Wednesday, June 1, 2011

TEDDY BEARS...ටෙඩි බෙයාවෝ...

ටෙඩිබෙයාවො...කියන ඕනෙම දෙයක් හරස් ප්‍රශ්න අහන්නෙ නැතිව සාවදානව අහගෙන ඉන්න, දුක හිතිල අඬද්දි සද්ද නැතිව ළඟට වෙලා ඉන්න, තනියි කියල හිතිල ඉන්න වෙලාවට තනියට ඉන්න ටෙඩිබෙයාවො...
බබාලගෙ වගෙම බොහොමයක් ගෑණුළමයින්ගෙත් අවදානය තදින්ම යොමුවෙන, ආදරේ උදුරගන්න ටෙඩිබෙයාවො...

මේ ගොල්ලො ලෝකෙට එකතුවෙලා තියෙන්නෙත් හරිම අපූරු විදියකට...
ඒ ගොල්ලො මේ ලෝකෙට මුලින්ම එකතුවෙලා තියෙන්නෙ 1902.
එයාලට මේ නම ලැබිල තියෙන්නෙ හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන තියඩොර් රූස්වෙල්ට් ගෙ සුරතල් නම වුණ ටෙඩි වලින් බිඳිල ඇවිත්... Teddy's bear පස්සෙ කාලෙකදි ටෙඩිබෙයා වෙලා...
ඒ අතීත සිදිධිය කියවෙන්නෙ මෙන්න මේ විදියට...
මිසිසිපි සහ ලුසියානා ප්‍රාන්ත අතරදේශසීමා ප්‍රශ්නයක් විසඳීම වෙනුවෙන් එහි ගිය තියඩෝර් රූස්වෙල්ට් ජනපතිවරයාව, විනෝදය සඳහා වලස් දඩයමක එක්ක යන්නත් ඔහුව එහි ගෙන්වාගත් ආරාධිතයන් අමතක කරල නෑ...ඒත් ඉතාම අසාර්ථක දවසක් වුණ එදා එකම වලහෙක්වත් හම්බෙලා නෑ... ඒත් මේ අය ජනපතිවරයාව සතුටු කිරීමේ අරමුණින් කොහෙන්දෝ හොයාගත් වලස් පැටියෙක්ව ගැටගහගෙන ඇවිත්...ඒත් මේ ජනපතිවරයා ඒ වලස් පැටියට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරල...
ක්ලිෆර්ඩ් බෙරිමන් කියන කාටූන් ශිල්පියාගෙ තෙලිතුඩින් ඒ සිද්ධිය මෙන්න මේ කාටූනය බවට පත්වෙලා...


 මුලින්ම මේ සංකල්පය ලෝකෙට එකතු කරපු කාටූනය තමයි මේ... මේ කාටූනය නම් කරල තියෙන්නෙ Drawing the Line in Mississippi  කියල..

ඉතාම ආකර්ශනීය හා ජනප්‍රිය වුණ මේ කාටූනයේ හිටි වලහා නිව්යෝක් නගරයේ යුවලක් (Morris and Rose Michtom) අතින් පුලුන් පුරවපු ටෙඩි බෙයාවෙක් වෙලා... කාටූනයෙ වගේම... වාඩිවෙලා ඉන්න අහිංසක සුරතල් එක්කෙනෙක්...මේ ටෙඩිබෙයාවට තිබුණ ඉල්ලුම කොච්චර ද කියනව නම් Butler Brothers කියන නිපැයුම්කරුත් එක්ක මේ යුවල මහා පරිමාණයෙන් ටෙඩි බෙයාවො නිශ්පාදනය පටන් අරගෙන...

ඒ වෙනකොටත් පූසො, බල්ලො හාවො වගේ, පුරෝපු සුරතල් සතුන් නිශ්පාදනය කරමින් සිටි ජර්මන් ජාතික ආයතනයක් (Steiff firm)වෙනුවෙනුත් Richard Steiff මේ කාලෙදිම වලස් පැටියෙක් නිරමාණය කරල තියනව...

මේ විදියට විකාශනය වුණු නිර්මිත සුරතල් සත්තු අද වෙනකොට ලෝකයම ආක්‍රමණය කරල විතරක් නෙවෙයි, ජනප්‍රිය කාටුන් සත්තු ඇතුළුව ලෝකෙ ඉන්න හැම සතෙක්ම වගේත් මේ ගොල්ලො අතරටත් එකතු වෙලා...
මේ ජනප්‍රියම චරිත දෙකක් වෙන ටොම් සහ ජෙරී මේ අතරට එකතු වෙච්ච වෙලාවක්...
 
මේ සුරතල් සතුන් විවිධ රෙදිවර්ගවලින් මහල විවිධ දේ පුරවල හදනව... ලී කුඩු, ලී රොඩු, රෙදි කෑලි, පුළුන්, වූල් වගෙම රබර්වලින් පොලියෙස්ටර්වලින් කෘතිමව නිෂ්පාදිත (Polyester foam beads ) පුරවන ද්‍රව්‍යවලිනුත් පුරවල හදනව... හුරතලේට ළඟ තියාගන්න මෙයාල එක්කෙනෙක්ව තෝරගනිද්දි මෙයාල පුරවපු දේ වගෙම මහල තියෙන රෙද්ද ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වේවි... එහෙම නැත්නම් සමහරවිට මේවයෙ අපට අසාත්මික වෙන දේවල් තිබිල අපට හානිකර වෙන්නත් පුලුවන්...

බොහොම ආදරණීය ටෙඩිබෙයාවෙක් හරි, ජිරාෆියෙක්ව හරි හොඳට තෝරල ගත්තම ආදරෙන් හුරතලේට ළඟ ඉඳිවි...


http://www.teddybearandfriends.com/archive/articles/history.html
http://www.funkyfriendsfactory.com/2011/05/04/toy-stuffing/


19 comments:

  1. onna mamat alutin blog karanna awaa..http://tharindugeadaviya.blogspot.com/

    ReplyDelete
  2. ඇත්ත..චේජනා..ටෙඩී බෙයාර්ස්ලත් අයිස් ර්‍ක්‍රම් ව‍ගේ තමයි.
    පොඩ් කාලේ ඉදලා වයසට යනකම්ම අපි එයාලට ආදරෙයි.
    කොහොම උනත් එයාලා ගැන රසවත් සිදුවිම් ගොඩත් අද ඔයා ගේ මේ පෝසට් එක නිසා දැන ගත්තා.
    ඒ වගේම රසවත් විදිහට ලියලත් තියෙනවා.

    ReplyDelete
  3. ටෙඩී බෙයාලට නම ලැබුණෙ රූස්වෙල්ට් ජනාධිපතිවරයා හා සම්බන්ධ සිදුවීමකින් බව අහලා තිබුණත් මේ මුළු කතාවම අහලා තිබුණෙ නෑ. බොහොම ස්තුතියි චේජනා.
    අර කියන කතාවනම් ඇත්ත. කියන දෙයක් අහගෙන, "ඕකනෙ මං කලින්ම කිව්වෙ" නොකියා, ළඟට වෙලා සිනිදුවට තුරුල් වෙලා ඉන්න සීල් කෙනෙක් මටත් ඉන්නවා. :D

    ReplyDelete
  4. නියම ලිපියක් නංගී . .

    නොදැන හිටි දෙයක් අද දැන ගත්තා.

    ඒ වගේම ලිපියේ අවසානේ දුන්නු අවවාදෙත් හොඳින් හිතට ගත්තා . .

    බොහෝම ස්තූතියි

    ReplyDelete
  5. ඇඳන් උඩ පුටු උඩ පොඩි අය ලොකු අය

    ඇඳුම් ඇඳපු අය මුකුත්ම නැති අය ...

    ලනු ගැට ගහගෙන ඇදගෙන යන අය ..

    ගෙදර පිරිලා ..

    අප හට අතපය තියන්න ඉඩ නැත .

    ළමයෙක් දෙන්නෙක් ඉන්නා දවසට

    මතක් කරන්නකෝ නංගියේ මේ ටික .

    .....

    ReplyDelete
  6. ටෙඩීයෝ ගැන නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ලස්සනට ලියපු විස්තරයක්, බොහෝම ස්තුතියි නංගී.

    ඒත් එක්කම මතකයට ආවේ ටෙඩී බෙයාර් හා සම්බන්ධ සිද්ධියක් ගැන. මීට අවුරුදු 14කට විතර කලින් දවසක් හිතවතෙකුගේ ගෙදර යන ගමන් අපිට ඕනකලා එහේ දුවට ටෙඩියෙක් ගන්න. අපි සෙල්ලම් බඩු කඩයකට ගිහින් ටෙඩියෙක් ඉල්ලනවා. එකාට එකා මූණ බලාගන්නවා. ඉංග්‍රීසි තේරෙනවා කියලා හිතපු කෙනෙක් ගාවට ගිහින් ඇහුවා, එයාත් නොදන්න පාටයි. මිනිහා කතා කරන්න පටන් ගත්තා "ඇක්ටුවලි..." කියලා. මට තේරුම් ගියා ප්‍රශ්ණය, මිනිහාගේ බාෂා විලාෂය අනුව යමින් "...ටෙඩ්ඩි බෙයා...ර්" කිව්වා විතරයි උඩතට්ටුවේ ස්ටෝරුවෙන් ලස්සන ටෙඩියෙක් ආවා. කතාව පරණ වුනත් මේ මෑතකත් ඒ සිද්ධිය මතක් වුනා.

    දකුණු ඉන්දීය අය හල්කරපු අකුරුවලට ලොකු සාධාරණයක් ඉටු කරනවා නේ.

    ReplyDelete
  7. නිල් අහස -

    මම හිතුවෙ නෑ නෙ ඔයාලත් ආසයි කියල..

    ReplyDelete
  8. නලිනි චන්දිමා , හැමෝටම ටෙඩිබෙයාවො ඉන්නව එහෙනම්... :)

    ReplyDelete
  9. දුකා අය්යෙ, ඔයා කොහොමත් පොඩි පුතාට නෙ මේ ගොල්ලන්ව අරන් දෙනව ඇත්තෙ... කොහොමටත් හොඳට හොයල බලල අරගන්න වෙයි...

    ReplyDelete
  10. Bindi, දැනටත් මගේ ඇඳ උඩ දෙන්නෙක් ඉන්නව...ජිරාෆ් පැටියෙකුයි වලස් පැටියෙකුයි...
    තව ලෝමයන වගෙ මැටීරියල්ස්වලින් හදපු ඒව වෙනමමත් ඉන්නව කබඩ් එකේ. :)

    ReplyDelete
  11. ගල්මල් අය්යෙ,මෙහෙදි අපි ජැපලිෂ්වලින් කියල බඩු ඉල්ලනව වගෙ තමා..,

    ReplyDelete
  12. හිහ් හිහ්...... මං ළඟත් ඉන්නවා ටික දෙනෙක්. ටෙඩි බෙයාලා නම් ඉතින් කිසිම භේදයක් නැතුව හැමෝම ආසයිනේ අක්කි. හැබැයි කතාව ඇහුවෙ නම් අද බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට.

    ReplyDelete
  13. ගල් මල් ..නෙවර් මයින්ඩ් කියල තව කඩේකට යනවා තව පොඩ්ඩෙන්

    චේජනා ඔයා ඉන්නේ ජපානේද . කරදරයක් නැහැනේ නේද

    ReplyDelete
  14. කරදර වෙලාවෙ ගෙදර ගිහින් නෙ ආවෙ අක්කෙ... දැන් කරදරයක් නෑ..

    ReplyDelete
  15. සුරතල් ටෙඩියන් හරිම ආදරණීයයි නේ නංගි. අපි හැමෝටම පුංචි කාලෙ මේ වගේ සුරතලෙක් ඉන්න ඇති. ගොඩාක් ලස්සන විස්තරයක් කියෙව්වා. මේ දැනුවත් කිරීමට ස්තූතියි!

    ReplyDelete
  16. ම්ම්.. ඒ ගොල්ලො හරිම ශෝක්... බලාගෙන යද්දි කවුරුත්ම එයාලට ආසයි නෙ..

    ReplyDelete
  17. මටත් චුටි කාලේ ටෙඩියෙක් හිටියා....

    ReplyDelete
  18. මම පොඩි කාලෙ ෆිල්ම් බලලා එවෙ ගිය ෆයිට් සීන් ආයෙ රඟ දක්වන්න අරගත්තේ අපේ නංගිගේ අඩි 3ක් විතර උස ටෙඩි බෙයාව. අන්තිමේ ඒ අසරණ ටෙඩි බෙයාර් කැඩිලම ගියා. තාම නංගි මට බනිනවා.

    ReplyDelete
  19. මල්ලිලාටත් ටෙඩි බෙයාවො ඉඳල තියනව නේ ද?

    සෙල්ලම් බඩු කඩල දාන එක මල්ලිලාගෙ හැටි.. මගෙ සෙල්ලම් බඩුත් එකේක හේතුවලට කඩල දැම්මෙ අපෙ මල්ලි, එකක් එයාට තරහ ගිහින් විසිකරල.. තව එකක් ඇතුලෙ තියෙන්නනෙ මොනවද බලන්න... අන්තිමට ඉතිරි වුණේ මගෙ හට්ටි මුට්ටි ටික විතරයි.. ඒවත් ඇල්මිනියම් නිසා... අපිත් තාම මතක් කරනව ඕව..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...