Saturday, September 26, 2026

නෙතු...



ලියා නුවන'ග
පිබිදෙනා හසකැන්
කියයි නොකියා සියක් වදනින්
කියනු බැරි හැඟුමන්

දිගු කතාවක් කෙටි කරයි
දෙනුවන්
ලියා කඳුලින්
අඩකටත් වැඩියෙන්


8 comments:

  1. මෙම කවියා දක්වන අදහස තරමක් දුරට පැහැදිලි කරගත යුතුය.

    ReplyDelete
  2. ෂාහ්, ඒක ලස්සනයි. කැමැතිම පුංචි පදපෙල තුළ කියවෙන විසල් කතාවට, එය අලංකාරව එන්කැප්සියුල් කර ආකාරයට. විශිෂ්ඨයි!

    ReplyDelete
  3. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගායනා කරන "සිනා පොදක් වී" ගීතය මතක් වුනා:
    සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුළැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කළේ ඇයි
    සෙවණැල්ලක් සේ ඔබ දිවි ගමනේ අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා වල්මත් කර දා සැඟව ගියේ ඇයි

    ReplyDelete
  4. හරිම ලස්සන කෙටි කවියක්. මට නම් මේකේ වැඩියෙන්ම දැනුණේ “ඇස්වලටත් තමන්ගේම භාෂාවක් තියෙනවා” කියන අදහස. “කියයි නොකියා” කියන වචන දෙක ඇතුළෙම ඒ මුළු කතාවම තියෙනවා වගේ. වචන සියයකින් කියන්න බැරි හැඟීමක් එක බැල්මකින්, පුංචි සිනහවකින් කියවෙන්න පුළුවන්.

    ඒත් මට වඩාත්ම වැදුණේ අන්තිම පද ටික. “දිගු කතාවක් කෙටි කරයි දෙනුවන්, ලියා කඳුලින් අඩකටත් වැඩියෙන්” — හරිම ලස්සන රූපයක්. ලියන්නේ තීන්තෙන් නොව කඳුළින්; කඩදාසියක් නැහැ, දෙනුවන්ම කතාව කියනවා. ජීවිතේ සමහර දිගු කතා ඇත්තටම එහෙමයි. වචන දහසක් ඕන තැන එක කඳුළු බිඳුවක් ඇති.

    කවිය කෙටි වුණාට, කියවලා ඉවර වුණාම හිතේ පටන් ගන්න කතාව නම් බොහොම දිගයි. දෙනුවන් කඳුළින් ලියා තියෙන්නේ කතාවේ “අඩකටත් වැඩියෙන්” නම්, ඉතිරි ටික ලියන්න වචන අවශ්‍යත් නැතිව ඇති. ඒ ටික තියෙන්නේ කඳුළ වැටෙන්න කලින් ඇස්වල නතර වූ බැල්මේත්, වැටුණු පසු ඉතිරි වූ නිහඬකමේත් වෙන්න ඇති. සමහර කතා අවසන් වෙන්නේ තිතකින් නොවෙයි; කියාගන්න බැරිව ඉතිරි වූ කඳුළු බිඳුවකින්.

    ReplyDelete
    Replies
    1. මේ ඇස් දැක්කම ඒ අදහස හිතට ආව... ඒ ඇස් හරිම ලස්සනයි, හිනාවෙනකොට.
      ඒත් ඒවයේ කඳුළු පිරුණම ඒව දිග කතාවක් කෙටියෙන් කියනව ඇති කියලත් හිතුණ.
      ගොඩාක් කතා මිනිස්සු ඇස්වලින් කියනව කියල මට හිතෙනව. දුක හිතුණම කඳුළින් නොකිව්වත් ගොඩක් දෙනාගෙ ඇස්වල දුක, වේදනාව විතරක් නෙවෙයි වෙහෙසත් සටහන් වෙලා තියෙනව මම දැකල තියෙනව.
      කාන්තා දෑස්වලටත් වැඩිය පිරිමි අයගෙ ඇස්වලත් මම ඒ හැඟීම් කියවල තියේ.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මංගල මුදුව

මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරු...