Tuesday, May 10, 2011

අනන්ත දසුනක් සැඟවී ගිය සඳ...



බිඳ බිඳ දියවෙන මේඝ වළාවක
රන් හිරුකිරණක උණුසුම් පහසක
එක්වී කැළතී වෙන්වී යන සඳ
ඉඳුදුනු මතුවිය පෙරඹර අහසක

තුරුහිස ගැයෙනා විහඟ ගීතයක
බිඳ බිඳ සැලෙනා ලතා මඩුල්ලක
සුගායනය රිද්මය මුසුවූ සඳ
රොන්සුණු තැවරිණ මඳනල ‍රැල්ලක

වසන්ත අහසේ ඇඳෙන රටාවක
සුදු මුදු සුසිනිඳු මිහිදුම් සළුවක
අනන්ත දසුනක් සැඟවී ගිය සඳ
දෙතොලග තැවරිණ මිහිරි සිනාවක

4 comments:

  1. ලස්සනයි අක්කේ... උදේම මාරම හැඟිම් ගොඩක් හිතට ආවේ... නියමයි.. උපරිමයි.

    ReplyDelete
  2. ලස්සන මිහිරි පදපෙලක්. ගීතයක් වගේ ගලන පරිසර වැනුමකින් දවස පටන් ගත්ත ද කිහිපවරක් කියවා රසවිඳ පොඩි සටහනක්වත් ලියාගන්න බැරිවිය, පදපෙල ගොඩාක් හිත ගත්තා නංගී.

    ReplyDelete
  3. ලස්සන පරිසර වර්ණනාවක්. දසුනේ ඇති සුන්දරත්වය මනබඳිනවා නංගි. අවසාන පැදි පේළිය වඩාත් සිත් ගත්තා නංගි, හැම දසුනක්ම අවසන ලැබිය යුත්තේ සතුටම නේද?

    ReplyDelete
  4. එදා ලස්සන දවසක්... හිරිපොද වැස්සත් එක්ක...
    ඉතින් ස්තුතියි ඔයාලට...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...