හෝඩියෙ තැන තැන තනියම උන් අකුරූ
එක එක අහුලා කවිපදවල ඇමිනූ
රැයේ දවාලේ දොඩමළු වී උන්නූ
කවිහිත හෙව්වා දවසක් දා අකුරූ
ඉස්පිලි පාපිලි කොම්බුව හා යාළු
කවිහිත හොයන්න එක් වී ආවාලූ
හැන්දෑ යාමෙක සැඟවෙද්දී අරුණූ
නැතිවුණු කවිහිත කොම්බුව දුටුවාලූ
ත යන්න නි යන්න දැන් තනියක් නෑලූ
ඉස්පිලි පාපිලි අඳුනන්නත් බෑ ලූ
නිදිමත කවිහිත ඈනුම් ඇරියාලූ
කම්මැලි පිළිතුර ඇහුවම දුක හිතුණූ
කගචජ ටඩනණ මැලවෙනු ඇහැ ගැහුණූ
ක යන්න ව යන්නෙ ඉස්පිල්ලක් ඇමිනූ
ඉස්සර කවිහිත හිනැහී අලුතින් කවියක් කිව්වාලූ
හරිම ලස්සනයි ... දිගටම ලියන්න ..
ReplyDelete:)
Deleteදුයන්න කයන්න ,තයන්න නියන්න
ReplyDeleteපෑනට තින්ත දෙනවාලු
ඉඳහිට සතුටට වුව කවි ලියන්න
ඉඩක් සිතක් ඇතිවෙනවාලු
කවක් ලියු විට තව තව ලියන්න
ReplyDeleteදවසම සිත කවි හා යාලු
අත හැරුනොත් ඒ පෑන සොයන්නට
හරිම කලක් ගත වෙනවාලු
සුරතින් ගිලිහුනු පෑන හොයන්නට
Deleteබොහොම කලක් ගතවිය යාළු
එක හැන්දෑවක කොම්බුව දැක්කම
කම්මැලි හිත කවි කිව්වාලූ
හිතට රස ගෙනෙන පද
ReplyDeleteනෙතට බිඳු උනන වග
දැන දැනත් බලමි මම
කවිය නුබ අතින් ලිය උන
හරිම ලස්සනට පද අමුනා
ReplyDeleteලියනා පද වැල චේජනා
සිතට සැනසුම් දෙවනා
සතුටින් කියවන්න ආවා
අයනු ආයනු අකුරු අමුණා
ලියමු තව තව කවි ගොතලා
නොමියෙන කවි සිත උපදවා
ගෙවනු ජීවිත සතුට උපදවා
නංගී, ගිය කමෙන්ටුවකට මා ලියූ දෙයකට පිළිතුර දැක්කේ අදයි. ඔබ වාගේම මම ත් ඒ කාලෙ එහෙම ගත කරපු අවස්ථා තිබුනා. මම ගොඩාක් ජීවිතය දකින්නට පටන් ගත්තේ අවුරුදු හතලිහත් පැන්නාට පසුවයි. අපි ගොඩාක් කරන දේ පෙනෙන්නෙ ඒ වයස ට ආවහමයි. ඒ මොකද තරුණ මදයෙන් අපි මත් වෙලා අනික් අය දිහා බලන්නෙ එහෙම නිසයි. ඔයා තව තව පන්නරය ලබන කොට ඒ දේ වටහා ගනීවි. ඔයාට ඉතම සංවේදී හිතක් තියෙනවා. ඒක ඔබට ලොකු ආභරණයක් වේවි. එය නැතිකරගන්න එපා. වාසනව සතුට පිරි අනාගතයක් සෙනෙහසින්ම පතනවා.
Thank uu......
Deleteඉවර ඇති වෙලාවක පියුම්විලටත් ගොඩ වන්න කො.
ReplyDeletehttp://piyumvila.blogspot.com/2012/11/3_26.html
මම ගියා පියුම් විලටත්
Deletenice poetry Nangi,
ReplyDeleteSimply outstanding.
露 from Ruhuna
අලුත්ම ආරක කවි පෙලක් .. අපූරුයි..
ReplyDeleteබොහෝම ස්තුතියි...
Deleteමට නම් ඔය කයනු ගයනු මයනු නයනු දැක්කම ටීචර් කණ මිරිකන හැටි මතක් වෙනවා...ඌහ්යි
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!