Sunday, May 8, 2011

මා දුටු ජපානයෙන්... ඕසකාවේ දවසක්...

පහුවුණ සතිය ජපානෙ ලැබෙන දිගම නිවාඩුව. Golden week...
ටොක්යෝවට පහළින් පිහිටි කන්සායි ප්‍රදේශය බලාගන්න ඒ නිවාඩුව ගත කළා අපි... ඕසකා ප්‍රාන්තයෙ අගනුවර, ඕසකා නගරය වගෙම එක රාජ්‍ය පාලන යුගයක ජපානයෙ අගනුවර වුණු ක්යෝතොවත් එක්කම...
ඕසකා හරිම නිස්කලංක වෙරළබඩ නගරයක්... ගොඩක් කාර්යබහුල වුණත් ටෝක්යෝවෙ අයට තියන කලබල ගතිය ඕසකාවේ දි අඩුයි වගේ... ඒගොල්ලො කෙනෙක්ට උදව් කරන්න ටිකක් වෙලාවක් ගත කරන්න අකමැත්තක් නෑ... සාමාන්‍ය තරමකට ඉංග්‍රීසිත් කතා කරන ඒගොල්ලො අපිට කීපවතාවකම උදව් කරන්න ඉදිරිපත් වුණා... තමන්ගෙ කැමැත්තෙන්ම...

ජපන් ජීවිතේ පළවෙනි වතාවට, පත්තරයක් බල බල පුංචි රෙස්ටුරන්ට් එකක තේ බොන මිනිස්සුන්ව ඕසකාවෙදි දැක්කම මට ආයෙම ලංකාව මතක් වුණා...මිල්ක් ටී බෝතල් නැතිව ලංකාවෙ වගෙම රසම රස කිරි තේ බොන්නත් තිබුණ එහේ...

------------------------

එහේ බලන්න දේවල් හුඟාක් තියනව... අපි එහේ ගතකළ දවස්වලින් පළවෙනි දවස ගතකළෙ ඕසකා Universal Studio එකේ... ඒ විසිතුරු අතරින් මම අරගෙන ආව මතක සටහන් ටික මේ...

Jurrasic park චිත්‍රපටයේ පසුතලය සැබෑ ලෙසම ඕසකාවෙත් නිර්මාණය කරල තියනව... ඒ පසුතලයෙ Adventure Ride එකකුත් ඕසකාවෙ ජුරාසික් පාක් එකට අයිතියි...



Backdraft, හොලිවුඩ් චිත්‍රපටවල අපි දකින අනතුරුදායක දර්ශන නිර්මාණය කරන විදිය ගැන කරන ඉදිරිපත්කිරීමක්... බොහොම පරෙස්සමින් පිළියෙළ කරපු ගෑස් නළ දිගේ එවන ගෑස් ගිනිගැනීමෙන් ඒ දර්ශන නිර්මාණය කරන අතරේම ගින්න පාලනය කරගන්න වතුර එවීමත් එවෙලෙම සිද්ද කරනව...රූගත කිරීම් අතරෙ අපට නොපෙනෙන්න... eඒත් එක්කම කඩාවැටෙන බව පෙන්නන දේවල් සියල්ල දර්ශනය නිමාවුණ ගමන් ම ආපහු යන්ත්‍රානුසාරයෙන්ම යථාතත්වෙට පත් වෙන්න ගතවෙන්නෙ සුළු වෙලාවක් විතරයි...


ඒ වගෙම 4-D studio... Sherk 4-D


Hollywood වලට බොහෝ සමානව නිර්මාණය වුණ ඕසකා Universal Studio එක රෑ වෙනකොට නම් මිහිබට සුරපුරයක් වගේ...
මේ සමහර දේවල් සේයාරුවක් විදියට එළියට අරගෙන එන්න බෑ... ඒත් දවස අවසන් කරන්න ඔවුන් ඉදිරිපත්කරන විසිතුරු Fancy Parade එක නම් මුළුමනින්ම වගේ රූගතකරගෙන එන්න පුළුවන්...

Alice in the Wonderland, Arabian Nights, Sesame street, Sinderella වගේ ජනප්‍රියම චරිත සියල්ල සැබෑවට දකින ලෝකයක් ඔවුන් නිර්මාණය කරනව. එක මොහොතකට...

සින්ඩරෙල්ලා




මම දුටු ජපානයෙ සුන්දරම මතක අතරෙ හැමදාමත් මේ මතකෙ රැඳිල තියේවි...


7 comments:

  1. හරීම ලස්සනයි...ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට හැමදාම අපේ හිතෙත් මේ මතක සටහන් රැදී තියේවි නංගි. හරිම සුන්දරයි. සමහර තැන් මේ වගේ සිංගප්පූරුවෙත් තියෙන බව මතක් උනා.

    ReplyDelete
  2. වැඩ රාජකාරී වලින් මිදිලා පුංචි විවේකයක් ගන්න ලැබීම ලොකු දෙයක්. ඒ ගමනේ සුන්දර මතක සටහන් සිත්ගන්නා අන්දමට අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  3. ඕසකාවේ සිංහල බෞද්ධ විහාරය කියලා පන්සලක් තියෙනවද කියලා ඹයා දන්නවද?

    ReplyDelete
  4. කවද යන්නද අපි.. :)

    ReplyDelete
  5. Where are you in Japan? I'm in Kyoto.

    ReplyDelete
  6. මමත් ඔසාකා Castle එකට ගිහිල්ලා තිබුණට Universal Studio එකට නම යන්න බැරි වුනා. ඔයාගේ post එකයි, ලස්සන photo ටිකයි දැක්කම නම් හිතෙනවා, අපරාදේ ළඟටම ගිහිල්ලා යන්න බැරි වුනානේ කියලා .......

    露 from 東京大学

    ReplyDelete
  7. ඕසකා ගතකළ දවසක මගේ මිහිරි මතකය බෙදා ගත්තට ස්තුතියි කාටත්...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...