පෙම් සබඳතා බිඳී ගිහින්, දෙදෙනා දෙපසට ගියත් පෙම නොමියෙයි... පෙම්වතුන් ද නොමියේ... ඔවුන් තවත් කෙනෙක් හා පෙමින් බැඳී නව දිවි අරඹයි... කාලයේ වැලිතලාවේ සැඟව ගිය පෙම තනිවුණ සංසුන් නිමේෂයක මිහිරි සුවඳක්ව සිත තුළ සුවඳ දේ...
අහන්න සින්දුව...
අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ
අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ
පද රචනය – රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
ගීතය මම දැක්කෙ සිළුමිණ රසඳුනේ තිබිල... දැක්ක ගමන්ම මගේ හිතගත්ත නිසා මේ එක්කිරීම...
අහන්න සින්දුව...
ලස්සන එකක්... ස්තූතියි.
ReplyDeleteස්තූති ඔබට.
ReplyDeleteමා ගොඩාක් ආස කරන සින්දුවක්.
තේරුම හරිම ලස්සනයි.
තමන්ගේ පරණ පෙම්වතීගේ දුක සැප සොයන්න
ඇයව මොහොතකට හෝ මතක් කරන්න තරම්
කාරුණික පෙම්වතුන් දැන් අඩුයි.
Gimhani
නංගියේ ඉතාම ලස්සන පදපෙළක්. මමත් මෙය කියෙව්වා වාගෙම ගීතයත් ඇසුවා. ඒ වාගෙම බොහොම හදවතට සමීප නිසා ගොඩාක් ආසාකරනවා මේ ගීතයට. ස්තූතියි! ආයෙත් මතකයට ගෙනාවට.
ReplyDeleteමම නිතර අහන සින්දුවක්...ස්තූතියි චේජනා
ReplyDeleteඇත්ත ඇති සැටියෙන් දැක්ම හුරු පුරුදු නැති අයට මෙහෙම අයත් ඉන්න බව මතක් කරන සිංදුවක්!!! නඟෝ ඔබට බොහොම ස්තූතියි.
ReplyDeleteතව ටිකක් පැහැදිලි කරන්නකෝ , ඔබ ඇත්ත ඇති සැටියෙන් දැකීම් කියල අදහස් කලේ මොකක්ද
DeleteI think think this song can be related with my post.
ReplyDeletehttp://nelumwila.blogspot.com/2011/05/blog-post_10.html
"දැක්ක ගමන් සිත බැඳුනා...
ReplyDeleteවාසනාවේ දොර ඇරුනා..."
ලැබීම නොලැබීම වුනත් හිතක ලෙන්ගතුකම... ලස්සන අදහසක්
ReplyDeleteබොහෝම ස්තුතියි නංගී පොස්ට් කරාට
මම අද තමයි මුලින්ම මේ සිංදුව ඇහුවේ...චේජනා.
ReplyDeleteහරිම ලස්සන තනුවකට ගැයෙන ගීතයක්.
ස්තූතියි...අපිත් එක්ක ඒ මිහිර බෙදා ගත්තට.
ලස්සන සින්දුවක් !.
ReplyDeleteබොහෝම ස්තුතියි, අනිත් අයත් එක්ක බෙදා ගත්තට ....
-露
you tube එකට අලුත් සින්දුවක්. මන් මුණු පොතිනුත් බෙදා ගත්තා. හරිම සොඳුරු ගීයක් . ස්තුතියි චේජනා
ReplyDeleteොදි
ReplyDelete