Sunday, May 23, 2010

මගෙ හිත...මේ දවස්වල




ඉන්ගිරීසි අකුරු අතර
හිර වුනු....
ලිලී මලක්....
වගේ..

20 comments:

  1. ආ...... අක්කෙ කාලෙකින් මම ආවෙ....

    ReplyDelete
  2. කොහොමද මල්ලි, ඉගෙනගන්න වැඩ..කාලෙකින් තමයි..ඔයා..
    දැන් නම් ඒත් මම ත් වැඩ ගොඩ ගැහිල ඉන්නෙ..

    ReplyDelete
  3. ඔහොම කාලයක් එනවා වැඩ කරන හැමෝටම... පහුගිය දවස් ටිකේ මමත් ඔෆිස් හොඳ කට්ටක් කෑවා. ටික දවසකින් ඕක ඇරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් අපිට මොනව මොනවා හරි කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවනේ...

    ReplyDelete
  4. කොයි තරම් වැඩ තිබුණත්..[සමහර වෙලාවට පීඩනය ඉතා තදයි] හිත නිදහස්ව තබාගන්න ඕනෑ. එතකොට ඔය විදිහට හිරවෙන්නෙ නෑ.

    ReplyDelete
  5. ඒ තරම්ම පීඩනය.....අනේ කෙල්ලෙ

    ReplyDelete
  6. ඔය විඩාව නිවා ඉක්මනටම සිත නිවා ගන්නට ඉඩ හසර ලැබේවා.

    ReplyDelete
  7. ඉංග්‍රීසි අකුරු අතරේ තියන ලිලී මලක් නිසාම හොඳයි....
    ඉංග්‍රීසි අකුරු අතරේ තියන නෙළුම් මලක් වුනා නම් එහෙම .... පීඩනය තව තව වැඩි වෙනව.....

    ReplyDelete
  8. කොහේවත් හිරවුන
    කාටත් බරක් නොමවුන
    හිතක් වී සැනසෙන
    ගඟක් වේවා ගලා ගෙන යන

    ReplyDelete
  9. ජීවිතය ඔහොම තමා නංගී, හිතට දහිරිය අරගෙන ඉස්සරහට යායුතුය.

    ReplyDelete
  10. සිරවුණත් තෙරපුනත්
    මල මලමැයි

    සදා ජය

    ReplyDelete
  11. දෙගොල්ලක් අතර වෙනස සංසන්දනය (ANOVA) කොරන්න ගොහින් "මල" නොපනීවා...

    ReplyDelete
  12. මිටියාවත පුරා..
    එළියදුන් ලිලීමල..
    දුර ඈත තනිවෙලා...
    රසායන පද අතර..
    සොයාපං ඉතින
    කාබන් සංයුතිය...

    හසර ලත් ඉසිඹුවක..
    අකුරු මත මල තබා..
    විඳියි එහි හැඩ තලය..
    සොඳුරුතම ලිලී මල..

    සුලා..

    ReplyDelete
  13. මින්දද,
    මේ දවස්වල හරිම busy , ප්‍රශ්නෙ තියෙන්නෙ ලේසියෙන් මේ කාලෙ ඉවර කරගන්න අමාරු එක තමයි..

    කුමාරයා..
    හිත නම් නිදහස්.. ඒත් වගකීම්වලින් මිදෙන්න බෑ නේ...

    දිල්,
    පීඩනය තිබ්බට සතුටින් දිල්...

    ඉසිඹුව..
    ස්තුතියි පැතුමට...

    වත් අක්කෙ,
    මෙහේ හොඳ වෙලාවට නෙලුම් මල් නෑ නෙ..
    ලිලී මලක් වෙලා හිත රඳවගන්න වෙනව මෙහෙ ඉන්නකම්..

    ReplyDelete
  14. විහඟ ගීතය

    ඉංග්‍රීසි අකුරු අතරින්
    ගලා යන
    ගඟක් වත් වෙන්න
    හැකිවේවිද
    බලමු
    හිතක් වී සැනසෙන
    මිතුරු හිත් සනසන

    ගල්මල් අය්යෙ,
    හිතේ දහිරියෙන් ම ආව මේ ගමනෙ ඉතිරි ටිකත් ඉතින් ඒ දහිරියෙන්ම යන්න ඕනෙ නෙ ඉතින්..

    ReplyDelete
  15. නෙතු අක්කෙ,
    ඔබ නිවැරදියි..
    සිරවුණත් තෙරපුනත්
    මල මලමැයි

    තිස්ස අය්යෙ..
    දෙගොල්ලක් නෙවේ .. හතර ගොල්ලක්...

    ReplyDelete
  16. සුලා අය්යෙ,

    ගං ඉවුරේ පිපුණ
    ලිලී මල...
    ගං දියේ ජවය මිනු
    මිනුම් තල
    මත තබා...
    මවන හැඩ තල..
    ඉසිඹු ලද
    නිමේෂෙක
    රස වින්දා තමයි
    මගෙ හිත...
    සෙව්වත් ලිලී මලේ
    කාබන්
    සංයුතිය
    ඒ මලක් බව
    තාමත් මතක හෙයින....

    ReplyDelete
  17. "එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
    නෙළා නොගත්තේ මගෙ බෝසත්කමට.."

    අහල තියෙනවැයි මේ සිංදුව..??? හරිම ලස්සන පදවැලක්...ගයන්නේ ක්‍රිශාන්ත එරන්දක මහත්මයා....

    හදිසියේ මේක මතක්වුණේ...ලිලී මලත් එක්පෙති මලක් නොවැ....යාළුවනේ ..හා ..ඉතිං කියමු බලන්න තව මොනවාද එක් පෙති මල් තියෙන්නෙ..මේ මිහිපිට...??
    එකායි...ඔන්න මං පටන්ගත්තා..

    ලිලී මල...

    සුලා

    ReplyDelete
  18. නාඳුනන දේශයේ
    ගංඉවුර අස
    පිපුණ
    එක් පෙති
    ලිලී මල...

    සිහිකළා මට නම්
    ගෙමිදුල
    කොනක පිපි
    ඇන්තූරියම් මල..වගෙම
    ලතාවක
    පිපෙනා
    නිල් කටරොලු
    මලක් ද...

    ඒ ඔක්කොමත් ඉතින්
    එකපෙති මල් ම
    නොවෙ ද
    ඉතින..

    නෙලුවාට මම
    සොයන්නට
    කාබන් සංයුතිය..
    මල් නම්
    සොඳුරු
    අතැඟිලි අග නොව
    අතු අගමය...

    (න‍ටුවෙන් නැඹුල් මලක් හැලෙනවා
    මලේ කතා නෑ..
    සුළඟයි වැලපෙන්නේ....

    -----මාලනී බුලත්සිංහලගේ හඬින්-------)

    ReplyDelete
  19. එනවා මිස නොලියා යන නිසා ලියාම යන්නට සිත් විණ

    ReplyDelete
  20. නොලිව්වට කිසිම අහිතක් නෑ අය්යෙ, ඇවිත් යන එක ලොකු සතුටක් නෙ..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...