Wednesday, May 5, 2010

සීගිරි කසුප් වැලපෙයි සීගිරිය තැනූ..




සීගිරි බමරු පලවා හල
මනුසත්තු...
සිගිරි ගලේ ගල මුදුනේ
දසුන් පැතු...
ඒ මුලු ලොවම වැනසී යන
ලකුණු දුටූ...
සීගිරි කසුප් වැලපෙයි
සීගිරිය තැනූ...




Source news: http://www.lankadeepa.lk/2010/05/04/front_news/09.htm


ලංකාදීප Online edition එකේ කියවෙන විදියට කෘමි විශේෂයක් සිගිරි චිත්‍රවලට හානි පමුණුවල...උන් පලවා හරින්න අපේ බලධාරීන් කුමක් කරන්නට සිතා වී දැයි නම් මා දන්නේ නෑ..(වතාවක් සීගිරි බමරුන් ගිනිතබා විනාශ කළා...මෙන්..)

එහෙත් සීගිරිය ඓතිහාසික වටිනාකමක් දරන නමුත්, තවමත් ජීවත්වන ජෛව පද්ධතියක් ද එහි පවතින බව අමතක කළ අපේම වරදක ප්‍රතිපලය ලෙසයි මට මෙය පෙනෙන්නෙ...මෙය බමරු සහ අනික් කෘමි විශේෂ එක්ව ජීවත් වූ සමතුලිත ජෛව පද්ධතියක එක් විශේෂයක් නිර්දය ලෙස හා මුග්ධ ලෙස විනාශ කිරිමේ අතුරු ප්‍රතිපලයක් දෝයි මට සැක සිතෙනව...

සීගිරි කසුප් නම් අපට සාප කරාවිද වැලපේවිදැයි මා දන්නෙ නෑ..මේ අසහාය නිර්මාණය උදෙසා වෙහෙසුනෙ ඔහු හා බැඳුනු මිනිස් කැලක් නිසාවෙන්..


Photo:http://www.apemalanka.info/images/Sigiriya.JPG

29 comments:

  1. අද දවස ආරම්භ වෙන්නේ ඔයගේ නිර්මාණයත් එක්ක..
    හිතට දැනෙන පද පෙළක්...

    ReplyDelete
  2. ස්තුතියි අය්යෙ...
    සුබ දවසක් වේවා.. මේ සමගින් දිනය අරඹන ඔබට..

    ReplyDelete
  3. අයියෝ. හරිම අපරාධයක්නෙ.

    හිතට දැනුනා අක්කගේ පදපෙළ.

    ReplyDelete
  4. මෙය ඉතා ඛේදනීය තත්වයක්. ඔබ සඳහන් කල පරිදි අනුවන ලෙස බඹරු පලවා හැරීමේ පලවිපාකයක් වෙන්න බැරිද? උන් පලවා හැරියේ බලන්න එන අය සුරකින්න නම්, බලන්න අය ආ දේ සුරැකෙන්නේ නැති තැනට එන බව අනතුරු හැඟවීමක් නොවේද මෙය.

    අගනා ඉදිරිපත් කිරීමක් නංගී.

    (තෙවන පද පේලියේ "සිගිරි ගලේ ගල මුදුනේ " ගල නැවත යෙදිලා නේද, ඒ වෙනුවට සීගිරියේ ගල මුදුනේ හෝ සීගිරි ගල මුදුනේ ලෙස යෙදුනොත්...)

    ReplyDelete
  5. කස්සප රජු හිටියානං කරන්නෙත් ඉතින් ඕකම තමයි...
    ඕවා නිතරම මිනිස්සු ගැවසෙන තැන් වුනානම් වද බඳින්නේ නෑනේ ඒ සත්තු...
    දැන් ඉතින් මිනිස්සු යන එනවා නම් සුද්ද කරන්න වෙනවාමයි...
    ‍රැවුලයි කැඳයි දෙකම බැරියෝ...
    අවුරුද්දකට සැරයක්, අවුරුදු දහයකට සැරයක්, සීගීරි යන අය මී මැස්සන් ගැන ලතැවෙනවෝ..

    ReplyDelete
  6. ඔව් ඉතිං දැන් අර කෞතුකාගාරයක් කියලා එකක් හදාගෙනත් කරේ ලේසි පාසු විනාශයක් නෙවේනෙ..
    මම මේ මම ලියපු දේ post නොකර ඉන්නේ මගේ තරහා අඩු වෙන කම්..

    'බිතු සිතුවම් රූ ඇගිලි තුඩින් අතගා
    සමුගෙන යමි මම නො එන්න යලි කිසිදා'
    මේ මම ලියලා තියන එකේ පද දෙකක්

    ස්තුතියි!!! චේජනා මේ ගැන කථා කරපු ඒකට නම්..මොකද සීගිරිය උද්‍යනය කියන්නේ මේ ලෝකේ ප්ලෑන් එකක් ඇදලා හදපු දැනට හොයාගෙන තියන පරණම නිර්මාණය..මම දන්න තරමින්..මේක ලෝක උරුමය ඉතින් විනාශ වෙලා යන්නේ ඒ වගේ වටිනාකමක් ඇති අපේම දෙයක්. :-(

    ReplyDelete
  7. හොද නිර්මානයක් චේජනා සිස්

    ReplyDelete
  8. සීගිරි ගලේ ගල මුදුනේ කියන එක නරක යෙදීමක් නොවෙයි කියන එක තමයි මගේ හැඟීම.

    ReplyDelete
  9. මෙව්වා ලෝක උරුම නෙමෙයි... අපේ රටේ මිනිස්සු හදපු අපේ උරුම...!!!

    ReplyDelete
  10. රේවන් මල්ලි,
    සීගිරි සිතුවම් විනාශ වෙන එක අපරාධයක්..
    ඔක්කොටම වඩා කනගා‍ටු ඒකට ඒ සංස්කෘතියේ වර්තමාන හිමිකරුවන් වන අපි ඒගකියන්න ඕනේ ද කියල හිතෙද්දි..

    ගල්මල් අය්යෙ,
    බමර වද ගිනිතියල විනාශ කළා කියල අහද්දිත් මට නිකමට වගේ හිතුන මේ ජෛව පද්ධතියෙ බමරුන්ට කාර්යභාරයක් ඇති කියල..
    අපිට කිසිම වැඩක් නෑ කියල දැනුනට..
    ඔය සත්තුත් ගොඩක් වෙලාවට මරල දායි.. ආයෙ ඒ ජෛව පද්ධතිය අසමතුලිත කරල..
    (ගල කියන වචනෙ දෙපාරක් යෙදුන එක නම් ඇත්ත.. ඒත් මගේ හිතේ ‍රැඳුන rhyme එක එන්නෙ නෑ ඒ වචනෙ නැතිව..)

    ReplyDelete
  11. @Thissa ayiya
    ඔන්න ඉතින් අයියා එනවා රණ්ඩුවට මේ ඉන්න අයිති කාරයා නෙවේ මම හොඳඳ ..??ඔය කිව්ව කියලා හිත නරක් කරගන්න.
    හපොයි ඔව් අපේ දේවල් කියලා රැකගන්න අපූරුව අපිටත් පේනවනේ..අදාල අය

    ReplyDelete
  12. අය්යෙ,
    කස්සප රජ්ජුරුවො ඔච්චර මෝඩ වැඩක් කරයි කියල මම හිතන්නෙ නෑ..
    මිනිස්සු යන එනව නම් සුද්ද කරන්න වෙනව තමයි..ඒත් ඉතින් ඔය වගේ මුළු ජීව පද්ධතියක්ම විනාශ කරල නෙවෙයි..


    අක්කෙ,
    ඔයා ලියපු දේ හරි ලස්සනට ලියවිලා වගෙ පේන්නෙ.. කස්සප රජුගෙ view එකෙන්..
    මම බලාගෙන ඉන්නව කියවන්න..
    අනික ඉතින් ඔයා ලිව්ව ම අය්ය නම් ආස වෙයි නෙ..එතකොට මොකද බලමුකො කියන්නෙ..

    ReplyDelete
  13. ස්තුතියි දිල්..

    ගීතික, ඔයාටත් ස්තුතියි,මගේ හිතේ තියෙන rhyme එක ආවෙ ඒ වචනෙන්..

    ReplyDelete
  14. චේජනා අක්කේ....
    ලස්සන්යි ඔයාගේ කවිය.ඔන්න මාත් ආවා බලන්න..

    ReplyDelete
  15. ස්තුතියි නංගි, ඔයා ඉතින් හැමදාම එනව නෙ..

    ReplyDelete
  16. කවියනං ලස්සනයි චේජනා.
    දැං අපි බෝතලයක් අරං ගිහිල්ලා එකා එකා අල්ලගෙන එමුද ඔය සත්තු .. මොකද කියන්නේ.
    මං දවස් දෙකක් නිවාඩු දාල එන්නං..

    නිමන්ති අක්කත් එයි ඔය වැඩේට නං..

    ReplyDelete
  17. ඔබ හරි නංගී, මම repeat එක ගැන විතරයි නේ බලලා තියෙන්නේ. ඔව් rhyme එක වැදගත්. Sorry.

    ReplyDelete
  18. @යෝගී... මල්ලියේ, ඒ කියන සත්තු අල්ලන්න නම් පුංචි හිස් කුප්පි ඇති වේවි. ලොකු බෝතල් වලින් බඹරු තව කුලප්පු වේවිද මන්දා.

    ReplyDelete
  19. හා හා...!
    අයියේ , චේජනා කැමතී ටින් බෙලෙක්ක වලිං වැඩේ ගොඩදාන්ඩ.
    තිෂ්ෂ අයියා කියනවා බීමක් දීලා මුංව මත්කරලා අල්ලමු කියලා.
    බලමු මොකද කරන්ඩ පුළුවං කියලා..

    ReplyDelete
  20. නිමන්ති අක්කෙ, ' අනේ කාලේ වනේ වාසෙ' කියල මේකෙ අයිතිකාරයත් දැන් මේකට එන අයගෙ හැටියට වෙනස් වෙන්න පටන් අරන්..

    යෝගි, පටන් ගන්න ටින් බෙලෙක්ක එකතු කරන්න.. සති අන්තෙ යං අල්ලගෙන එන්න මුං ව..

    ගල්මල් අය්යෙ,
    කමක් නෑ.. ඒකට
    මට වෙන වචනයක් මතක් වෙන්නෙ නෑ..
    ඒ හින්දයි ඒකම තිබ්බෙ...
    (ඒත් ඉතින් ඔයා ඒක දකින්න තරම් අවදානෙන් බැලුව එකට මට සතු‍ටුයි..
    මුංව අල්ලන්න යන්න හැටියි.. සීගිරි කාශ්‍යප රජතුමා හිටියනන් කරන දේවලුයි හිතන්නෙ නැතිව..)

    ReplyDelete
  21. සීගිරිය තවත් එක් පරිවතයක් පමණි
    මම කීවේ සමහර මිනිස්සු හිතන විදිහ.
    පුලුවන් නම් ඒකත් විකුණාවි ගල් වලට

    ReplyDelete
  22. ඒක නම් හරි තමයි අක්කෙ,
    ඕක මෙතෙක් කල් තියෙන එකත් ලොකු දෙයක්

    ReplyDelete
  23. @යෝගී...: තවම රටඉඳි ගස්වල ගැට, පැහිලා ඉදෙන්න තව කල් තියෙනවා.

    මොකද ස-යන්න ෂ'ය වී ගෙන යන්නේ

    ReplyDelete
  24. ආ.. අයියේ මේ පොඩි පුරෂ්නයක් ඒ..
    දන්නැද්ද රටඉඳි බීමක් බිව්වාම කතාකරන බාසාව නේ..

    ReplyDelete
  25. @චේජනා
    බොහෝම හොඳයි ළමයා එහෙම තමා ඉන්න ඕනේ. මට කලු ගල් හොයන්න ඉඩ තියන්න එපා මෙහෙන්

    ReplyDelete
  26. කොහොම හරි වෙනස් වෙන්නම්කො අක්කෙ,
    ඉන්න එක ම අක්කට කළුගල් හොයන්න තියන්නෙ නැතිව...

    ReplyDelete
  27. මේ ගැන අදයි දැක්කේ ප්‍රවෘත්ති වලින්.... කුඹල්ලු විශේෂයක්ලු නේද අක්කේ.... සීගිරියේ චිත්‍ර ඇඳලා තියෙන මැටි බදාමයට හානි කරනවලු...... අක්කා හැමදාමත් ඕනෙම දෙයක් දිහා සංවේදීව බලලා අපූරුවට පද පෙලකට කැටි කරනවා.......

    ReplyDelete
  28. ඉස් ඉස්සෙල්ලම මේ පැත්තට එන්න පරක්කු උනාට සමා වෙන්න ඕනේ.

    මෙහෙමයි චේජනා... ඔය තත්ත්වය දිහා පැති කීපයකින් අපිට බලන්න වෙනවා. ඒකක් සීගිරිය කියන අපේ උරුමය (තිස්ස අයියගේ වචන) පැත්තෙන්. ඔව් ! කිසිම වාදයක් නැහැ. අපි එය රැක ගත යුතුයි. අපි වගේම අපේ දරුවන්ටත් "මේ බලහල්ලා අපේ දෙයක්..." කියලා ලෝකෙට පෙන්නන්න ඒ ස්ථානය තියෙන්න ඕනේ.එයට සුලුයම් අයුරිකින් හරි හානියක් වෙලානම් ඒක අපි අපිටම කර ගන්න ජාතික අපරධයක්.

    තව පැත්තක් තමයි.. සීගිරිය කියන සංචාරක කලාපය මූලාශ්‍ර කරගෙන බඩ වියත රැක ගන්න ව්‍යාපාරික ප්‍රජාවගේ පැත්ත. ඒ මිනිස්සු වේල හම්බකරගෙන කන්නෙ සිගිරිය බලන්න එන මිනිස්සුන්ට මොනවා මොනවා හරි විකුණලා. බඹරු සීගිරිය බලන්න එන මින්සුන්ට විදින ගමන්ම ඒ මනුස්සයන්ගේ බඩටත් විදිනවා.

    අනෙක් පැත්ත තමයි සීගිරිය තමන්ගේ නිවහන කර ගත්තු ඔය කෘමීන්ගේ පැත්ත. ඔයා අපි වගේම උන්ටත් ජීවත් වීමේ අයිතිය තියෙනවා.

    මේ පැති තුනම සමබර කරන්න ඕනේ. නමුත් සීගිරිය කියන තැනක් නැති උනොත් අනෙක් පැති දෙකම වැඩක් නැති වෙනවා. ඒ හින්දා ඔය කියන සම්බන්ධය ඇත්තනම් බළධාරින්ගෙ අවධානය මේ කරුණ වෙත ඉතා ඉක්මනින් යොමු වේවා.

    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... අපේ රටේ එහෙම බළධාරීන් කියලා කට්ටියක් ඉන්නවද...

    ReplyDelete
  29. විශ්මි නංගි,මම ඕක අර පත්තරේ දැක්කෙ... දැක්ක ගමන්ම මට හිතුන දේ ඒ විදියට ම ලියවුනා...

    මින්දද,
    ඔයා හරියටම හරි ඔය පැති තුනම එකට බැඳිල.. මම කියන්නෙත් ඒකම තමයි.. ඔය ඔක්කොම ‍රැකෙන්න ඕනෙ කියන එක.. අපේ බලදාරීන්ගේ එක පැත්තක් විතරක් බලල ගන්න අදූරදර්ශී තීරණ හේතුවෙන් ඔය ඔක්කොම එකපාර විනාශ වෙනව.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...