Tuesday, June 21, 2011

සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී...

පෙම් සබඳතා බිඳී ගිහින්, දෙදෙනා දෙපසට ගියත් පෙම නොමියෙයි... පෙම්වතුන් ද නොමියේ... ඔවුන් තවත් කෙනෙක් හා පෙමින් බැඳී නව දිවි අරඹයි... කාලයේ වැලිතලාවේ සැඟව ගිය පෙම  තනිවුණ සංසුන් නිමේෂයක මිහිරි සුවඳක්ව සිත තුළ සුවඳ දේ...

අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ

අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

පද රචනය රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය කරුණාරත්න දිවුල්ගනේ

ගීතය මම දැක්කෙ සිළුමිණ රසඳුනේ තිබිල... දැක්ක ගමන්ම මගේ හිතගත්ත නිසා මේ එක්කිරීම...

අහන්න සින්දුව...



13 comments:

  1. ලස්සන එකක්... ස්තූතියි.

    ReplyDelete
  2. ස්තූති ඔබට.
    මා ගොඩාක් ආස කරන සින්දුවක්.
    තේරුම හරිම ලස්සනයි.
    තමන්ගේ පරණ පෙම්වතීගේ දුක සැප සොයන්න
    ඇයව මොහොතකට හෝ මතක් කරන්න තරම්
    කාරුණික පෙම්වතුන් දැන් අඩුයි.
    Gimhani

    ReplyDelete
  3. නංගියේ ඉතාම ලස්සන පදපෙළක්. මමත් මෙය කියෙව්වා වාගෙම ගීතයත් ඇසුවා. ඒ වාගෙම බොහොම හදවතට සමීප නිසා ගොඩාක් ආසාකරනවා මේ ගීතයට. ස්තූතියි! ආයෙත් මතකයට ගෙනාවට.

    ReplyDelete
  4. මම නිතර අහන සින්දුවක්...ස්තූතියි චේජනා

    ReplyDelete
  5. ඇත්ත ඇති සැටියෙන් දැක්ම හුරු පුරුදු නැති අයට මෙහෙම අයත් ඉන්න බව මතක් කරන සිංදුවක්!!! න‍ඟෝ ඔබට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පැහැදිලි කරන්නකෝ , ඔබ ඇත්ත ඇති සැටියෙන් දැකීම් කියල අදහස් කලේ මොකක්ද

      Delete
  6. I think think this song can be related with my post.

    http://nelumwila.blogspot.com/2011/05/blog-post_10.html

    ReplyDelete
  7. "දැක්ක ගමන් සිත බැඳුනා...
    වාසනාවේ දොර ඇරුනා..."

    ReplyDelete
  8. ලැබීම නොලැබීම වුනත් හිතක ලෙන්ගතුකම... ලස්සන අදහසක්

    බොහෝම ස්තුතියි නංගී පොස්ට් කරාට

    ReplyDelete
  9. මම අද තමයි මුලින්ම මේ සිංදුව ඇහුවේ...චේජනා.
    හරිම ලස්සන තනුවකට ගැයෙන ගීතයක්.

    ස්තූතියි...අපිත් එක්ක ඒ මිහිර බෙදා ගත්තට.

    ReplyDelete
  10. ලස්සන සින්දුවක් !.
    බොහෝම ස්තුතියි, අනිත් අයත් එක්ක බෙදා ගත්තට ....
    -露

    ReplyDelete
  11. you tube එකට අලුත් සින්දුවක්. මන් මුණු පොතිනුත් බෙදා ගත්තා. හරිම සොඳුරු ගීයක් . ස්තුතියි චේජනා

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...