Sunday, August 11, 2024

විනෝදාස්වාදය සොයායාම සහ Entertainment business

Entertainment එහෙම නැත්නම් විනෝදාස්වාදය මිනිස්සු ඉතාම ඈත අතීතයේ ඉඳලා හොයාගෙන ගිය දෙයක්... බොහොම අතීතයේ මිනිස්සු ලාම්පු, පන්දම් පත්තු කරගත්ත තාවකාලිකව පුරන්වුණ කුඹුරක හෝ කමතක හදාගත්ත වේදිකාවක් වටේ වටවෙලා, ගමේම මිනිස්සු එකතුවෙලා සංගීතය, රංගනය ආදී සියල්ල තමා විසින්ම කරගනිමින් පවත්වා ගෙන ගිය නාට්‍ය, නාඩගම්, කෝලම් ආදී රංගකලා එදා මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුවා... අද අපි නොයෙක් ආකාරයේ මති මතාන්තර දැරුවත් එදා යුගයේ පෙරහරක් වුණත් ගම්වල මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුණ අවස්ථාවක්... කොයි කවුරුත් සතුටින් ඒවාට සහභාගි වුණා...

නමුත් එදත් අදත් අතර විනෝදාස්වාදය සැපයීම හා ලබාගැනීම අතර වෙලා තියෙන වෙනස්කම් බොහොමයි... අද වෙනකොට අපි පොදු විනෝදාස්වාදය ලබාදෙන කටයුතුවලට ඒ කියන්නේ... මිනිස්සු එකතුවෙලා නාට්‍යයක් හදලා, ඒක පෙන්වන්න උවමනා කරන සියළු කටයුතුවලට මහන්සි වෙලා ලබන වින්දනය ලබන්න සූදානමක් නෑ... බොහෝ දෙනෙකුට ඊට කාලය ඇත්තෙත් නෑ... ජීවිතේ ඉතා දුෂ්කර වුණත් ගමක ඉපදීම නිසා මේ අත්දැකීම ලබන්න තරම් වාසනාවන්ත වුණ නිසා මම ඒ වගේ කටයුතුවලට සහභාගි වෙලා ලබන්න පුළුවන් වින්දනය ලබන්න වාසනාවන්ත වුණා... ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, චිත්‍රපටවලට අමතර ව ජීවිතේ එකම එක වතාවක් මම හිටිවන කවි මඩුවකුත් බලලා තියේ...

අනෙක් ප්‍රධාන කාරණාව තමයි අද වෙනකොට අපි විනෝදාස්වාදය ලබන්න කරන බොහෝ දේ ඩිජිටල් තිරය මතට ගෙනත්... ටෙලිනාට්‍ය, චිත්‍රපට විතරක් නෙවෙයි කවිමඩුවක් වුණත් දැන් ඒවායේ බලත හැකි...තුන්වෙනි කාරණාව මේ වෙනකොට විනෝදාස්වාදය ලබාගැනීම හා සැපයීම අති විශාල කර්මාන්තයක්... ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වාර්ෂික ආදායම් උපයන ව්‍යාපාර එහි මතුවෙනවා...

ඒත් දුක හිතෙන කරුණ නම් ලෝකය ඒ ව්‍යාපාරය තුළ ඉදිරියට යද්දි ලංකාව ඒ ව්‍යාපාරය තුළ පසුපසට ගමන් කිරීම... ලංකාවේ අද වෙනකොට නිෂ්පාදනය වෙන ටෙලිනාට්‍ය මගේ බුද්ධියට නිගා කරන නිසා කණගාටුවෙන් වුණත් මම ඒවා දැන් බලන්නෙම නෑ...ඒ හින්දාම හදිස්සියෙන් හැදෙන හොඳ දෙයක් වුණත් මගෑරිලාම යනවා...ඒත් ඉතින් විනෝදාස්වාදය සඳහා සුදුසු යමක් බලන්න තියෙන ආශාව නැති නොවුණ නිසා මගේ හිතේ ඇතිවුණ හිස්තැන පුරවන්න ඉංග්‍රීසි වගෙම නැගෙනහිර ආසියානු චිත්‍රපට හා ටෙලිනාට්‍ය බලන්න මම පුරුදු වෙලා...

මුලින්ම ලංකාවෙ හඬ කැවුණ කොරියානු නාට්‍ය දැකීමෙන් හරි, ඉඳලා හිටල Youtube  එකේ මතුවෙන කුඩා කොටස් නිසා හරි තමයි ඒවා මුලින්ම මගේ හිතට ඇතුල්වෙන්න ඇත්තේ...ඒත් දැන්නම් මම නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බලන්න පුරුදු වෙලා... ඒවා හැම එකක්ම හොඳ නැති වුණත් තෝරා බේරා ගෙන බලන්න තරම් ඉතාම හොඳ කලාකෘති බොහොමයක් ඒ අතර තියෙනවා... අනික් වැදගත්ම දේ මම කැමති නෑ ඒවා සිංහලෙන් හඬ කවලා අහන්න... ඒවා ඒ නොතේරෙන භාෂාවෙන් අහන ගමන් උපසිරැසි බලලා තේරුම් ගනිද්දි මට කතා රසය වැඩියි...

විශේෂයෙන්ම Fantasy, Historical වර්ගීකරණ යටතේ එන ටෙලිනාට්‍ය හා චිත්‍රපට බලන්න මම හුඟක්ම ආසයි... 


අනික ඒවා ඉතාම වෙහෙස මහන්සි වෙලා නියම විදියට අවශ්‍ය පසුතල, වේශ නිරුපණය කරලා හදල තියෙනවා...මම හිතන්නේ ඒවා සංස්කරණය කිරීමත් අමාරු කාර්යයක් වෙන්න ඇති... අඩු පිරිවැයකින් නිෂ්පාදනයට තැත් කිරීම ලාංකීය විනෝදාස්වාද කර්මාන්තය බිඳ වැටීමට හේතුවුණ බව මගේ එක් මතයක්... ඒ වරද මේ ටෙලිනාට්‍ය සිදු කරන්නෙ නැති තරම්... 

අනික මාත් ඇතුළුව මම අදහස් විමසපු මගේ බොහෝ මිතුරන් දරන අදහසක් තමයි දැන් වෙනකොට මිනිස්සු කැමති සතුටු හිතෙන අවසානයක් දකින්න... මොකද සැබෑ ජීවිතයෙ තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගෙ ප්‍රශ්නත් කරදරවලින් අවසන් වෙනවා දැකලා හිත රිදවගන්න අපිට ඕනෙ නෑ... නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය මේ ප්‍රවණතාවය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා... අවාසනාවට හොඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට ලෙස ලංකාවෙ වර්ගීකරණය වුණ බොහොමයක් ඒවා දුක්බර අවසානයක් ගෙනාවෙ... නමුත් වර්තමාන ප්‍රේක්ෂකයන් ඊට ආකර්ෂණය වෙනව අඩු බව තේරුම් ගැනීමත් සාර්ථකත්වය සඳහා ඉතා  වැදගත්...

නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය උන්මාදයක් වගේ ලෝකය අරක්ගෙන... Netflix හරහා ලෝකය පුරා බිලියනයට වඩා නැරඹුම් වාර ලබාගත් නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බිහිවෙලා තියෙනවා... චීනය වගේ ලොකු රටක් එක්ක අපිව සංසන්දනය කරන්න බෑ තමයි... ඒත් වඩා හොඳ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බිහි වෙනව නම් අපිටත් අපේ අනන්‍යතාව රැකෙන නිර්මාණ මගින් මේ කර්මාන්තය තුළ සරන අතිවිශාල මුදලින් පොඩිකොටසක් වත් ලබාගන්න තරම් දක්ෂ නිර්මාණකරුවො නැත්තෙම නෑ කියලමයි මට හිතෙන්නේ...


7 comments:

  1. ඔබ කියන දෙය සත්‍යයක්. එම චිත්‍රපට හා ටෙලිනාට්‍ය බලද්දී ඒවා අපේ සිත්ගන්න හේතුවන ප්‍රධාන කරුණක් තමයි ඉතා සූක්ෂමව ගොඩනගා ඇති තිරනාටකය.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉතාම වෙහෙස මහන්සි වෙලා ඉතා අවදානයෙන් කළ නිර්මාණ බව බොහොම වෙලාවට ඒ නිර්මාණ නරඹද්දි දැනෙනවා...

      Delete
  2. අ⁣පි නං රස්සාවම විනෝදාංසය කරගෙන ඉන්නෙ ඔන්න
    ටීවි සීරිස් කියන්නෙ මොනවත 🙈🙈

    ReplyDelete
    Replies
    1. එහෙමත් හොඳයි... stress එක වැඩිකමට මැරෙන්න යන්නෙ නැත්නන්...

      Delete
  3. 2005 ට කලින් ලංකාවේ රූපවාහිනි නාලිකාවල පිටරටින් ගෙනල්ල පෙන්වපු වැඩහටහන් සහ මාලානාටක ඉතා විශාල ප්‍රමානයක් තිබුනා. මේ හැම එකක්ම පවුලේ අයත් එකක් එකට ඉදගෙන නරඹන්න පුලුවන්කම තිබුන .ඊට පස්සේ ලාංකිකයන්ට ඕන උනා බුද්ධ රාජ්‍යක් ගොඩනගන්න.. ඊට පස්සේ කිවුව ඉන්දියන් නාට්‍ය නිසා ලාංකිකය මොටවෙනව සහ ලංකාවෙ කලාකරුවන්ට තැනක් නැතිවෙනවා කියල ඊට පස්ස රාජපක්ශ ගැත්තො වෙලා හිටිය සෝමරත්න දිසානායක සහ ජැක්සන් ඇන්තනි වගේ අය එකතුවෙලා ආයේ පිටරට වැඩසටහන් නොපෙන්වන තැනට වැඩ සැලැස්සුවා. ඊට පස්සේ තමයි දෙවියන්ගේ ිපිහියෙන් අපිට දැන් දෙවෙනි ඉනිම සහ සිදු වගේ ඒවා බලන්න වැඩ සැලැස්සුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඉස්සර හොඳ තත්වයේ ටෙලිනාට්‍ය ගොඩක් අපි TV එකේ බැලුවා... පස්සෙ පස්සෙ ඒවා එන්න එන්න බාල වෙන්න ගත්තා... සිඳු වුණත් පටන් ගත්ත කාලෙ අපි කැමැත්තෙන් බැලුවා... කොටස් 100 ඉක්මවද්දි තමයි ඒක බලන්න එපා වෙන ගාණට ආවෙ...ඊට පස්සෙ ඒවා අපේ බුද්ධියට නිගා කරමින් ඉස්සරහට යන්න ගත්තා...
      දෙවෙනි ඉනිම සහ ඒ හා සමාන තවත් බොහෝ ටෙලිනාට්‍ය අපිව ලාංකීය ටෙලිනාට්‍ය බැලීම නතර කරන තැනටම ගෙනාවා... කණගාටුවට කරුණ ලාංකීය සිනමා හා ටෙලිනාට්‍ය පිළිබඳ ඉතිහාසයේ හොඳ නළුවන් හා අධ්‍යක්ෂවරුන් යයි සම්මත වුණු පිරිසකුත් ඔවුන්ගේ ජීවිත කාලය තුළම ඒ කලාව විනාශ කරන්නත් දායක වීම...

      Delete
  4. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...