දීර්ඝායුෂ පතනව අක්කෙ ඔයගෙ අම්මට........ ඒ වගේම සුබම සුබ උපන්දිනයක් පතනව......

    ReplyDelete
  10. තේජනා.. ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් මමත් ප්‍රාර්ථනා කරනවා.

    "විනය උගත්කම දැනුම වින්දනය
    එක්කොට කලතා ජීවය දුන් ඔබ
    මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
    සසර සරන තුරු මටම බැ‍ඳෙන්නට
    වාසනා වේවා........"

    කියන ඔයාගෙ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන්න කියලා මමත් පතනවා.

    ReplyDelete
  11. චෙජනා අක්කා
    අම්මට මගෙ සුභපැතුම් පිළිගන්වන්න..
    ලියන්න වචනත් නැහැ, හැඟීම් මුකුත් නැහැ,
    මට තෙරෙන්නෙ නැහැ, මෙ අම්මාව හැදුවෙ කවුද කියලා.
    මෙ වචන කොච්චර දාල කැලතුවත් මට දැනෙන තෙරුමක් එන්නෙ නැහැ අම්මා ගැන..මෙ ගුණ කඳ ගැන කල්පණා කලොත් ඉතින් නිවනක් නැහැ

    ReplyDelete
  12. නිල් අහස, ඔයා කියනව වගේම කොච්චර ලිව්වත් කිව්වත් නිමා නොවෙන එකම කවිය තමයි අම්ම...ගොඩක් ස්තුතියි සුබ පතන්න ආවට..

    හැමදාම වගේ මාත් එක්ක ඉන්න දිල් සහ විශ්මි නංගිලා දෙන්නටත් ගොඩක් ස්තුතියි සුබ පතන්න ආවට..

    පේන විදියට නම් බ්ලොග්කරණයේ "දැවැන්තයෙක්ම" වෙන අචිර, මම ඔයාව දැක්කෙ නම් අද, සමා වෙන්න ඒකට,
    සුබ පැතුමට වගේම මගේ පැතුම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්තනා කලාට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  13. රවා, ගොඩාක් ස්තුතියි මල්ලි සුබ පැතුමට. නිල් අහස කියනව වගේම කොච්චර ලිව්වත් කිව්වත් නිමා නොවෙන එකම කවිය...අම්මා

    ReplyDelete
  14. අපිත් සුභ පතනවා. ඒ වාගේම නංගීගේ අම්මා නිරෝගීමත් ව සැපවත් ව සිටීවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. රනුලිමා චින්තනී නම් වූ ඇය වෙනුවෙන් ඇය නිසාවෙන්ම මවක වූ ඔබ
    මවකගෙ භූමිකාව වඩාත් හොඳින් දන්නව ඇති නේ...
    ස්තුතියි, ආදරනීයම සුබ පැතුමට

    ReplyDelete
  16. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...