Sunday, September 13, 2026

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස



රන්වනින් හිරු කිරණ තැවරුණ
 
තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින

තුරු වියන දුන් සිසිල විඳිමින

සුළඟ මුමුණන කවිය කිව මැන


මගේ නෙතු යුග දැහැන්ගත වුණ

කාච නෙත මත මිහිර නොරැඳුණ

සුමුදු මිහිදුම් සළුව වියමින

තුමුළ ගිරිහිස මුවා කළ මැන


සිතුම් වියමන නිසල කරමින

ගෙවී යන මනරම් සැඳෑවක

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස

අසිරිමත් සිහිනයක් අභියස 


No comments:

Post a Comment

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Addiction

දෑඟිලි අතරේ  යෞවනයයි දැවුණේ... තොල්පෙති අතරින් ජීවිතයයි මිදුණේ...