රන්වනින් හිරු කිරණ තැවරුණ
තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින
තුරු වියන දුන් සිසිල විඳිමින
සුළඟ මුමුණන කවිය කිව මැන
මගේ නෙතු යුග දැහැන්ගත වුණ
කාච නෙත මත මිහිර නොරැඳුණ
සුමුදු මිහිදුම් සළුව වියමින
තුමුළ ගිරිහිස මුවා කළ මැන
සිතුම් වියමන නිසල කරමින
ගෙවී යන මනරම් සැඳෑවක
තුමුළ ගිරිහිස නිවයි සරතැස
අසිරිමත් සිහිනයක් අභියස



No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...