Wednesday, October 20, 2010
මතක අතීතයෙ පිටු... "සමාස තද්ධිත ප්රත්ය විශේෂණ..."
මම ලංකාවෙ ඉන්දදි නම් මේල් බලන්නවත් කම්මැලියි.. ඒ හින්ද ම ලංකාවෙ ඉන්දදි නම් මම බ්ලොග් එක පැත්තෙ ගොඩ වැදිලවත් නෑ...
ලංකාවටත් ගිහින් ආයෙ ආව ම නම් බ්ලොග් එක ආපහු පණගහල ආව...ඔහොමත් ටිකක් කල් ගත වෙද්දි තමයි දුකා අය්යගෙ බ්ලොග් එක, තිස්ස අය්යගෙ බ්ලොග් එක වගෙ ඒව මට හම්බුනේ...
මතකද මන්ද දුකා අය්ය වික්ටර් රත්නායක මහත්තය ගැන ලියපු පෝස්ට් එක... ඒත් ඒක මට නම් මතකයි... මොකද ඒ පෝස්ට් එක මගෙ හිතේ ගොඩාක් කාලයක් තිස්සෙ තිබුන බලාපොරොත්තුවක් අලුත් කල නිසා වගෙම බ්ලොග්කරණයෙන් මට ලැබුණ යාලුවො සොයා ගැනීමේ ආරම්භය ඒ පෝස්ට් එක සටහන් කළා කියල මට අදත් හිතෙන නිසා...
"සමාස තද්ධිත ප්රත්ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්රියාපද
වින්ද්යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"
මම කිසිම දවසක මේ සින්දුව අහල නෑ, හැත්තෑ ගණන්වලදි ලියපු අම්මගෙ පරණ සින්දු පොතක දම්පාටින් ලාසඳ බැසයනවා, රඟහල දැන් ඇත අඩ අඳුරේ, අභියාචනයක් පිලිගන්වන්නට වගේ සින්දු අතරෙ මේ සින්දුවෙත් පද ටික සටහන් වෙලා තියෙනව මම දැකල තියෙනව...
සින්දුව පුළුවන් නම් හොයාදෙන්න කියල ඉල්ලපු සටහනකට, ලංකාවෙන් හරි ගෙනල්ල දෙන්නම් කියල පොරොන්දුවකුයි යාළුවෙකුයි, තව යාළුවෙකුයි ලැබුණ... සින්දුව නම් තාම නෑ...
අහම්බෙන් එක සටහනක ලියවුණ නම මට තවත් යාළුවෙක් හදා දුන්නෙ එහෙමයි... එකෝමත් එක දවසක උදේ පාන්දර "***ගෙන් ලියුමක්" කියල ලියමනකින්...
ඒත් ඒ දවස වෙද්දි මෙහේ හිටිය මගේ ආදරණීය ම යෙහෙළියන් දෙන්න ම ලංකාවට යන දවස ඇවිත් තිබුණ, ඉදිරියෙදි තනියම මෙහේ ගතකරන ජීවිතේට යාළුවො කීපදෙනෙක් එකතු කරගන්න කිසිම විකල්පයක් පෙනුනෙ ම නෑ මට...
තනියම ගතකරන මෙහේ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇත්තෙ ඒ දවස් ටික, ඒත් ආශ්චර්යන් විශ්වාස කරන්න සිද්ද වෙලා තිබුණ... ඒ වෙද්දි... බ්ලොග් එක මගේ ජීවිතේ ආදරණීයම යාළුවො කීප දෙනෙක්ගෙන් පුරවන්න තරම් ම මට කාරුණික හා ආදරණීය වෙලා තිබුණ නිසා...
-----------------------------------
Subscribe to:
Post Comments (Atom)
විෂ සහිත මිනිස්සු - Toxic people
අනන්යතාවය සඟවමින් ලිවීමට ඇති හැකියාව භාවිතා කරමින්, අසභ්ය වදන් ලියන නිසා මේ දිනවල නිදහසේ කෙනෙකුට අදහස් දැක්වීමට නොහැකි ලෙසින් චේජනාගේ පිටු...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා.... ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර ක...
-
පංසල් මළුවෙදි පයට නොපෑගෙන මහ මග වැටුනොත් තැලී පෙලී යන සුදු අරලිය මල... http://farm4.static.flickr.com/

නංගී සඳහන් කල වික්ටර් රත්නායකයන් ගැන "දුකා"ගේ සටහන මාත් ඉතා ඇලුම් කල රචනයක්.
ReplyDeleteමතක අතීතයේ සටහන්... ලස්සනයි.
අනේ නගේ මටත් වඩා ගීත හදවතේම ලියවිලා තියෙන තිස්ස අයියත් ට්රයි කලා මේ ගීතය හොයන්න අනේ අවාසනාවට ලැබුනේ නම් නෑ . . .
ReplyDeleteසචී හෂිත කියන්නේ විශ්වකෝෂ දෙකක් වගේ . . සචීටත් ලැබුනේ නෑ මම හිතන්නේ . .
අපි මූනු පොතේ වික්ටර් ගේ මිතුරු පිටුවෙනුත් ඉල්ලීමක් කලා . . ම්ම්හු . .
හරි අපි තව යාලුවෙක්ට කියලා බලමු . . ලිෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් මලයටත් කියලා බලමු . .
ගල්මල් අය්යෙ
ReplyDeleteඒ වගේ සටහනක් ගොඩාක් කාලයක් මතක හිටින්නෙ හුඟාක් ලස්සනට ඒ සටහන ලියවිලා තිබුණ නිසා,
දුකා අය්යෙ,
නෝක්කඩුවක් කිවා නෙවෙයි අය්යෙ ඔයාල උදව් කළෙ නෑ කියල, සින්දුව හොයාගන්න කොයිතරම් අමාරුද කියල මම දන්නව, ඔයා ඒ පෝස්ට් එක ලියනකොට මම ඇත්තමට ඕක හොයල හොයාගන්න බැරිව ටික කාලෙකට ඒක හෙවිල්ල අතඇරල තිබුණෙ, ඔයාගෙ සටහන මට ආපහු ඒක හොයන්න උනන්දු කළා..මේ තරම් ම මිනිස්සු වික්ටර්ගෙ සින්දු අහන්න ආස නම් මේ සින්දුව හොයාගන්න පුලුවන් වෙයි කියල හිතල...
ආයෙම ලංකාවට ගියාම ඕක හොයන වැඩේ පටන්ගන්න ඕනෙ...මම කොහොම හරි එක දවසක ඔය සින්දුව වතාවක් හරි අහනව...
නංගී, ඔයා සොයන සිංදුව පහත දී ඇති සැබැඳියට ගිහින් ඉල්ලලා බලන්න. ඒ ෆොර්ම එකේ අය පුලුවන් නම් උදව් කරාවි.
ReplyDeletehttp://www.seegiri.com/forum/showthread.php?t=38
අහෝ කිඹුලනි... තොපටවත් මේ කොහිලකටු වල රඟ දැනී නැද්ද....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete