Thursday, May 27, 2010

සියපතක් කී කව....



කළල් මතින් නැඟි සුදු පියුමක් ලෙසින..
සියක් පතින් වටකර විල මැද දිලෙන..
බෝසත් සිත් නැතිබව දන්නා හෙයින..
එක් පෙති මලක් නොම විය දෑතින් නෙළන..

සියක් පෙති අතර රඳවා......ගුණ සුවඳ..
පිදුමුත් ලොවට සෙනෙහස හස‍රැල් නිබඳ..
එක පෙති මලක් ලෙස නොමදකිනුය සබඳ..
සුළඟේ ලෙලෙන, අත ළඟ ගඟ අද්දරම..

සුවඳ දිදී ‍රැඳුනත් මේ ඉසව්වේ…
මල පිපුනේ ඈත ඈත දනව්වේ…
සුවඳ මිසක් මල නො‍රැ‍ඳේ කොදෙව්වේ..
නෙලනා කල්පනා ඇයි හිත ‍රැ‍ඳෙව්වේ..




Photo : http://s3.images.com/huge.73.366520.JPG

9 comments:

  1. ලස්සනයි..
    ලිලී මලෙන් සියපතට මාරු වෙන්න ලැබිච්චි එක ගැන සංතෝශයි. ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක්... දුර රටක හිටියත්...

    ReplyDelete
  2. මඩේ පිපී මන්දිරවලදිත් දිලෙන....
    පුදනාවිට හැමදෙනාම අතට යන....
    සියපත් ගැන ඔබ ලියු කව බලා ගෙන....
    මම ඉන්නම් සිත් තුල මෙත් දරාගෙන.......

    ReplyDelete
  3. සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !!!

    ReplyDelete
  4. කළල් මත නැගුණු සියපත් සුදු පියුම.
    විල මැද දිලෙන් බෝසත් සිත් නැති හෙයින..
    සුවඳ දුනත් නුඹ ‍රැදෙනුය ඈතකම
    එක් පෙති මලක් නොම වී දෑතින් නෙළන..

    ReplyDelete
  5. සුභම සුභ වෙසක් මංගල්යක් අක්කා...
    කවිය හරි ලස්සනයි.

    ReplyDelete
  6. හරබර කව් පෙලක්.

    මෙත් මුදිතා කරුණා පිරී සියළු සිත් පහන්වේවා!

    ReplyDelete
  7. අන්තිම කවියෙ අන්තිම පදය හරි නෑ. ඔයා මල ගැන කියාගෙන ආ දෙයට වඩා වෙනස් දෙයකුයි ඒකෙන් ඇඟවෙන්නෙ...
    මං හිතන්නෙ ඒක ගැලපෙන්නෙ නෑ.....

    ReplyDelete
  8. සියක් පෙති අතර රැදි
    සහස් පිණි බිඳිති කැට
    ඉපදෙනා කල්පනා
    වගේ නේදැයි ඔබේ සිතතුල..!!

    ReplyDelete
  9. ඔබ සැම වෙනුවෙනුත් මගේ ප්‍රාර්තනාව

    ඔබේ සිත් පහන් වේවා....!!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...