තාත්ත මම දැක්ක දවසෙ ඉඳල ම ඒ වගෙමයි කියලයි මට හිතෙන්නෙ...
වෙනසක් පේන්නෙ ඒ දෙන්නගෙ wedding photo එකත් එක්ක සංසන්දනය කළාම විතරයි..
ඒ හින්ද ම ඒ පින්තූරෙ ඉන්න තාත්තව තමා මට තාත්ත තරුණ කාලෙ කියල මතක් කරගන්න පුළුවන් එක ම විදියත්...
කොහොමටත් මම තාත්තට හුඟක් ආදරෙයි... මම ගොඩක් ම තාත්ත වගෙ කියලයි කියන්නෙත්.. තාත්තගෙ වගෙම පියවෙන දෙතොලකුත් ඒ වගෙම නාහෙත් මට එහෙම්ම පිහිටල තියෙනව... ඒ හින්ද වෙන්න ඇති...
"ඇහි පිල්ලමක් යට" මාව ගෙනගිය අතීතයත් එක්ක පිළිමතලාව ගුරු විද්‍යාලයෙත් නුවරඑළියෙ බෝපත්තලාවෙ ඉස්කෝලෙත් ඔහුගෙ ගුරු ජීවිතයෙ එක යුගයක් ගත වෙලා තියෙනව..
අනික් යුගය ගාල්ලෙ දිස්ත්‍රික්කෙ, ගාල්ලෙ කිව්වට ගාල්ලෙ ඉඳන් ගොඩක් ඈත අපේ ගමේ...ඒ ඉස්කෝලෙ නම් මමත් ඉගෙන ගෙන තියෙනව...
ඔහුගෙ අවුරුදු 32 ක විතර ගුරු ජීවිතේ ඔය පාසල් දෙකේ විතරයි.. දෙකම දුෂ්කර පාසල්.. ඒවට ආවම දිගටම ඒවයෙ රැඳිල මිස කිසිම දවසක ඔහු මාරුවීම් ලබලවත් ඉල්ලලවත් දෙකම නෑ...
තාත්ත අපිට උගන්නල නැති ම තරම්.. ඒත් ඔහුගෙ ජීවිත දර්ශනය වුණේ තමන් උගන්නන අනුන්ගෙ දරුවන්ට හරියට කැපවෙලා උගන්නනව නම් තමන්ගෙ දරුවො ඉගෙනගනියි කියන එක...ඔවුන් දෙන්නගෙ ම විශ්වාසය වුනේ එහෙම...ඒ හින්ද ඒක ඉශ්ට කරන්න ම ද මන්ද මම මගේ අධ්‍යාපනයේ දි ප්‍රාතිහාර්ය සිද්ද වෙනව දැකල තියෙනව...
ඒත් තාත්ත අපිට ආදරය කළා... අපිව සංවේදි කළා... අපිට ජීවත් වෙන්න ඉගැන්නුව...
මේ ඔක්කොම දේවල් ලිව්වෙ අද ඔහුගෙ ජීවිත ගමනෙ තවත් විශේෂ දවසක්...
ඔහුගෙ උපන්දිනේ...අදත් ළඟ නැති මගේ ආදරේ දුරකථන ඇමතුමකිනුත් මේ සටහනෙනුත්... සයිබර් අවකාශය මගේ සටහන් රැක ගනීවි.. මම ගෙදර යනකන්...
මගේ පැතුම ඔහු වෙනුවෙන්...
නිරෝගී සුවය හා දීර්ඝායුෂ...!!!
Photo: http://www.nvo.com/beaulier/nss-folder/scrapbook/FL_31.JPG
Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
පංසල් මළුවෙදි පයට නොපෑගෙන මහ මග වැටුනොත් තැලී පෙලී යන සුදු අරලිය මල... http://farm4.static.flickr.com/
-
කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-16...
අම්ම අපව බිහිකලාට...අපිව සම්පූර්ණ කෙරන්නේ තාත්තා කියලයි මට නම් හිතෙන්නේ. තාත්තා තමයි අපෙ පලමුවෙනි වීරවරයා.......ඇත්ත්ටම ඔහු තමයි අපෙ සැබෑ වීරය.....මටනම් තම හිතා ගන්න බෑ මගෙ තාත්තා තමන්ගෙ සතුට අපි වෙනුවෙන් කොහොම පරිත්‍යාග කෙරෙනවාද කියලා. සමහර විට මම තාත්තා කෙනෙකු වුනු දාට එකෙ මට තේරේවි.....ඔබෙ පියාගෙ ජන්මදිනයට මගෙනුත් සුබ පැතුම්.ඔහුට නිරෝගි සුව හා දීර්ඝායුෂ පතමි...හැඟුම්බර වදන් පෙලක්...:D...
ReplyDeleteනංගියේ ඔබේ දයබර පියාණන්ට සුබ උපන්දිනක්!
ReplyDelete"...ඒත් ඔහුගෙ ජීවිත දර්ශනය වුණේ තමන් උගන්නන අනුන්ගෙ දරුවන්ට හරියට කැපවෙලා උගන්නනව නම් තමන්ගෙ දරුවො ඉගෙනගනියි කියන එක...ඔවුන් දෙන්නගෙ ම විශ්වාසය වුනේ එහෙම...ඒ හින්ද ඒක ඉශ්ට කරන්න ම ද මන්ද මම මගේ අධ්‍යාපනයේ දි ප්‍රාතිහාර්ය සිද්ද වෙනව දැකල තියෙනව..."
සහතික ඇත්ත. මේ ගැන වෙනත් ලියන්න වචන නැහැ නංගී, මෙවැනි උතුම් අය කිහිප දෙනෙකුම ජීවිත ගමනේ මුණගැසුන මට ලොකු අත්දැකීමක් ඇත.
වැඩි වැඩියෙන් නිරෝගී සුවය ලැබී දිගුකල් යහමින් වැජඹෙන්න ගුරු පියාණෙනී!
ඔබ
ReplyDeleteබොහෝ දුර ඈතක වුව
ඔබේ මතකය
අද..
ඔහුත් මේ වගෙම
සිහිකරනවා ඇති
නිරණුමානවම...
ඔයාගේ තාත්තට සුභම සුභ උපන් දිනයක් ..!!!!
නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ..!!
මමත් ප්‍රාර්ථනා කරනවා....
මගේ සුභ පැතුම්..
ReplyDeleteමගේ සුබ පැතුම ට එකතු වුණා ට ස්තුතියි..!!!
ReplyDeleteGald to know that we are both children of teacher fathers.
ReplyDeleteMy father worked as a teacher for about 37 years before retiring.