Thursday, July 29, 2010

ගිම්හානය අතරමැද...


ලතා මඬුළු මැදින් එබී
කිරණ පෙරා ගත දවනා
දිවයුරු තෙද බිඳ හෙලනා
වළා හෙවිල්ලෙන්

බිඳ බිඳ දිය කර එවනා
වැහි බිඳුවක දැවටීගෙන
හිරු කිරණක් රටා මවා
ඉන්ද්‍රචාපයෙන්

ගිම්හානයෙ ගිනි රස්නේ
මුවා කරන් මේඝය අද
මුළු අහසම අයිති කරන්
රටා මැවිල්ලෙන්

දේදුන්නේ ගොළු තානම
සුසරකරන් මගේ හිතත්
වළාකුලක පා වී යනවා
සැනසිල්ලෙන්

Photo : http://www.natures-desktop-hd.com/images/wallpapers/1440x900/clouds/rainbow-blue-sky.jpg

3 comments:

  1. වැස්ස අව්වට
    ඉඩදුන් මොහොතක.....
    අව්ව වැස්සට
    පැරදුනු සටනක.....
    සමබරව උණුහුම
    සිහිල මැද හරි හරියට.....
    පිබිදෙනා මුදු සිනා වත නුඹ.......

    ReplyDelete
  2. මම කැමතිම කොටස...
    "ගිම්හානයෙ ගිනි රස්නේ
    මුවා කරන් මේඝය අද
    මුළු අහසම අයිති කරන්
    රටා මැවිල්ලෙන්..."
    ලස්සන කවියක්...

    ReplyDelete
  3. අව්ව වැස්ස
    තරග වදින
    නිමේශයක
    මැවෙන ඉන්ද්‍රජාලය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස

රන්වනින් හිරු කිරණ තැවරුණ   තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින තුරු වියන දුන් සිසිල විඳිමින සුළඟ මුමුණන කවිය කිව මැන මගේ නෙතු යුග දැහැන්ගත වුණ කාච...