Friday, August 23, 2024

Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ මේ කර්මාන්තය අසාර්ථක වීම ද එහි නියැලෙන්නන් වෘත්තිය නොවීම ද එහෙමත් නැත්නම් වෙනත් කරුණක් ද කියල මම ඇත්තටම දන්නෙ නැහැ.

මම දකින පැතිකඩ කිහිපය අතර ප්‍රධානම කරුණ, ලංකාවේ කලාකරුවන් කියල කියාගත් බොහෝ දෙනෙක් මේක කර්මාන්තයක් බව නිවැරදිව තේරුම් ගත්තෙ නෑ... ලංකාවේ ඉතාම ජනප්‍රිය වුණු ගායක ගායිකාවො කිහිපදෙනෙක් වගෙම නළුවොත් අන්තිමට තමන්ගෙ අවසාන කාලය ඉතා අසරණව ගෙවා දමන බව ජනමාධ්‍ය විසින් වාර්තා කළ අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා... ඒත් ඇත්තටම එය මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් නොවීමේ ගැටළුව ඇතිවුණේ කොහොමද? 

අනෙක් පැතිකඩ නළු නිළියන් යයි කියාගන්නා වෘත්තිකයන් හැර, වෘත්තිය ලෙසින් නිවැරදිව වෘත්තිය හැදෑරූ නළු නිළියන අපේ රටේ බිහි නොවන්නේ ඇයි? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළින් බිහිවන උපාධිදාරීන් අතරින් කොටසක්වත් සාර්ථක ලෙස වෘත්තියේ නියැලුණේ නැත්තේ ඇයි?



අද වනවිට එම වසර තුළ රියැලිටි තරු ලෙස බිහිවන්නන් හා අවුරුදු කුමර කුමරියන් එක්වරම මතු වී නළුවන් වී නාට්‍යයක හෝ දෙකක රඟපා එසැණින් අතුරුදන් වන ක්‍රමයක් බිහිවී තියෙනවා... ඔවුන් සමහරෙක්ට රඟපෑම සඳහා කිසිදු හැකියාවක් ඇත්තේ ද නෑ... අනික, ඉතාම කිහිප දෙනෙක් හැර නළු නිළියන් ලෙසින් ඔවුන් සිය රූ සපුව පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන බව ද පෙනෙන්නේ ද නෑ... සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන අපට වඩා වේගයෙන් ඔවුන්ගෙ රූ සපුව පිරිහෙනවා... නාට්‍යයට සම්බන්ධ වී ටික දිනකින් ඉතාම අවලස්සන ලෙස අධිකව තරබාරු වීමට පටන් ගන්නා ඔවුන් සිය තාරුණ්‍යයේ සිටියදීම එතරම් අවලස්සන ලෙස සිරුර සකසා ගන්නේ කොයි ආකාරයේ ජීවන රටාවක් ගත කිරීම නිසා දැයි මට හිතාගන්නවත් බැහැ... 

රූපවාහිනියේ පෙනී සිටීමේ ආශාව මුදුන්පත් කරගන්නා ක්‍රමයක් ලෙසින් නොව වෘත්තියක් ලෙසින් වෘත්තිකයන් ලෙසින් මේ කර්මාන්තය දැකීම අප අද හෙටම ඇරඹිය යුතුයි... එසේ නැතිනම් තව නොබෝ දිනකින් මේ කර්මාන්තය නැත්තටම නැතිවී යාම සිදු වේ යයි අපට සිතිය හැකියි...

අනෙක් අතින් ගීත කලාව ගත්විට ඉතාම හොඳ නිර්මාණ නව පරපුර විසින් බිහි කර තිබෙනවා... ඒ නිසා මේ රට තුළ හොඳ හැකියාවක් ඇති නිර්මාණකරුවන් නැති බැවින් සිදුවන්නකැයි සිතිය නොහැකියි...

6 comments:

  1. කුඩා රටක් ලෙස අපට තිබෙන්නේ එවැනිම කුඩා වෙළඳපොලක්. එය තවත් කුඩා වෙනවා අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා. උදාහරණයක් ලෙස මා ටෙලිනාට්‍ය බැලීම අත්හැරියේ කරුණු දෙකක් නිසා. එකක් අසීමිත වෙළඳ දැන්වීම් අනෙක සතියේ දින පහම එකම ටෙලි නාට්‍යය බැලීමේ අපුල නිසා. මේ නිසා හොඳ යයි කිවහැකි නිර්මාණ ද මග හැරෙනවා වන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ කියන සියල්ලට මම එකඟයි... බොහෝ දෙනා දරන්නේ මෙ මතයමයි... අනික ටෙලිනාට්‍ය බලන අයත් Youtube එකේ බලනවා වෙළඳ දැන්වීම් මගාරින්න...

      Delete
  2. //මේ රට තුළ හොඳ හැකියාවක් ඇති නිර්මාණකරුවන් නැති බැවින් සිදුවන්නකැයි සිතිය නොහැකියි...// අනිවාර්යෙන්. අවස්ථාව නොලැබීම තමයි කරැමෙ!

    ReplyDelete
    Replies
    1. අවස්ථාව නොලැබීම ද? ඒ සඳහා කැප නොවීම ද? විශේෂයෙන්ම ඒ ක්ෂේත්‍රයේ උපාධිදාරීන්?

      Delete
  3. මට කුඩා කාලයේ සිටම මෙගා ටෙලිනාට්‍ය බලන පුරුද්දක් තිබුණේ නෑ. ඉඳහිටක දකින්නට ලැබෙන විප්‍රකාර දකින විට එවන් පුරුද්දක් නැති වීම ගැන ඉතාම සන්තෝස හිතෙනවා. අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය,බොහීමියානුවා ආදි විශිෂ්ඨ ගණයේ ටෙලිනාට්‍ය නම් අතීතය හෝ වර්තමානය යන මිනුම්දඬුවලට නොබස්වා අගය කළ යුතුයි!

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

විශ්ලේෂණයෙන් එපිට - Beyond Analysis

වඳින්නට හැකි නම් - දෙවියන්  දෑත් බැඳ - යදින්නත් හැකි නම් හිරු සඳු ද කඳු  වැසි, සුළං, තුරු  දේවතාවන් වී ... යදින යාදිනි - අසන්නට රිසි නම්  සි...