මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.?
සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්...
මේ කතාමාලාව පර්සියන් රජකුමරෙකුට ඔහු විවාහකරගත් බිරිඳ විසින් එක්දහස් එක් රැයක් තිස්සේ කියල තියනව...
මේ කතාමාලාව හා බැඳෙන්නෙ, පර්සියන් රජකෙනෙක් වෙන Shahryār රජතුමා සහ ඔහුට මේ කතාමාලාව කී ඈ, පසුකාලයක ඔහුගේ රැජින වුණ, Scheherazade රැජින...
සිය සොයුරාගේ බිරිඳත්, තමා බොහෝසෙයින් ආදරය කළ සිය බිරිඳත් දෙදෙනාගේම විශ්වාසඝාතක භාවය නිසා සමස්ත ස්ත්‍රීන් කෙරෙහිම කලකිරුණු මේ රජතුමා සෑම රැයකදීම එක් කන්‍යාවක් බැගින් විවාහ කරගෙන ඇය විශ්වාසඝාතකව තමා නින්දාවට පත්කිරීමට පෙර සෑම උදෑසනකම මරා දැමීමට පුරුදු වුණා... මේ විදියට ගෙවුණු වසර තුනකින් පසු මුළු රාජධානියම දුක් අඳෝනාවලින් වැසී යද්දී දහසක් පමණ යුවතියන් මරණයට පත්වී තිබුණා... අවසන රජුට කන්‍යාවන් සැපයීම සිදුකළ අමාත්‍යයාට ඔහුගේ රූමත් උගත් දියණිය ඊළඟ රැයේ රජතුමාට බිලිදීමට සිදුවුණා...
ප්‍රඥාවන්ත කුමරියක් වූ ඈ, දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවලිය නැවැත්වීමටත් සිය ජීවිතය බේරා ගැනීමටත් අපූරු සැලැස්මක් සකස් කළා...
ඈ තමා ජීවත්වන අවසාන රැයේ තමාට බොහෝසෙයින් ආදරය කරන සිය නැගණිය ද තමා සමග නවත්වා ගැනීමට රජුගේ කැමැත්ත ලබාගත්තා...ඇගේ සැලැස්මේ පරිදි හිමිදිරි යාමයේ ඇහැරුණ නැගණිය ඈට ලස්සන කතාවක් කියන්න ඉල්ලීමක් කළා...රැයේ අවසන් හෝරාවේ සිය නැගණිය සතුටු කිරීමට රජුගේ ද අවසරයෙන් එක් සුන්දර කතාවක් කීමට පටන්ගත්තත්...
උදාවන හිමිදිරියේ කතාව අවසන් වුණේ නෑ...
කතාව අවසන්වනතුරු ඇසීමට ලොල් වූ රජතුමා එදිනට පමණක් ඇයට ජීවත්විමට ඉඩදීමට තීරණය කළා... ඊළඟ රැයේද ඒ කතාව අවසන් කර තවත් අලුත් කතාවක් පටන් ගත් ඈ හිමිදිරියේ එහි අවසන් කොටස ඉතිරි කළා... මේ විදියට ගෙවුණු එක්දහස් එක් රැයක් අවසන ඇගේ කතාත් අවසන් වුණා...
එහෙත් ඒ වනවිට, ඈ කෙරේ පෙමින් බැඳුන, වඩා කරුණාවන්ත හා දුර දක්නා මිනිසකු ද ඇගෙන් ලද පුතුන් තිදෙනෙකුගේ පියෙකු ද වී සිටි රජතුමා ඇය රැජින කරගෙන සිය ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීමට තීරණය කළා...
රාජධානියේ අවාසනාවත් කාලය අවසන්කර, සිය ජීවිතය ද රැකගත් ඈ කී මේ කතාමාලාව අරබි නිසොල්ලාසය ලෙසින් ලෝකයට එක්වුණා...
පුරාණ හා මධ්‍යතන යුගයේ ඉන්දියානු, අරාබි, පර්සියානු හා ඊජිප්තියානු ජනකතාවල ආභාශය මෙහි රැඳෙන බව කියවෙනවා... පුරාණ ලියවිලිවල මේ කතා ගැන ලියවෙන අතරෙම, 1706 දි මුල් වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් මේ කතාමාලාව මුද්‍රණය වෙලා තියෙන්නෙThe arabian nights කියල... Antoine Galland ගෙ පරිවර්තනයක් විදියට...
වියයුතු වූ පරිදිම එකිනෙක ඈඳෙන මේ කතා කතාවක ඇතුලෙ තවත් කතාවක් කියවෙන විදියට තියෙනවලු... පසුකාලීනව තවත් ජනකතාත් මේකට එකතු වෙලා තියනවලු ඒ ඒ ලේඛකයන් අතින්... ලස්සන නිර්මාණ බොහොමයකට පාදක වුණ එක්දහස් එක් රැයේ කතා මාලාවෙ රජතුමාත් රැජිනත් මෙන්න මේ විදියට හිටියලු 2000 නිර්මාණය වුණ මිනිසෙරීස් එකේ...
Mili Avital as Scheherazade and Dougray Scott as Shahryar, in the ABC/BBC Miniseries Arabian Nights (2000).
සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්...
Illustration by H.J. Ford (1898)

මම මේක සිංහල පරිවර්ථනයක් විදියට කියවලා තියෙනවා චේජනා.., ඒත් සංක්ෂිප්ත පරිවර්ථනයක්.., ඕලෙවල් කාලේ පොත් ගැන තිබ්බ උඹට කියෙව්වා මිසක්කා.., ඒතරම් බරසාර සිංහල තිබ්බ පොතක් මම මීට කලින් කියවා නැති තරම්..! මේ පොත ආශ්‍රයෙන් mini series එකක් තියෙනවා කියලා දන්නේ අද.., ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඕනේ..!
ReplyDeleteස්තූති වේවා..! :)
මේක ඉංග්‍රීසියෙන් කියවන්න නම් තියනව ගොඩක් තැන්වල...
ReplyDeletehttp://www.gutenberg.org/files/19860/19860-h/19860-h.htm#THE_ARABIAN_NIGHTS
http://www.sacred-texts.com/neu/lang1k1/tale10.htm
තැන්කූ වේවා..
ReplyDeleteතැනින් තැන කතා කියවා ඇතත් සේරම එක තැනක් කියවා නැත . අරාබි නිසොල්ලාස ය වගේ දිග නිසාය. ඇලඩින් තමයි හොඳටම දන්නේ. කාටුන් එකක් වී ගෙදර හොල්මන් කරන නිසා.
ReplyDeleteමමත් ගොඩක් කාලෙකට කලින් සමහර කතා කියවල තියනවා . ඒ වුනාට ඔක්කොම කියවලා නෑ.
ReplyDeleteමතකය අලුත් කරාට ස්තුතියි !
露 from 東京大学
මමත් ඇලඩීන් ඇරුනාම අනිත්වා නම් කියවලා නෑ.
ReplyDeleteඔයා ලියලා තියෙනවා...මේ ගැන රස කරලා.
ඇත්තමයි ...මටත් ආසයි සීරිස් එකම කියවන්න.
ලින්ක් එක වගේම හැම දෙයක් ගැනම දැනුවත් කලාට තෑන්ක්ස්..චේජනා.
මමත් චූටි කාලේ කියෝලා තියෙනවා.
ReplyDeleteමේ කතා එකතැනක කියවන්න හොයාගන්නත් අමාරුයි, පොඩි කාලෙ අපි කියවපු සමහර කතා, ඇලඩින්ගෙ පුදුම පහන, අලිබබා සහ හොරු හතළිහ එහෙම අරාබි නිසොල්ලාසෙ තමයි...
ReplyDeleteමම ටිකක් හොයාගෙන කියවනව මේ දවස්වල...ඉඩ තියන විදියට, ආසාවට...
ඇලඩින්ගෙ පුදුම පහන, අලිබබා සහ හොරු හතළිහ විතරයි මමත් දන්නෙ.
ReplyDeleteමේ ඇත්තම රජ කෙනෙක්ට බිසවක් කිව්ව කතාවක්ද නැත්තං ඒ කතාවත් ගොතපු එකක්ද චේජනා?
කතා කීපයක් එහෙන් මෙහෙන් කියවලා තිබ්බට සේරමනම් කියවලා නැහැ. පොඩි කාලෙ මොකක්ද පත්තරේක අරාබි නිසොල්ලාස කතා පළ වුණා මතකයි.
ReplyDeleteඒ වුණාට මටනං අර රජා එක්ක ඌරු ජුවල් යනවා. කාටවත් බැරි වූණාද ඌට වැඩක් දෙන්ඩ?
හොඳ ලිපියක් චේජනා..මාත් අර කිව්වා වගේ කතා කිහිපයක් කියවලා තියෙනවා..මට මතක විදියට හිතෝපදේශයත් ඔය වගේමයි..එකකින් එකකට යනවා ඉවරයක් නැහැ..ඒත් ඒකේ අවසාන බලාපොරොත්තුව මැට්ටෙක් වගේ හිටිය කුමාරයෙක්ව දක්ෂ රාජ්‍ය පාලකයෙක් දක්වා රැගෙන යාමයි..සියළුම කතා සතුන්ගේ උපමා හරහා ගොඩ නගන්නේ..මේකත් ඒ වගේ තමා...
ReplyDeleteබුද්ධි, පර්සියානු හා අරාබි ලක්ෂණ පෙන්නුම් කළත් අරාබි නිසොල්ලාසෙ මේ රජතුමාගෙයි බිසවගෙයි කතාවත් ඇත්තම කතාවත් කියන්න සාධක නම් නෑ... මේ බොහොමයක් කතා අරාබි, ඉන්දියන් ජනකතාවල ලක්ෂණත් පෙන්නනවලු... අනික මේ කතා බොහොම කාලයක් කටින් කට ආපු ඒව...
ReplyDeleteචන්දිමා, ඔයා ඔච්චර තරහ ගන්න එපා... අපිට හිටියත් වැඩක් දෙන්න තියා ඔය රජවරු අහලකින්වත් යන්න ලැබෙන්නෙ නෑ..
ReplyDeleteමාරයාගේ හෝරාව
ReplyDeleteඅය්යෙ, පංචතන්ත්‍රය ගැන නේද ඔය කියන්නෙ..(හැබයි හිතෝපදේශය කියන්නෙ ඒකටමද කියල මම දන්නෙ නෑ)
නංගි හරි වෙන්න ඕන..මටත් ඔය ගැන හරියටම මතකයක් නැහැ..ඒත් මීට අවුරුදු දහයකට විතර කලින් ඔය දෙකින් එකක් කියවන්න මට ලැබුනා..යනිත්ම හීනයක් වගේ මතකයක් විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ..
ReplyDeleteමට ලාවට වගේ මතක හැටියට ඔය දෙකේ මොනවා හරි නෑදෑ කමක් තියෙනවා... එක්කෝ පංචතන්ත්‍රයේ එක කොටසක් හිතෝප දේශය කියන්නේ..එහෙමත් නැත්තං පංචතන්ත්‍රයට කල අටුවාවක් වෙන්න ඕන..එහෙමත් නැත්තං පංච තන්ත්‍රයට සමකාලීනව කරපු තවත් එකක් හිතෝප දේශය..මොනවා උනත් පංච තන්ත්‍රය 1 නම් හිතෝප දේශය 2 කියන මතකය නම් යන්තං හිතේ තියේ...
මම පංච තන්ත්‍රය නම් කියවල තියනව...හිතෝපදේශය ගැන අහල තියනව විතරයි,ඒ නිසා හිතෝපදේශය ගැන මුකුත් කියන්න අදහසක් නෑ...
ReplyDeleteඒත් පොඩ්ඩක් විස්තර බැලුවම හිතෙන්නෙ
"පංච තන්ත්‍රයට සමකාලීනව කරපු තවත් එකක් හිතෝප දේශය.."
ඔයාගෙ ඔය අදහස හරි කියල... දෙකම සමකාලීන වගේ සංස්කෘත පොත්
ඔන්න වැඩේ හැටි, මම මාසෙකට විතර කලින් " The Arabian Nights " ඉංග්‍රීසි පොත ගත්තා සියලුම කතා තියෙන. එක දිගටම කියවන්ඩ නම් හිතෙන්නෙ නෑ හැබැයි. කතා හතර පහයි තාම කියෙව්වෙ. එව්වයෙත් කතාවක් ඇතුලෙ තව කතා කීපයක් තියනව. එක කතාවක චරිතයක් තව කතාවක් පටන් ගන්නව. ඒ කතාවෙ චරිතයක් ඔන්න තව කතාවක් කියනව. ඔන්න ඔය වගෙ.
ReplyDeleteරවි අය්යෙ,මම මේක ලියන්න ගත්තෙ කතා ටික කියවන්න ගත්ත අතරෙම තමයි...
ReplyDeleteමමත් ටිකක් කියෙව්ව... ඒක දිගටම කියවන්න බෑ තමයි..ඔළුව අවුල් වෙලා අපිත් නිකන් අර යක්කු භූතයො ඉන්න කතාවල ලෝකෙම කොටසක් වෙන්න යනව කතා කීපයක් කියවල නවත්තල ආයෙ කියවන්න ගත්තෙ නැති වුණොත්.. :)
අරාබි නිසොල්ලාසය ගැන නොදන්න විස්තර දැන ගත්තා මේ පොස්ට් එකෙන්. බොහෝම ස්තුතියි නංගී. මේ කතා ගැන මගේ එතරම් ප්‍රියක් නැති නිසා කියවන්න උනන්දුවක් නෑ.
ReplyDeleteපැරැණි කාළයේ පර්සියාව හා ඉන්දිය උපමහාද්වීපය (නූතන දකුණු ආසියාවේ සිට ඉරානය දක්වා විහිදෙන) බොහෝ සමීපව තිබූ බව පැරැණි ග්‍රන්ථ හා කතා වලින් පෙනෙන්නේ. අද ඉන්දියාව උරුමකම් කීවත් අරාබිකරය, තුර්කිය පර්සියාව හරහා පැතිරීම පැරැණි වෙද ක්‍රම ඊට හොඳම උදාහරණයක්.
එදා කොහොම වෙතත් අද අරාබියේ ඇති තරඟයේ මෝස්තරය නිසා තවත් වසර 100කින් කියවන්න මොනවා ලියවේද කියන්න බැහැ.
සේද මාවත හරහා බැඳුනු සංස්කෘතික බැමිත් දැන් ටිකෙන් ටික බිඳෙන්න ද යන්නෙ..?
ReplyDeleteනංගියේ ගොඩක් නොදන්නා විස්තරයක් දැනගත්තා. ස්තූතියි ඔයාට. මගේ අම්මල ලඟ තියෙනවා ලස්සන කණ්නාඩියක කරපු මේ පිතූරයක්. මම ඒක බලලා හැමදාම හිතුවේ බොහොම ආදරෙන් හිටිය ජෝඩුවක් කියල. නමුත් දැන් නේ කථාව දන්නේ. ඒක හරිම ශෘන්ගාරාත්මක ප්‍රේමණීය හැගීමක් දෙන පින්තූරයක්. මට හිතුනෙම නෑ මෙහෙම රජෙක් කියලා මේකෙ ඉන්නේ.
ReplyDeleteඒ දෙන්නා ආදරෙන් ඉන්න ගත්තට පස්සෙ ගත්තු ෆොටෝ එකක් වෙන්න ඇති ඒක..:)
ReplyDeleteඇත්තටම ඔහු බොහොම ආදරණීය කෙනෙක් වෙලා ඉන්දෙදි රජබිසව ඔහුව වංචාකළ නිසා තමයි ඒ රජතුමා එහෙම වුණා කියල කියන්නෙ.., අනවශ්‍ය තරම් බලය මිනිස්සු අතේ තියනකොට එහෙම තමයි...
Open Sesame...!!!!
ReplyDeleteඇති යන්තං ඔහොමවත් ඉන්නව..!
ReplyDeleteසින්බෑඩ් කියන්නෙත් අරාබි නිසොල්ලාසයේ එන කතාවක් නේද?
ReplyDeleteඔව් මල්ලි, සින්බෑඩ් ගෙ චාරිකාත් අරාබි නිසොල්ලාසෙ තියනව.
ReplyDeleteමේ වෙබ් සයිට් එකේ හරි අපූරුවට කතා පල වෙනවා.හරිම ලස්සනයි. දිගු ඉදිරි ගමනයක මගෙන් සුබ පැතුම්. තෙරුවන් සරණයි !!!
ReplyDelete