වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීමේ නිදහස හා සැහැල්ලුවයි... පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ නිදහස හා සැහැල්ලුව නැති කරගත් බොහෝ දෙනා මට දිනපතා මුණගැහෙනවා...විශේෂයෙන්ම රැකියා ආයතනයෙන් පිටතදීත් තමන් දරන තනතුරුවලට ගැලපෙන ලෙස ජීවත්වීමට උත්සාහ දරන විට හා රැකියාව තුළ ඉහළ යාමේ නොතිත් ආශාවෙන් ජීවත්වන බොහෝ දෙනාට තමන්ට තමන් ලෙසින් ජීවත් වීමේ සැහැල්ලුව මග හැරෙනවා...
වර්තමානයේ තරගකාරී ජීවන රටාව තුළ අප බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති ඉතා වැදගත් කාරණාවක් වන්නේ අප රැකියාව කරන්නේ නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා මුදල් ඉපයීමට බවයි... රැකියාව කෙරෙහි ඉතා තදින් බැඳුන නමුත් අපට රැකියාව ජීවිතය කරගත හැකි වන්නේ නැහැ... අනෙක් අතින් ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් නොකරන්නේ නම් ඒ පුද්ගලයා එම රැකියාවට සුදුසු වන්නේත් නැහැ...මේ අන්ත දෙක අතර මැද සාධාරණව රැඳෙමින් රැකියාව කිරීම රැකියාවක් කිරීමේ අපේ අරමුණ ඉටු කරනු ඇති...
ඒ වගේම රැකියාව කරන අතර ම අප ජීවිතය ද ගෙවා දමන බව අමතක කළයුතු නැහැ...බොහෝවිට අප රැකියාවකින් සමුගන්නා විට වයස අවුරුදු හැටක්වත් සපිරී තිබෙනවා...ජීවිතය සතුටින් විඳීමට හැකි, සිරුර ශක්තියෙන් යුත් වයස අප ඒ වනවිට ගතකර අවසන් හෝ අවසන් කිරීමට ඉතා ළඟයි...ඒ නිසා රැකියා ඉලක්ක වෙනුවෙන් තමාට තමා නැතිකරගත් ජීවිතයක් ගත කිරීම නුවණට හුරුයයි මා සිතන්නේ නෑ... ඇතැම් පුද්ගලයන්ට රැකියා ස්ථානයේ දී තමා තමා ලෙසින්ම ජීවත්වීමේ හැකියාව හිමිවන්නේ නෑ... නමුත් රැකියාවත් ජීවිතයත් අතර වෙනස පැහැදිලිව සලකුණු කරගත්විට තමා ලෙසින් ජීවත් වීමේ හැකියාව අඩුම වශයෙන් නිවසේ දී හා තම සමීපතමයන් ඇසුරේදීවත් රඳවා ගත හැකියි...
රැකියා ඉලක්ක හෝ මුදල් ඉපයීමේ ඉලක්ක වෙනුවෙන්ම ජීවත්වීමට උත්සාහ දරන විට ඉබේම ඒ ව්‍යාජ මිනිසා තුළ සිරවී තමාට තමාව පවා අහිමිවුණ මිනිසුන් ද මා දැක තිබෙනවා...තමාට තමා අහිමි කරගෙන හෝ ඉලක්ක වෙත ළඟාවී ධනය හා බලය උපයාගත් විට සතුටු විය හැකිදැයි මා දන්නේ නෑ... නමුත් ව්‍යාජ මිනිසෙක් ලෙස, එනම් සිය පුද්ගල අනන්‍යතාව විනාශ කරගත් මිනිසෙක් ලෙස දිගු කලක් ජීවත්වීම ඉතාම පීඩාකාරි වනු ඇතැයි මට සිතෙනවා...ඒ නිසා තමාට තමා අහිමි නොකරගත් මිනිසෙක් ලෙසින් මියයාම මගේ ජීවිතයේ අරමුණයි...

ජීවිතය විඳින්නට තිබෙන දෙයක් වුවත් මේ පීඩාකාරී ආර්ථිකය තුළ අපට එය අමතකව යනවා.
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය