Thursday, December 13, 2012

මං හැඬුවා... නුඹ දුටුවේ නෑ...



වැව් දිය තලය රඟ නගයි
නිල් කඳු වළලු නිසසලයි
විලෝ රිකිලි අතරින් සඳ
පුරා'න ආවා

පාළු අහස්කුස පාමුල
තනි තරු කැටයක් වුණ මට...
අමාවකේ සඳ වී නුඹ...
අඳුර ගෙනාවා

මං හැඬුවා... නුඹ දුටුවෙත් නෑ...

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...
අමාවකේ දුන්නු දුකම
නුඹට ගෙනාවා...

සිනා කැකුළු නුඹට හිමිත් නෑ...

23 comments:

  1. පුංචි ඉරිසියාවකින් ලියා ඇති වගක් මට දැනුනේ. මම හරිද මන්දා චේජනා. කොහොම ලීවත් හරිම හැඟුම් බර කවි පෙළක් නංගි. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ම්ම් ?
      ඉරිසියාව ම නෙවෙයි
      ඒ හැඟීම...වැඩිය කිට්ටු පළිගැනීමට

      Delete
    2. ඒ හැඟීම නම් එච්චරම හොඳ නෑ නංගියෝ...........D;

      Delete
  2. Replies
    1. ඔව්. ඇතුලේ ගැබ් වුන මොකක් හෝ තදකරගෙන ඉන්න හැගීමක් තියෙන පාටයි...

      Delete
    2. තද කරගෙන ඉන්න හැඟිමක් නෙවෙයි...
      පුංචිපහේ පළිගැනීමක් වගේ හැඟීමක්...

      Delete
  3. ගීතයකට අපුරුයි චේජනා ..

    ReplyDelete
  4. පේලි අතර යමක් ඇත්දෝ නොසිතා රසබර පදපෙලක් වින්ඳෙමි

    ReplyDelete
    Replies
    1. පේළි අතර යමක් තියෙන බව අය්යට නොදැනෙන්න නං විදියක් නෑ...
      ඒත් ඒක ලොකූ දෙයකුත් නෙවෙයි...

      Delete
  5. ෴ අද ඒ අහස මා සතුයි...
    මන්දාකිණිය මට හිමියි...
    අමාවකේ දුන්නු දුකම
    නුඹට ගෙනාවා...

    සිනා කැකුළු නුඹට හිමිත් නෑ... ෴

    හරි කෲරයිනේ.

    උස්සල පොලොවෙ ගහල පයින් පෑගුව වගේ.

    ReplyDelete
    Replies
    1. ඉතින්...
      පළිගැනීම , ඉරිසියාව වගේ කෲර හිතිවිලි මතුවෙන්නෙත් මිනිස්සුන්ගෙ හිත්වල නෙ...එකේක වෙලාවට

      Delete
  6. ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
    සමහරු...ගොඩක්ම වෙලාවට අනික් කෙනාව අමතක
    කරගන්නේ ඒ මනුස්සයගේ තියෙන හැම වැරැද්දම
    නිතර නිතර මතක් කරගෙන...ඒත් ආදරේ වෙනුවෙන්
    කරපු කියපු පූජා කරපු මුකුත් නැහැ ඒ ගොඩේ...
    අන්තිමට සියඹලා ගෙනල්ලම නැහැ...

    ReplyDelete
    Replies
    1. දරුණු පළිගැනීමක් කරන නොකරන එක කොහොම උනත් හොඳ නරක කියල වර්ගීකරණය වෙන සිතුවිලි දෙවර්ගයම ඇතිවෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ

      Delete
  7. ඔව් ආදරේදී දරුණු පලිගැනීම් කරනවා නම් තමයි
    සමහරු...ගොඩක්ම වෙලාවට අනික් කෙනාව අමතක
    කරගන්නේ ඒ මනුස්සයගේ තියෙන හැම වැරැද්දම
    නිතර නිතර මතක් කරගෙන...ඒත් ආදරේ වෙනුවෙන්
    කරපු කියපු පූජා කරපු මුකුත් නැහැ ඒ ගොඩේ...
    අන්තිමට සියඹලා ගෙනල්ලම නැහැ...

    ReplyDelete
  8. :( හරියටම තේරුනේ නම් නැහැ... සින්දුවක් වගේ කියල නම් හිතුනා..

    ReplyDelete
    Replies
    1. ම්ම්.. කීපදෙනෙක්ම සින්දුවක් වගේ කියල හිතල තිබුනා :)

      Delete
  9. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  10. දෙසැරයක් කියවල බැලුවා.මේක මේ පළිගැනීමක්නෙ, නරකද තමන් දිනපු එකේ සුබ පැතුවා නම්?

    ReplyDelete
    Replies
    1. ඒත් අපි හැමවෙලේම එහෙම කරනව ද?

      Delete
  11. තරහබර කවියකි.හැඟිම් ප්‍රකාශ කර තියේන්නේ වේදනාවක් සමඟ යැයි මට හැ‍ඟේ .
    මනසින් දිවියට තරහත්

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...