මට හමුවුන ලෝකයේ බොහෝ රටවල්වල මිනිස්සු අතරෙ අඩුවැඩි වශයෙන් තමන් තමා වෙනුවෙන් ජීවත් වීමේ ආශාව මා දැක තිබෙනවා...ඒත් ලාංකීය අපේ ජීවන රටාව තුළ මට දැනෙන විදියට තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නේ නැතිකම...ලාංකීය සමාජය තුළ දෙමාපියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සහකරු හෝ සහකාරිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම බොහෝ අගනා කටයුත්තක් ලෙසින් සැලකුණත් කෙනෙකුට තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නට අපේ සමාජය මැලියි...
ජීවත්වන හැම මොහොතක්ම තමා වෙනුවෙන්ම ජීවත්වීම කළ නොහැකි වුණත් සෑම කෙනෙකුටම තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය තිබෙනවා... තමා කැමති දෙයක් කිරීමේ අයිතියත් තිබෙනවා... තමා අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් තිබෙනවා..කෙනෙක් ඒ අයිතීන් භාවිත කිරීම ඒ පුද්ගලයා හෙළා දැකීමට හේතුවක් නෙවෙයි...අනෙක් අතින් අපේ සමාජය තුළ තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය දිරිගන්වන්නේ නැති නිසාම දෝ අපේ තරුණ දරුවන් තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය භාවිතා කිරීමට තරම් ආත්ම විශ්වාසයක් දරන්නේත් නැහැ...
Source : https://www.psychologytoday.com/
මෙලොව ඇති සැම දෙයකම වාසි සහ අවාසි ඇති බව නියතයක්... තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය හා නිදහස භාවිතා කළ සැනින්, එතැන් පටන් තමා ගත් තීරණවල වගකීම් දැරීමට සිදුවෙනවා... නමුත් දරුවෙක් වැඩිහිටියෙක් වන්නේ ඒ හැකියාව ලබාගත් විටයි...බොහෝ තරුණ දරුවන්ගේ ජීවිත කතා තුළ තමා වෙනුවෙන් ජීවත්වීම පිළිබඳ ගැටළු අසා සිටින විට මට මේ කාරණාව බොහෝ වේදනාත්මකව සිහිපත් වෙනවා... විශ්වවිද්‍යාල සිසුන් තුළ පවා තමා වෙනුවෙන් තීරණ ගැනීමේ හා ජීවත් වීමේ නොහැකියාව මා අත්විඳ තිබෙනවා...ඉතා ප්‍රමාද වී ඒ පිළිබඳව පසුතැවීමෙන් එය නැවත නිවැරදි කළ හැකි වන්නේ නෑ...
තමා වෙනුවෙන් ජීවත්වීම දොස් පැවරීමට තරම් වරදක් නොවන බවත්... තමාට තමා කැමති ලෙසින් ජීවත් වීම අයිතිය ඇති බවත් දරුවන් වැඩිහිටියන් වන විට තේරුම් යන්නේ නම් ජීවිතය හා යෞවනය මීට වඩා සොඳුරු වනු ඇතියි මට සිතෙනවා...
මට දැනෙන පරිදි වගකීම් සහගත නිදහස නොහොත් Responsible freedom යනු ජීවිතය තුළ කෙනෙකුට අත්විඳිය හැකි හොඳම දෙයයි...
Responsible freedom
It is the freedom to experience and express the existence of my being as a unique human. It is accompanied with responsibilities to myself as a single entity as well as to existence as a whole.
Source: https://www.psychologytoday.com/

මීට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ කුඩා කල සිට වැඩිහිටියන් වූ පසුව පවා ස්වාධීනව තීරණ ගෙන කටයුතු කිරීමට දරුවන්ට අවස්ථාවක් නොදීම. දෙමව්පිය ඇතුළු වැඩිහිටියන්ගේ මත අනුව කටයුතු කිරීම යුතුකමක් ලෙසයි සැලකෙන්නේ.
ReplyDeleteමගේ මතයත් ඒකමයි...අපි රටක් විදියටම පුද්ගල නිදහස ඇගයීම පුරුදු නොකරන රටක්...
Deleteඇත්තටම ස්වාධීනව ජීවත් වීමට දරුවෙක් මුදා හැරීමට තරම් ලාංකික සමාජය ආරක්ශිතදැයි කියන එක බරපතලව සිතා බැලිය යුතු කරුනක් යයි මම හිතනවා.වට පිටාව ,අධ්‍යාපන ක්‍රමය,පාසල. මහා මාර්ග,ගමනාගමන පහසුකම්,රජයෙන් නීත්‍යානුකූල ලෙස ඉටු කරවා ගත යුතු ලිය කියවිලි ලබා ගැනීමට ඇති බාධා,සමාජ සාධාරනත්වය නොමැතිකම හා තවත් දහසකුත් එකක් බාධක මැද ශිෂ්‍යයෙක් තබා සමාජයේ තෙම්පරාදු වෙලා නැති වැඩිහිටියෙක් පවා මොහොතකින් වික්ශිප්ත වේවි.ඔය කියන තත්වයට එන්න අපේ සමාජයට තව බොහෝ දුර යාමට ඇතැයි මට හිතෙනව.මා වැරදිනම් නිවැරදි කරන්න.
ReplyDeleteබොහෝ දෙනෙක් ඔබ දරන මතය දරන බව මා දැක තිබෙනවා...එහෙත් එය තමන්ගේ දරුවන්ට වගකීම් සහගතව නිදහස භුක්තිවිඳිමට කියා දීමට දෙමාපියන්ගේ ඇති නොකැමැත්ත නොකියා කියවෙන නිදහසට කරුණක් බවයි මා දකින්නේ... මොකද එකම සමාජ තත්වය ඇති එකම ප්‍රදේශයේ ජීවත්වන පවුල්වල වගකීම් සහගත ව ජීවත් වීමට හුරුකළ හා නොකළ දරුවන් මා අනන්තවත් දැක තිබෙනවා...
Deleteඅනෙක් අතින් ලෝකයේ කොහේවත් සෑමවිටම ආරක්ෂිත නෑ...වගකීම් සහගතව නිදහස් තීරණ ගැනීමට හුරු නොවුණ පුද්ගලයන් අනතුරට මුහුණ දීම වැඩියි...
දෙමාපියන්ට නොසලකන, ගෑණිට දරුවට නොබලන, පන්සලට පල්ලියට ලැදියාවක් නැති පරපුරක් ගැනත ඔයා මේ කියන්නෙ.
ReplyDeleteහෑයියා...
ඔය පරදේසක්කාර සුද්දන්නෙ සිරිත් මෙහෙට එපා.. 😂😂😂😂😏😏😏
ඒ වෙග් ෙදයක් කරන්න තරං හුඟක් අය උත්සාහ දරන්නෑ. ෙහම අාකල්ප වර්ධනය ෙවනවට බයයි.
වයසට ගියාම ෙමාකාද ෙබාල වතුර ඩිංගිත්තක්කත් ෙදන්ඩ ඉන්ෙන 🙈
😂😂😂😂
Deleteඔයා හරියටම හරි...
Deleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය