Tuesday, March 8, 2011

ජපන් කෑම...(Sushi, Sashimi and Seafood)

අමුවෙන් මාළු ආහාරයට ගැනීම ගැන ජපානෙට තියෙන්නෙ ලොකු ප්‍රසිද්ධියක්... අමුවෙන් මාළු ආහාරයට ගැනීමට පිළියෙල කරන විදි දෙකක් තමා සුශි, සශිමි කියන්නෙ...
උයපු බත් උඩින් මාළු තියල හරි, මාළු මැදිකරල රෝල්ස් වගෙ ඔතල හරි තමා සුෂි පිළියෙළ කරන්නෙ...අමුවෙන් තුනීවට කපපු අලුත් මාළු පෙති බත් ගුලියක් උඩින් තිබ්බ වගෙ තමා මේක... මාළු බිත්තර ටිකක් බත්වලට උඩින් තියල නොරි කොළේක ඔතල හදපු සුෂි තමා මේ...


 සෂිමි කියන්නෙ අමු මාළුවලින් විතරක් පිළියෙළ කරන කෑමකට...සමහර වෙලාවට, සලාද කොළ, ගාගත් රාබු, කපාපු ලූනු එක්ක මේක ලස්සන දීසියක් විදියට හදනව...


මේ දෙකටම ගන්න මාළු වර්ග සමානයි...
ටූනා වර්ග, සැමන් මාළු වර්ග, ඉස්සො, බූවල්ලො වගෙම මාළු බිත්තරත් මේවලට ගන්නව...වම් අත පැත්තෙ අයිනෙ රතුපාට දාරයක් එක්ක සුදුපාටට තියෙන්නෙ බූවල්ලා මාළුවෙක්ගෙන් කපාගත්ත තීරු...
තුනීවට කපපු නිසාත් අළුත් මාළු නිසාත් වෙන්න ඇති අමුයි කියල හිතෙන්නෑ මේක කද්දි...මුලදිම ටිකක් අපහසුවක් දැනුනත්...

අනිත් අතින් මේක නිකන්ම කන්නෙත් නෑ...සෝයා සෝස්වල දියකරපු වසබිත් එක්ක තමා සුශිත් සෂිමිත් දෙකම කන්නෙ...වසබි කියන්නෙ වසබි ගහක (Wasabia japonica) අල තුනීවට ගාල අරගත්ත පේස්ට් එකකට...ඒකෙ සැර මිරිස් සැරට වඩා හුඟක් කිට්ටු අබ සැරට... නොදන්නාකමින් ඕනවට වඩා වසබි කැවුණොත් නාහෙත් ඉස්මොළෙත් දනව වගෙ ගතියක් දැනෙන්නෙ...


මේව ඇරුණම බෙල්ලො වර්ගත් ගොඩාක් ජපන් ආහාර අතරෙ තියනව... හුඟක්ම බෙල්ලො වර්ග සුප්වලට ගන්නව... ඒ ඇරුණම වෙනම කන්නත් ගන්නව, තම්බල සෝස් දාල...ඒත් ජපන් කෑම අතරෙ මේ බෙල්ලො ආහාරයට ගැනීම ගැන මට තියෙන්නෙ ඉතාම සුළු අත්දැකීමක් විතරයි... බෙල්ලො ආහාරයට ගන්න මගෙ කිසිම කැමැත්තක් නැති නිසා...
මේ ඇර මුහුදු පැළෑටි සලාද වර්ගත් ජපන් කෑම අතරෙ විශේෂයි...මම හිතන විදියට ඒව යන්තමට හරි තම්බල අරගෙනයි තියෙන්නෙ... ජපානෙ තියෙන නානාවිධ සෝස් වර්ගත් එක්ක ඒව කන්න පුළුවන්... මුහුදු පැළෑටිවලට නම් මෙලෝ රහක් නෑ...නිකන්ම වතුර රහයි ඒව...
මේ මුහුදු පැළෑටි අඹරපු තලත් එක්ක මිශ්‍ර කරල සලාදයක් විදියට හදනව... මේ ඒකක්.. කොහොමටත් ගොඩක් කොළ වර්ග තලත් එක්ක මිශ්‍ර කරල හදපු සලාද ජපානෙ තියනව...

 

මීට අමතරව මිසො සුප් කියන බොහෝ විට ඕනෑම ආහාර වේලකට එකතුවෙන සුප් වර්ගය හදන්නත් මුහුදුපැළෑටි වගෙම බෙල්ලො, සහ මාළුවලින් ගත්ත සාරය පාවිච්චි කරනව...

10 comments:

  1. මේ ලගදි මගේ යාලුවෝ වගෙකුත් ජපන් රෙස්ටුරන්ට් එකකට යන්න කතා උනා..හදිසි හේතුවක් හන්දා මට එ අවස්තාව මග හැරුනා.... ඇහුවම නම් කිවේ ජපන් කැමත් රසයි..කියලා.. අත්හදා බලන්නම ඔනා..

    ReplyDelete
  2. apoi me japan kama mata nam kannama ba. Matath innawa japan yaluwo dennek.Matath denawa e kama kanna kiyala wahathu rahe ba.Watapita balala horen visi karanawa.habai e aya lankawe kama kanne hari asai.

    ReplyDelete
  3. godak asian ratawala kama rasai. eth me japan kama nam anthimai.mama inne wena rataka. mata innawa ratawal keepeka yaluwo.indoonesian,chinees,thailand,kambodiya,india,kama rasai.vietnam kamath echchara honda na.

    ReplyDelete
  4. ජපන්, කොරියා, තායි, පිලිපීන ආදී කෑම වර්ග ගැන එතරම් ප්‍රියක් මගේ නැතත් ජපන් කෑම වර්ග ගැන ඔබේ ලිපි පෙල නම් ගොඩාක් රසවත්.

    අපේ රටේ ඇති පලාවර්ග තරම් වෙනත් කොහේවත් නැතුව ඇති. අපිට මුකුණුවැන්නා තරම් සාමාන්‍ය පලාවර්ගයක් නැතත් ඉන්දියාවේ බෙහෙත් හදන්න ගන්න වර්ගයට වඩා නැති තරම්. අපේ නිවිති (Spinach) වර්ගයත් විශේෂයි, ඒ ගණයේ නිවිති බංගලාදේශ් වල තිබුනද ඉන්දියාවේ වර්ග වෙනස්.

    මෙඩිටෙරෙනියන් කෑම (Mediterranean food)අතර ද සලාද විශේෂ තැනක් ගන්නවා. ඒවා සැකසීමේ දී අපි අතර සලාද කොළ කියලා ප්‍රසිද්ධ Lettuce, ඔලිව්, ඔලිව් තෙල්, තල ඇට, කොත්තමල්ලි කොළ ආදිය යොදා ගන්නවා. හැබැයි අපේ රටේ ඇති සලාද කොළ වර්ගය නම් බොහෝ රසයි. දැන් දැන් ඒ වර්ගය බයෝ-ෆාර්ම් වල වැවීම ජනප්‍රිය වෙලා - රසය අඩු වුනත්.

    ReplyDelete
  5. නිම්ශා, ඕනම කෑමක රසකට ඉක්මනට හුරුවෙන්න පුළුවන් කෙනෙක් නම් ඔයා, ඔයාට ජපන් කෑමත් රසයි කියල දැනේවි... මොකද ජපන් කෑමවලටත් ඒවට ආවේණික රසක් තියනව.. ඒ රස අපිට ආවේණික කෑමවල රසටත්, අපි පාවිච්චි කරන කුළුබඩුවල රසටත් වඩා වෙනස්...

    ReplyDelete
  6. Anonymous,

    ගොඩක් ආසියාතික රටවල්වල කෑම රසයි කියන එකෙන් අපි බොහෝවිට අදහස් කරන්නෙ ඒව අපේ කෑමවල රසට සමීපයි කියන එක නේද...ඒත් ජපන් කෑමවල රස ඊට වෙනස්...පාවිච්චි කරන කුළුබඩු සහ සෝස් වර්ග ගොඩක් වෙනස් නිසා...

    අනිත් අතින් ඔයාට වටපිට බලල හොරෙන් විසිකරන්න පුළුවන් වෙන කෑමක් තියෙන නිසා, ඒත් සමහර වෙලාවල් එනව මෙහෙදි වෙන කිසිම විකල්පයක් නැති... ඒ වෙලාවට ඉතින් කෑම එකේ පුළුවන් ටිකක්වත් කන්නම වෙනව..
    සමහර වෙලාවට මම එහෙම කරනව...මම කන්න අකමැති රසක් එයි කියල හිතුනම මම සෝස් දාන්න එපා කියල කෑම එක ගන්නව...

    ReplyDelete
  7. මෙහෙත් කොළ වර්ග ටිකක් තියනව... ඒත් ටිකක් තෙත ගතිය වගෙ තියන කොළ...
    හැබැයි රසින් ටිකක් ගොටුකොළ වලට සමාන ජාතියකුයි, කංකුංවලට සමාන ජාතියකුයි තියනව...
    සලාද කොළ ඇරුණම මෙහේ තියන අනිත් කොළ ජාතිවලට මම නම් කිසිම කැමැත්තක් නෑ... කාලෙකින් කොළ කෑවෙ නෑ කියල මතක් වුණාම එළුවෙක් කොළ කනව වගෙ ටිකක් අමාරුවෙන් කාල දානව මිස (ගුණ ගැන හිතල..)

    ReplyDelete
  8. 2001 වසරෙදි නැවක යත්දි ආසාවට තමයි ජපන් කෑම රස බලන්න ලැබුනේ. ඔන්න ගිහින් වාඩි උන ගමන් ගෙනාවෙ ඉස්සො එක්ක රස සුප් එකක්, ඊළගට තමයි නොරිකොළ වල ඔතපු බත් සමග ලුණු මිශ්‍ර අමු මාළු කෑල්ලක් ලැබුන බත් ඇබිත්තක් සමඟ සලාද එහෙම ආවෙ ඊටත් පස්සේ. මුළදි නම් ටිකක් වෙනස් වගේ දැනුනට ටික ටික රස බලන කොට ඒවත් එක විදිහකට රසයි. හැම දෙයම විඳ දරා ගන්න ඕනෙනේ. හොද විස්තරයක්. නංගි ඔයාට ස්තූතියි!.

    ReplyDelete
  9. කාලම තමා කියන්න වෙන්නේ ගුන අගුන.... :D

    ReplyDelete
  10. වසාබි වල සුවද කොහොමද චේතනා :වී

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...