Monday, January 24, 2011

.............. ?



වෙණ තත් ඉකිබිඳී...
සප්ත ස්වරය ගොළු වී
සඳ දෙවඟනක කඳුලින්
කම්පිත වීය රාත්‍රී...

6 comments:

  1. වෙණ තත බිඳින්න
    ස්වර නගන්න වරම් දෙන්න
    සඳ කුමරිට සිනාසෙන්න
    සරස්වතියේ පිහිට වෙන්න

    ReplyDelete
  2. නිසල විය යුතුයි රාත්‍රී
    සඳ දෙව්දූ මදහසින්
    යන්න ඉඩ දී කඳුලට
    පිරිමඳිනු වෙන තත් . . . !

    ReplyDelete
  3. "මගේ සිත මට දෙන්නකෝ..."
    "ඔබේ සිත අරගන්න අවසරයි..."
    --- වික්ටර් / නිරංජලා ---

    ReplyDelete
  4. වෙණ තතට ඉඩදී...
    ඇයි ද සප්තස්වර ගොළු වුණේ ???

    ReplyDelete
  5. බිඳුනු වෙණ තතක්
    සප්තස්වර හඬවනු කෙළෙස
    අප්‍රමාණ නිහඬතාවය බිඳින
    සිහින් ඉකිබිඳුම් හැරෙන්නට..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Addiction

දෑඟිලි අතරේ  යෞවනයයි දැවුණේ... තොල්පෙති අතරින් ජීවිතයයි මිදුණේ...