Saturday, July 10, 2010

සඳ සිතුවම් සම නොවෙනා...


තුරුඅගිස් නැගී
මා වවුල් පියා සැරි
කණාමැදිරි එළියත් නැගෙනා
තුරු වදුලු මැදින්
‍රැස් කිරණ හලා
සඳ සිතුවම් ‍රැය අඳිනා

මේ නියොන් එළි
නෙකවනින් දිලී
නෙක නෙක රූ නෙත මවනා
කළු සුදුත් හලා
කණමැදිරි එළිත් ලා
ඇඳි සඳ සිතුවම් මකනා

දිලි දිලී ‍රැයේ
දේදුනු ප්‍රභාවන්
අරුම රටා වියනා
කළු සුදෙන් ඇඳී
සිත මිහිර විඳී
සඳ සිතුවම් සම නොවෙනා




21 comments:

  1. ඉර එලිය ණයට ගෙන
    Recondition කොරලා දෙන
    සඳ එළියේ ලස්සන දිහාට
    ඇස් ඇදිලා ගියාට.....
    අමතක කොරන්නට
    තරම්වේද
    තනිවම එලිය වී
    අඳුර මකාලන
    සුමිතුරු
    නියොන් එලිය.........
    අවලස්සන වුනු පලියටම.......

    ReplyDelete
  2. ඉර එළිය අරන්
    සඳ කිරණ මවා
    සිහිල දෙවා සනහා
    රෑ අඳුර මකා ලූ
    සඳ සිතුවම් අඳිනා

    ඒ නියොන් එළී
    තනිවම ත් නොවේ
    පරමාණු බිඳී
    ලොව වනසන එළියයි මවනා

    හිරුගෙ ප්‍රභාවට
    විලිවැදී ගියත් සඳ
    මේ නියොන් එළී
    සඳ තරම් නොවේ
    කිම ඔබ ඒ වෙත පෙම් බඳිනා

    ReplyDelete
  3. මම කොහේ දෝ සොදුරු ලොවක අතරමන් කලා මේපද පෙල.....

    ReplyDelete
  4. චේජනා මගෙ නංගියේ.....

    මේ ඉසව්වට ඒවාගේම "ගල් මල්" මහත්තයාගෙ ඉසව්වට ගොඩවදින්නෙ හිතේ පුදුම ගෞරවයකින්....ඒ හැඟීම දිනෙන් දින වැඩිවෙනවා බං... (තරහ නැහැනෙ උඹ,බං බොළං කීවට නේද??)ජීවිතය,සමාජය,සෞන්දර්යය,තාක්ෂණය ඒ වාගෙම ස්වාභාවධර්මය ගැන ඔයාල දකින විදිහ හරිම අපූරුයි...

    සුලා

    ReplyDelete
  5. නියොන් එළි මතින් ඇ‍ඳෙනා
    නෙක් විසිතුරු වෙත් විසකුරු
    සඳ සිතුවම් සම නොවේ

    පෙළින් පෙළට නුඹ අඳිනා
    කව් සිත්තම් වෙත් පිවිතුරු
    සඳ සිත්තම් වැනිම වේ...

    ReplyDelete
  6. හ්ම්ම්... තුන් හතර ගමනක් කියෝපුවහම හිත නිවන ගතියක් දැනුනා...

    ReplyDelete
  7. ඉලංදාරියා
    ඔයාට දැනුන සොඳුරු ලොව අපි පුංචි කාලෙ දැක්ක සඳ සිතුවම් වෙන්න ඇති

    ReplyDelete
  8. සුලා අය්යෙ,
    කාලෙකින් හිතට කවි මුකුත් ම නෑවිත් තිබිල අද උදේ පාන්දර හිතුන දේ තමා ඔය ..( චේජනා මගෙ නංගියේ කිව්වට පස්සෙ මොනා කිව්වත් ඉතින් තරහ වෙන්න බෑ නෙ...:) )

    ReplyDelete
  9. වළාකුළු
    ඔයා ලියල තියල ගිය කවියත් හරිම ලස්සනයි...
    මේ නියොන් එළි විතරක් දැකලම දැන් සඳ සිතුවම් දකින්න ආසයි ත්...

    ReplyDelete
  10. තිස්ස අය්යෙ,
    හිත නිවෙනව නම් සතු‍ටුයි...

    ReplyDelete
  11. ගැටෙමින් බිඳෙමින් නික්මෙන
    සැර තියුනු දුර යන
    එළිය දුන්න ද
    පැහැ ගෙන
    නියෝන්

    සුමුදු
    සඳ කැලුම්
    ගලා එන දුර
    පරයමින් සුවහස් තරු
    නිමි නිමි දිලෙනා නුබ ගැබ
    නෙක හැඩගෙන සරසන
    වන්ද්‍ර වාරය මනරම්
    විසකුරු නැහැ
    නොවැ සේ
    නියෝන්

    ReplyDelete
  12. සුවහස් තරු රටා අඳිත්
    ගුවන් ගැබේ අඳුරු
    සඳ කැළුමන් රටා අඳිත්
    පොළෝ ගැබේ සොඳුරු
    සොබාදමේ ගොළු ගීයකි
    ලොව නැලවූ මියුරු
    නියොන් එළිය මේ සියල්ල
    මකා නැගුන අයුරු

    ReplyDelete
  13. වලා අතරින් එබී..
    නෙක සිතුවම් ඇඳී...
    හිත තුටින් තැබී...
    නුඹයි මගෙ සඳවතී..

    නියොන් එළි දහස්..
    එළි කලද නෙක රහස්..
    හද මැදුරෙ සිතුවම්..
    මැව්වෙ නුඹමැයි සඳවත්..

    සුවිසල් මහල් පුරයේ..
    නෙක දනන් අතරේ..
    ඇයිද අහෝ නොදැනේ..
    තනිකමයි උරුමේ.....

    පාළු හද ගැබ පුරා...
    නෙක හැඟුම් සරහා..
    සඳ සිතුම් අතුරා..
    හෙටත් හිනැහෙමි කඳුළු පිසදා..

    සුලා..

    ReplyDelete
  14. නියොන් එළි දහසක්
    එළි කළත් තුන් යම් කල්
    හද මැදුරෙ සිතුවම්
    අඳින්නට නොසමත්

    සුවිසල් මහල් පුරයේ
    සඳ සිතුවම් නොඇඳේ
    තනිකමේ අරුමේ
    නිවයි සනහස් සිතක උරුමේ

    සොඳුරු හද ගැබ පුරා
    සෙනෙහස පුරා අතුරා
    සඳ සිතුවම් සරා
    හිනැහෙන් සඳවත බලා

    ReplyDelete
  15. සඳ සිතුවම් මවා
    ලොවට සිරි ගෙන දෙන්නා
    එයට කවි ගොතනා
    ඔබේ සිත සඳක දැයි සිතුනා
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. අමාවක සැඟවී
    පුරපෝයදා දිලෙනා
    උදුල සඳවත සේමා

    සිතත් සඳකී

    රිදවුමෙන් හඬනා
    සැනසුමේ දී
    හසකැලුම් දිලෙනා

    ReplyDelete
  17. චේජනා ..
    සමාවෙන්න බොහොම කාලෙකින් ‍මේපැත්තෙ එන්න බැරි උනා.
    ඔබේ පුංචි කවි සිත්තම් එන්න එන්නම ගොඩක් හරවත් වෙනව කියලයි හිතෙන්නෙ. කාලෙකින් හිතට ආපු කවියක් කිව්වනේ.
    ගොඩක් සතුටුයි.

    -ජය

    ReplyDelete
  18. කෝ මේ නංගියා කොහේ ගිහිල්ලද???...වැඩත් වැඩි වෙන්ඩෑ....??

    සුලා..

    ReplyDelete
  19. @සුලා...
    නෑ නෑ.. අපිට නං ආරංචිය කේක් ගෙඩියක් තියාගෙන කපන්ට සූජානං වෙනව කියල.
    ආපුවාම අහලම බලමුකෝ.

    ReplyDelete
  20. යෝගි, පළවෙනි කමෙන්ට් එකට නම් බොහොම ස්තුතියි,


    ඒත් ඉතින් දෙවෙනි එක දැක්කම හිතෙනව ඔයා තව පොඩ්ඩක් වැඩ වැඩි වෙලා නෑවිත් ම හිටිය නම් හොඳයි කියල :D


    සුලා අය්යෙ,

    ටිකක් වැඩත් වැඩියි, ඒ වගෙම තරමක් කරදර කාලයක් ගත වෙන්නෙ, හිත නිදහස් නෑ මුකුත් ලියවෙන්න...බොහෝමත් ම ස්තුතියි ඇවිත් හොයා බැලුවට,

    ReplyDelete
  21. This is the best what I read in your blog..its creative

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...