Friday, July 5, 2024

ප්‍රේමයේ සැමරුම්...

සමාජ මාධ්‍ය විසින් මිනිස් ජීවිත තුළ ඇතිවන බොහෝ පැතිකඩ පාලනය කරන වර්තමානයේ ප්‍රේමය හා ජීවිතය උත්කර්ෂයට නංවා පෙන්වීම ද සමාජ මාධ්‍ය විසින් බොහෝ ඉහළින් සිදුකෙරෙනවා...

සමාජ මාධ්‍යයක් තුළට ඇතුළුවන බොහෝ විට උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමණීය සැමරුම් බොහෝයි... විශේෂයෙන් ම ලාංකික සමාජය තුළ ඉතා අඩුවෙන් සමාජ කතිකාවතකට ඇතුළත් වූ විවාහයට පසුව එක්ව ජීවත්වන යුවලක් තුළ ඇති ප්‍රේමය ප්‍රදර්ශනයෙහිලා සමාජ මාධ්‍ය ඉතා ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා... 

එක් පසෙකින් සිතන විට විවාහක යුවලක් තුළ ඇති ප්‍රබල බැඳීම හා ප්‍රේමය, ලාංකීය සමාජය හා සාහිත්‍යය තුළ කතිකා කෙරුණු අවස්ථා ඉතා අවම බැවින් ඒ ප්‍රවණතාවය සමාජය වෙත යොමු කෙරෙන බලපෑම ධනාත්මකයයි මා සිතනවා...

අනෙක් අතින් සමාජ මාධ්‍ය තුළ බෙදා හැරෙන ප්‍රේමය උත්කර්ෂයට නංවා පෙන්වන සමහර අවස්ථාවල සමහර ඡායාරූප තුළ සැබවින්ම ඇත්තේ ප්‍රේමයමදැයි මා මගෙන්ම අසනවා...

පුද්ගලිකව මට අනුව නම් ප්‍රේමය හැමවිටම උත්කර්ෂයට නංවා පෙන්විය යුත්තක් නොවෙයි....බොහෝ විට උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට වඩා එසේ නොවන ප්‍රේමය ගැඹුරු යයි මා අත්විඳි අවස්ථා බොහොමයි...

රැකියාවක නිරත වන මට නම් උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට වඩා විඩාබරව නිවසට එන මොහොතක මගේ සහකරු විසින් රසවත් ආහාර වේලක් පිළියෙළ කර තිබීම හෝ රෑ බෝවී නිවසට එන දිනෙක නින්දට යාමට පෙර කළයුතු නිවස හා මුළුතැන්ගෙය පිරිසිදු කිරීමේ කටයුතු කරදීම, ඔහු මට පෙම් කරන බව  මසිත සනහමින් සිහිපත් කරනවා....

උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට ප්‍රිය සහකරුවෙක් හෝ සහකාරියක වෙනුවෙන් විශේෂිත සැමරුමකදී ප්‍රේමය උත්කර්ෂයට නංවා පෙන්වන සැමරුමක් ද ඉතා අගනා මතක සටහනක් විය හැකියි... 

ඉඳහිට ප්‍රේමය උත්කර්ෂයට නැංවෙන සැමරුමක් ප්‍රිය නමුත්, අප වෙනුවෙන් නම් අප එක් දෙයක් ස්ථිරවම පිළිපදිනවා... ඒ අපේ ප්‍රේමයේ සැමරුම අයිති අප දෙදෙනාට පමණක් බවයි... 


3 comments:

  1. චේජනාගේ පිටුව බ්ලොග් රෝලේ උඩට ඒම දකින්න සතුටුයි, නිවිහැනැහිල්ලේ ඇවිත් අලුත් පෝස්ට් ඔක්කෝම කියවන්න ඕනේ. ජය!

    ReplyDelete
  2. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...