Friday, May 31, 2013

එතකොට අහස අයිති...?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiS6ApjtJM9LfMdj2hSbRdi5BIv3TjdPxjQvsrKyKHnZ8R-IZBsUzYuJS_7MqYXV45adHq0zgYMZbuTjFcZKIt-r3wUnk5TAdoyvo-COCqWt4ykxd4G7029fkApPysasItu2DjIHpMOuyA/s1600/sky+and+land.jpg

සුදු වළාකුළු ලස්සන වුණාට
වැස්ස අයිති
කළු වළාකුළුවලට...

එතකොට අහස අයිති...?
සුදු වළාකුළුවලට ද...
කළු වළාකුළුවලටද.../

7 comments:

  1. වලාකුළුත් හරියට හීන වගේ. සුදු වෙනවා කළුවෙනවා. තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
  2. අහසත් ලෝකෙ වගේ.සුදු මිනිස්සුන්ටයි කලු මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ඉඩ තියෙනවා.සුදු කලු කියලා අදහස් කළේ චරිත ස්වභාවයන්!

    ReplyDelete
  3. අහස දුර ඈතයි
    අපි කාටවත් අයිති නැත
    මීට
    වළාකුළු

    ReplyDelete
  4. අහස අයිති වළාකුළුවලට. වැඩි අයිතිය ලඟින් ඉන්න අයට, ඒ අනුව බරින් අඩු සුදු වළාකුළුවලට නොවෙද?

    ReplyDelete
  5. දැං ඔය ළමය මෙතන කවුද?...අහසද? සුදු වළාකුළුද? කළු වළාකුළුද?....හෙහ්, හෙහ්,

    හරි හරි ඒකෙං වැඩක් නෑ..ඔය කවුරුත් කාටවත් අයිති නෑ..එහෙම හිතනවනම් ඒක හීනයක් විතරයි..ඒ නිසා කවුරු කාට අයිතිද කියල හිතන්න යන්න එපා..තේරුණාද? :)

    ReplyDelete
  6. කළු උනත් සුදු උනත් වළාකුළු වලට රැවටෙන්න එපා...වළාකුළු කියන්නෙ මිරිඟුවක් වගේ...ඈතට පෙනුනට ලඟට ගියාම ඇඟේ දැවටුනත් අයිති කරගන්න බෑ......

    ReplyDelete
  7. කළු සුදු දෙකම එකයි . වෙන්කරන්නෙ අපිමයි. නැත්නම් දෙකම එක වාගෙ. පාටේ වෙනස විතරයි. සුදු වලාකුලම කළු වෙන්න පුළුවන් නෙ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Locus of control

Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්‍රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්ව...