Saturday, July 31, 2010

විසිරෙන මල්...


උඩු හුළඟේ
අයාලයේ
ගියත් ඉතින්
මල් පිපුණේ
විසිරී යන්නමයි
නිතින්

හිත ගත් තැන
‍රැඳියන්
තණ ගොල්ල
යටින්
වසන්තයේ
දළු ලන තුරු
පරිස්සමින්

Photo:  http://www.universaltimer.com/Images_Gallery/dandelion.jpg



8 comments:

  1. අකීකරු ලෙස....
    උපන් ඇකයෙන්.....
    බිඳී සුලඟට මුහුවෙලා.....
    අලුත් ලොවකට....
    රැගෙන උරුමය.....
    පිපි කැකුළු යයි වෙන්වෙලා.....

    දුකක් දැනුනත්
    වැදු තුරුලට.....
    නැතිව උණුහුම තනිවෙලා.....
    එයයි පවතින
    ලොවේ ධර්මය.....
    ගලයි කාලය එක්කලා.....

    ReplyDelete
  2. එක් සුළං පොදක් විත්,
    හොරෙන්, සීරැවෙන් හමායන...
    රැගෙන ඔසවා ගනී නම්,
    ඒ පුංචි පොහොට්ටුව,
    කෙසේ සැගවී රැඳී ඉන්නද ?

    ReplyDelete
  3. මොකද අප්පේ බ්ලොග් මැරතන් එකක්ද...?
    හැඟීම් දෝරේ ගලායන කාලයක් ඇවිල්ලා වාගේ...!
    එහෙම නැත්නම් වැඩවලින් ඉසිඹුවක් ලැබිලද...?

    ReplyDelete
  4. වෙන් ව යද්දී
    ලෝ දහම දැන
    මැදිහත් සිතින් ඒ ඉවසලා...
    පරිස්සම් වී ‍රැඳී
    ඉන්නට විතර ක් ම
    මම ඉඟිකළා...

    හරිය ට ම මගේ අම්ම වගේ...

    ReplyDelete
  5. පුංචි පොහොට්‍ටුව
    සුළං ‍රැල්ල එක්ක
    යන්නමයි නෙ පිපුණේ...

    ReplyDelete
  6. වැඩවල විරාමයක් නම් නෙවෙයි, ඒත් හිත ටිකක් සැහැල්ලුවෙන් අය්යෙ...

    ReplyDelete
  7. විසිරුණු මල්පෙති දෝතට ගත් තුණු වී..
    ඒ පෙති එක්කොට මලක් සොයන බොළඳී..
    සරදම් නොකරමි ආදරයෙන් කියමී...
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි...

    සුලා...

    ReplyDelete
  8. මටත් ඔය සින්දුව මතක් වුණා සුලා අය්යෙ මේක ලියද්දි...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Locus of control

Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්‍රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්ව...