Friday, July 30, 2010

හිත පරෙස්සමින්...


සැඳෑ අහස රටා මවන
රෝස වළා වියමන් මැද
නිල් තරු කැට රහස් කියයි
නෙතු විමසිල්ලෙන්

මල් මුවරද මිහිර උරා
ළදළු සලන මද පවනේ
වරා මලක් සේ පාවෙයි
හිතත් ඇසිල්ලෙන්

කන්ද උඩින් ගලන අඳුර
සඳ කිරණින් රටා අඳින
නිමේශයක රුසිරු ලඳුන්
බැලුවත් හො‍රැහින්

කප්පරකට පෙරුම් පුරා
හීන පැතුම් දෝත දරා
‍රැක ගන්නට නුඹට දුන්න
හිත පරෙස්සමින්


 Photo : http://images.artwanted.com/large/07/30501_464807.jpg


6 comments:

  1. "රැක ගන්නට නුඹට දුන්න හිත පරෙස්සමින්"...ලස්සනම ලස්සන පද පෙළක්......:D

    ReplyDelete
  2. බලාසිටියෙමි දෙනෙත් රිදෙන තුරැ,
    මහමෙරටත් උඩින් පායා එන තුරැ,
    හදවතේ සොඳුරැම ඉසව්වක,
    අහිතක් නොහිතාම තබා ගිය...
    නුඹේ සියුමැලි සිත,
    රැක ගනිමි මා ආදරෙන්,
    මේ ආත්මය නිවෙන තුරැ...


    ලස්සන නිර්මාණයක් සහෝදරී.

    ReplyDelete
  3. ලස්සන පිළිතුරක්.. මගේ කවියට.. ස්තුතියි..

    ReplyDelete
  4. "මුවා වුනා සඳක් සිනා සලා..." :-)

    ReplyDelete
  5. උනා දමා දුහුල් සැඳෑ වළා... :-)

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Locus of control

Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්‍රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්ව...