......... කොහෙද ඉන්නෙ.. ?
ගෙදර ඉන්නෙ, ඇයි ඒ ?
උඹ ඉන්නෙ ඉඳගෙනද , හිටගෙනද?
පොඩි ප්රශ්නයක්.. මේක කිව්වාම උඹ ඇදගෙන වැටෙයිද දන්නෑ නෙ, ඒකයි
මොකද්ද දැන් ඔය මම ඇදගෙන වැටෙන ප්රශ්නෙ
ඉඳගෙන නෙ ඉන්නෙ? ෂුවර් නෙ
ඔව් බොල
හොඳා, උඹ නැන්ද කෙනෙක් වෙන්ඩ යන්නෙ :)
ඔව් බොල
හොඳා, උඹ නැන්ද කෙනෙක් වෙන්ඩ යන්නෙ :)
ආ :-o
.......................................................
ඒක නෙවෙ
..........යි බබයි කොහොමද ?
එළ, බබා දැං දෙනවා පාරවල්
ආ, එයාට දැන් මාස කීයක්ද ?5
නෑ
7
නෑ
6
.......................................................දුවෙක් ද පුතෙක් ද .... ?
ඇයි මම කිව්වෙ නැද්ද ?
නෑ නේ, ඒක නෙ අහන්නෙ.. ?කවුරු වෙන්න ඇති කියල ද උඹට හිතෙන්නෙ...?
දුවෙක් වෙන්න ඇතියි...දුවෙක්,
:)
.......................................................
බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලි ලොලී
ම්ම්...ම්ම්...ම්ම්
දෙව් දූවරු සහසක් ළංවී- නළවයි මගෙ දූ මල් කැකුලී
පායා සුව දි සඳ කොමළී- සැනහෙයි දූ සිහිනෙක ගුලිවී
නාඬා ඇහැරී සිනාසෙන්න නිදි දෙව් සිහිනෙට සමුදී
දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...
සිනහව අමතක වුණ ලෝකේ දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ
දූගෙ සිනාවෙන් මැවෙනා පාරාදීසේ සිනාසිසී ජීවත් වෙන්නයි...
හඬ ගිලිහී ගොලු වුන ලෝකේ දූ අමතනතුරු බලා හිඳින්නේ
දූගේ වදනින් මැවෙනා පාරාදීසේ සොඳුරු හඬින් දූ අමතන්නයි
මේ සටහන යෝගිගෙ අලුත උපන් ආදරණීය දූ පැටිය වෙනුවෙන්...
----------
2011.FEB.20