Saturday, May 15, 2010

සිනාසෙනා.... මගෙ හිතට වඩා.... හඬන සිතට නුඹ හරි ආසයි..


කලාසොළස ගෙවුනු පුරහඳ නිශා ගගන තලය හැර ගිහින්...රිදුනු හිතේ, දුක වාං දාන නිසාම ද මන්ද....තැනින් තැන දිදුලන තරුකැට හඬාවැටෙනව වගේ....මට පේන්නෙ..

සිනා සපිරි සඳ දුර ඈතයි..
හඬා වැටෙන තරු ළඟ පාතයි..
සිනාසෙනා.... මගෙ හිතට වඩා....
හඬන සිතට නුඹ හරි ආසයි..

නිර්මලා රණතුංග ගයනව මගේ හිත ඇතුලෙ....

සිනාසෙනා මගෙ හිතට වඩා හඬන හිතට පෙම් බැන්දෙ කෝමද නුඹ... මගෙ හිත මගෙන් ම අහනව....

දුක දී සාගරය වගේ....
සතුට දේවි දිය දෝතක්..
දුකට පුරුදු හිතට මගේ...
සිනාපොදත් සාගරයක්..

දුකටම හුරුවෙච්ච්චි මගෙ හිතට සිනා පොදක් අරන් නුඹ එද්දි ඒ සතුටත් එක්ක කප්පරක් දුකත් නුඹ අරන් ඒවි කියල මම හිතුවෙ නෑ.... සත්තයි..

ගහක් වුනා හොඳ හෙවනයි
ගඟක් වුනා හරි සිහිලයි..
මලක් වුනා නුඹ සුවඳයි
ගලක් වුනා හිත පුදුමයි....

මම සන්තකව තිබුන එකම වස්තුව වුන මගේ අවිහිංසක සිත සින්නක්කරම නුඹට දෙද්දි නුඹේ හිත ගලක් බව මට අඳුනගන්න බැරි වුණේ කෝමද..මන්ද..

අහන්න මගේ හිත ඇතුලෙ ගැයෙන ඇගේ හඬ, ඒ ගායනය හිත උදුරගත්ත නම් අරගෙන යන්න..ගීතය



Photo: http://www.moviegupshup.net/data/media/18/Rani_Mukherjee_230.jpg

22 comments:

  1. මම අහන්න ගොඩක් ආස කරන ගීතයක්..
    ඒ හින්ද හිතුන පුංචි ඉඩක් මේ ගීය වෙනුවෙන් වෙන් කරන්න..
    චේජනාගෙ පි‍ටුවෙ..
    ඒත් ඉතින් මම කිව්ව වචන ටික නම් මම ගැන නෙවේ හොඳේ..
    කාටහරි හිතෙන හැටි ගැන මට හිතුන හැටි විතරයි..
    ඒ හින්ද මට ශෝක ප්‍රකාශ කරන්න එහෙම එපා....:)
    මේ සින්දුව අහපු නැති අයත් මට සමහර වෙලාවට හොයාගන්න පුළුවන් වේවි නෙ.. බලමුකො..

    ReplyDelete
  2. හොඳට මතක් කරල බලන්න ... ඔයාගෙ හිතත් ගල් වෙච්ච වෙලාවල් තිබුණ නේද ...... කලාතුරකින් හරි..................

    ReplyDelete
  3. මමත් ආසම ගීතයක් තමා ද චේජනා දාලා තියෙන්නේ.දුකට දී සාගරය වගේ කියන කොටස හිතට වැඩියෙන් දැනෙනවා චේජනා...

    ReplyDelete
  4. kumaraya
    මගේ හිත ගල් වෙන්නෙ නෑ ඕනෙ ම වෙලාවකටවත්.. හැම වෙලේම දිය වෙලා මිසක්.. ඔයා මාව දන්නෙ නෑ නෙ... දන්න අය සාක්ෂි දෙයි ඒකට...

    සතු‍ටුයි දිල් ඔයත් මේ සින්දුවට ආස එක ගැන නම්...මම නම් ආස
    "සිනාසෙනා.... මගෙ හිතට වඩා....
    හඬන සිතට නුඹ හරි ආසයි.."
    කියන කොටසට...

    ReplyDelete
  5. කණගාටුයි... සමාවෙන්න එහෙම හිතුවට ...

    ReplyDelete
  6. මම ඔයාගෙ හිත රිදවන්න එහෙම කිව්වෙ නෑ.. සමාවෙන්න කියන්නෙපා. එහෙම කියන්න ඔයා වරදක් කලෙ නෑ නෙ..
    ඔයා මාව දන්නෙ නෑ නෙ.. ඔයාට එහෙම හිතෙන්න ඇති.. ඒක සාධාරණයි..

    ReplyDelete
  7. හිතින් හඩා ගේන හිත දුකෙහිම නාවා
    තමන් ගේ උරුම සෙනෙහස පි‍ටු පෑවා
    නෙතින් කඳුළු වගුරා හිත් දිය කරවා
    පතන්නේ ඇයිද? ගිය හකුරම හඩවා

    ReplyDelete
  8. ම්ම්ම්... දවස ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා ඕං නෝක්කාඩුවක්....
    හප්පේ... ඒ මදිවට රාණී මුඛර්ජීවත් දාලා...!

    ReplyDelete
  9. විහඟ ගීතය

    ගහක් වුනා සුව සෙවණයි සිසිල සැදූ
    ගඟක් වුණා සිහිලැල් දිය පවස නිවූ
    මලක් වුණා සුවඳයි මගෙ හිතම මුළු
    ගලක් වුනත් හිත කඳුලින් සසල කෙරූ

    හිතින් හඬා දෙනෙතින් කඳුලැලි වගුරා
    වාං දමන දුක ගීයක දිය කරවා
    ගල් වුණ හිතක් මුදු කරනට වෙර දැරුවා
    ගලක් නුමුත් හැර යන්නට මට බැරුවා

    ReplyDelete
  10. අය්යෙ,

    මම ඒක නෙ අද උඩින්ම ලියල ම තිබ්බෙ ඕක මගෙ නෝක්කාඩුවක් නෙවෙයි කියල....
    'කාටහරි හිතෙන හැටි ගැන මට හිතුන හැටි විතරයි..'

    සින්දුව ලස්සනයි කියල ඔයත් පිළිගන්නව නෙ...

    සිහින දෙව්දුව නම් අඬාගෙන නෙ ඉන්නෙ, ඉතින් දැම්ම...

    ReplyDelete
  11. ගීතයත් එක්ක මුසු වෙලා අතරින් පතර ඔබේ සටහනත් .. සියල්ලම එකක් වගේ .
    ගොඩක් රසවින්දා ඒක..

    "ඒත් ඉතින් මම කිව්ව වචන ටික නම් මම ගැන නෙවේ හොඳේ.. "
    ෂුවර් ද ?..

    ස්තුතී අපිත් එක්ක බෙදාහදාගත්තට ..

    -ජය

    ReplyDelete
  12. යෝගි,

    ඔබ මා ලියූ දේ රසවිඳීම හා මෙහි සටහනක් තැබීම වෙනුවෙන් තුති...
    අන්තර්ජාලයෙන් ගීතය ලබා ගෙන මෙහි පලකිරීම සඳහා ඔබ දුන් අමිල සහයෝගයට මෙන්ම....

    එහෙත් ඔබේ පැනයට නම් කණගා‍ටුවෙන් වුව ලබා දීමට ඇති පිළිතුර නම් මගේ සටහන මගේ අත්දැකීමක් නොවන බවමයි..

    ReplyDelete
  13. නිර්මලා රණතුංග ගේ ගීතවල ආවේණික ආරක් තියෙනවා ,උදා: සිනා පොදක් වී, සිතට සිතින් බැඳී ගීත. ඇගේ ගීතවලට මා ගොඩාක් කැමැතියි.

    තවත් ලස්සන ගීතයක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි නංගී.

    ReplyDelete
  14. ඔව් අය්යෙ, නිර්මලා රණතුංග ගෙයි නිරංජලා සරෝජිනී ගෙයි දෙන්නගෙම තියෙන අපේ හිත් ඇතුලෙ හැමදාම ගැයෙන ගීත,
    මාත් එක්ක මේ ගීය අහන්න ආවට ස්තුතියි .. ඉතින්

    ReplyDelete
  15. "කාගෙ හරි අතින් හිත රිදුනම ටිකක් ඇඬුවත්, වෙනස්වීම්වලට ඉක්මනට ඔරොත්තු දීල ජීවිතේ විඳින කෙනෙක්.."
    හ්ම් හ්ම්.... ඒක නිසා මේක ඔයගේ ජීවන ගීයක් වෙන්න බෑ. නමුත් ලස්සන ගීයක් රස විඳින්න ඒක බාධාවක් නෙමේනෙ නේද? ඒ රසය අප එක්ක බෙදා ගත්තට තුති...

    ReplyDelete
  16. මමත් හුඟක් ආස ගීතයක් මේක.
    ඒත් ඊට වඩා යමක් මේ දවස් වල හිතට එන්නේ නෑ..චේජනා.
    දන්නවා නේද...ඉතිං...

    ReplyDelete
  17. නෙතු, මේක මගෙ ජීවන ගීයක් නෙවේ..මම ඉක්මනට අඬල ඉක්මනට හිනාවෙන කෙනෙක්..අර ඔයා කියෙව්ව වගෙම.. ඒත් මම අර සිනාසෙනා මගෙ හිතට වඩා හඬන සිතට නුඹ හරි ආසයි කියන කොටසට ගොඩක් ආසයි... ඒකයි සින්දුවටම ආස මම හිතන්නෙ

    ReplyDelete
  18. ස්තුතියි නිල් අහස,
    කාලයත් එක්ක ඔයාගෙ සිත ආපහු යථා තත්වයට එයි..
    මම ප්‍රාර්තනා කරන්නම් ඔයා වෙනුවෙන්
    සෝ ලතැවුල් නැති හෙටක්..

    ReplyDelete
  19. මම පහුගිය අවුරුද්දක විතර කාලයක් තිස්සෙ සිංහල ගීත වැඩිය ඇහුවෙ නෑ. ආයෙත් අහන්න පටන් ගත්තෙ මීට කලින් ඔයා හඳුන්වල දීපු "ප්‍රේමය පුද දී අවසානයි" කියන ගීතය ඇහුවට පස්සෙ තමයි. ඒක කොච්චර හිතට ලං උනාද කියනව නම් මේ වෙනකනුත් අඩුම ගානෙ දවසට එකසැරයක් වත් ඒක අහනව.
    මම මේ ගීතයත් අහල තිබුනෙ නෑ. ආයෙමත් හිතට වදින ලස්සන ගීතයක් හඳුන්වල දුන්න එකට ගොඩා...ක් පිං. ඒ වගේම, ඔයාගෙ සිතුවිලි එකතු කරල ගොතපු පද වැලත් ගොඩාක් ලස්ස්නයි.

    ReplyDelete
  20. චේජනා අක්කෙ... අවංකවම කියනව නම් මං මේ ගීතය මීට කලින් අහල තිබුණේ නැහැ... ඒත් ගීතය, එහි පදරුත් වගේම කොච්චර සුන්දරද කියන එක තේරුණේ ඇහැව්වට පස්සෙයි...
    මෙවැනි ගීතයක් අපට තිළිණ කළාට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  21. මතක මංපෙත,
    ගොඩක් ස්තුතියි මල්ලි,
    සින්දු අහනව කියන්නෙ මගෙ ජීවිතේ නම් එක කොටසක් කිව්වත් හරි..ඉතින් ඔයා මම නිසා ආපහු සින්දු අහන්න පුරුදු වුණා කිව්වම හරිම සතු‍ටුයි.. ලස්සන online radio එකක් තියෙනව ජපානෙ ඉඳල විකාශය කරන http://www.mihilaradio.com/onair.html ඔයා දන්නවදත් මන්ද....ඒකෙ ලස්සන සින්දු යනව..
    අනික ගොඩක් ලස්සන සින්දු තියෙනව නෙ තිස්ස අය්යගෙ හද ගී පොතේ
    මම නම් මේ මම අහන්න ආසම සින්දු ඉඳල හිටල එකතු කරන්නෙ...

    සන්සරසිදු,
    ස්තුතියි මල්ලි... සුන්දරම පද වැල තමයි හිත උදුර ගන්නෙ...ඒකට උපරිම සාධාරණය ගායිකාවගෙන්....

    ReplyDelete
  22. මේ ලින්ක් එකට බොහොම ස්තුතියි. අද දවසෙම ලැබ් එකේ හිටියෙ මේ රේඩියෝව දාගෙන තමයි.පිට රටක ඉන්නව කියල පොඩ්ඩක්වත් දැනුනෙ නෑ.
    තිස්ස අයියගෙ බ්ලොග් එක හිමිහිට නිවාඩු පාඩුවෙ බලන්න ඕන.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...