Saturday, July 13, 2024

පෞද්ගලික මුල්‍ය කළමනාකරණය හා නිදහස

 

වැඩිහිටියෙකු ලෙස ජීවත්වීමේ දී වගකීම් සහගතව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීම සඳහා තම මුල්‍යමය පැවැත්ම ඉතා වැදගත්... මුල්‍යමය අවශ්‍යතා සඳහා තවත් කෙනෙකුගෙන් යැපෙන විට අපට  නිදහසේ ජීවත්වීම අවස්ථාව බොහෝවිට ඉබේම අහිමි වෙනවා...

මුදල් ඉපයීම සම්බන්ධ ගැටළු බොහොමයක් ලාංකීය සමාජය තුළ මා දකිනවා... මුදලක් උපයන ස්වාධීන වැඩිහිටියෙක් නොවී ම තමනුත් නව පවුලක් ඇරඹීම ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන ඇති ගැටළුවක්... මුදල් උපයන්නේ නැතිව දෙමාපියන්ගෙන් යැපෙමින් නව පවුල ඇරඹීම  නිසා සිය ජීවිත කාලයටම බල පැවැත්වෙන ගැටළු ඇතිකරගත් පුද්ගලයන් මට මුණගැසී තිබෙනවා...ඔවුන් ඇතැම්විට පසුව මුල්‍යමය ස්වාධීනත්වය ළඟාකරගත්තත් එසේ නොවුණ යුගයේ පවුල් තුළ ට සිදු වූ අනවශ්‍ය අතපෙවීම් ඉවත් කරගැනීම පසුව අපහසුයි... වඩාත්ම ඛේදනීය වන්නේ කිසිදු ස්ථිර ඉපයීමක් නැති දෙමාපියන් දරුවන් තැනීමේදී දෙමාපියන් සහ දරුවන් එක්ව මුහුණ දෙන ගැටළුයි...

ඉතා ඉහළ උගත්කම් ඇති හා හොඳ ඉපයීමක් ලබන තරුණියන්ට පවා විවාහයෙන් පසු දෙමාපිය හා සහකරුගේ බලපෑම නිසා රැකියාව අත්හැර දැමීමට සිදුවීම... එපමණක් නෙවෙයි, දරුවන් රැක බලාගැනීම පිළිබඳ ගැටළු  පවා නැති ඇතැම් කාන්තාවන් ස්වාමියාගේ අකමැත්ත මත හෝ ඔහු හොඳින් උපයන නිසා නිවසේ රැඳීමට දක්වන කැමැත්ත ලාංකීය සමාජය තුළ  කාන්තාවන්ගේ මුල්‍යමය ඉපයීම් පිළිබඳ ගැටළු ඇතිකරනවා... යම්කිසි අවාසනාවන්ත සිදුවීමක දී එනම් හදිසි අනතුරකදී හෝ නිවසේ මූලික උපයන්නාට රැකියාව අහිමි වීමකදී ඔවුන් ඉතා අසරණ වනු ද මා දැක තිබෙනවා...

තමා වටා සිටින මිතුරු කවය හා අනෙකුත් නෑ මිතුරන්ට ප්‍රදර්ශනය කිරීම පිණිස තරගකාරීව කටයුතු කිරීම නිසා අනවශ්‍ය ලෙස වියදම් දරමින් සිය මුල්‍යමය පැවැත්ම විනාශ කරගැනීමත් මුල්‍යමය කළමණාකරණය පිළිබඳව සමාජය තුළ ඇති ගැටළු අපට කියාපානවා... මුල්‍ය කළමනාකරණය නරක නම් ඉපයීම කෙතරම් හොඳ වුණත් මුල්‍යමය නිදහස ලබාගැනීම ඉතා අපහසුයි...අනෙක් අතින් මධ්‍යම ප්‍රමාණයේ ඉපයීමක් මගින් වුණත් හොඳ මුල්‍යමය කළමනාකරණයක් ඇතිවිට මුල්‍යමය ස්වාධීනත්වය ලබාගැනීම පහසුයි... 

ඒ නිසා තම වැඩිහිටි ජීවිතය ඇරඹීමේ දී මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනීම මොනයම්ම ක්‍රමයකින් හෝ ලබාගැනීම සඳහා දිරිගැන්වීමක් ලාංකීය තරුණ පරපුරට අත්‍යවශ්‍යයි... ඒ සඳහා කුඩා කල පටන්ම දෙමාපියන්ට ද දායකත්වයක් ලබාදිය හැකියි...

7 comments:

  1. ඒක වැඩිහිටියන්ටත් විශ්‍රාමික පරපුරටත් එකවගේ වැදගත්. ඒ හුඟදෙනෙක් ලඟ මේ දැනීම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නෙ... අඩුම ගණනෙ ඒ දැනීම නැති බව දන්නෙත් නෑ... ඒ හින්දාම ඒක ලබාගන්න ඕනෙ කියල දන්නෙත් නෑ...

      Delete
  2. තරුණ තරුණියන්ට මේ සඳහා පටන්ගැන්මක් ගන්න පුලුවන් තමන්ගෙ විවාහයෙන්ම. ලෝකෙට ණය වෙන්නෙ නැතිව තමුන්ගෙ විවාහය ගැනීමට මානසික තත්වයක් සහ පෞර්ශයක් ඇති කර ගැනීමෙන්.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒක හිතුවා... එහෙම හිතල ඒ විදියට කළත් එක්ක...

      Delete
  3. ලංකාවෙ සාමාන්‍ය අාදායමක් ලබන පුදගලයන්ගෙ ලොකුම හීනය අනෙකාට පේන්න ජීවත් වීම.

    සිංහලෙන් ඕකට කියනව

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල.

    හැබැයි සමාජයත් ඒ පැවතුම් අගය කරනව. ඒ කෙළවෙනකං විතරයි. ඊට පස්සෙ හිනා වෙනව

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... දුක හිතෙනවා...

      Delete
  4. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...