Sunday, August 22, 2010

මා තව ම කන්ද පාමුලයි...


නෙතු මානේ - ඈත ඉමේ
සැඟවී යන - හිරු සිඹිනා
සේයාවට - පෙම් බඳිනා
මගේ සිතට - නුඹ ළඟ පාතයි

නිසල විලේ - දිය මත්තේ
සිතුවම් වුණ - රූ සිත්තම
දිය ‍රැල්ලක - බොඳ වෙද්දී
මතක් වුණා - නුඹ දුර ඈතයි

ළං වෙන්න බෑ දුර ඈතයි- බැඳි සිතට නුඹ ළඟ පාතයි
හිරු සිඹින නුඹ නිසල ගිරි මුදුනයි- මා... තව ම කන්ද පාමුලයි

Photo : http://images.cdn.fotopedia.com/flickr-3052002881-image.jpg



13 comments:

  1. ලස්සන පද පෙළක්.......

    ReplyDelete
  2. බොහොම අනර්ඝයි... බොහෝමත්ම අනර්ඝයි.....!!
    වසන්තය ඉක්මනින්ම උදාවනු ඇත...

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  4. අති විශිෂ්ටයි...

    ReplyDelete
  5. සිරා.... තවත් තවත්.....

    ReplyDelete
  6. අපූරුයි අක්කෙ... ඇත්තටම අපූරුයි!
    මට නම් හිතෙන්නෙ මේක ගීතයකට ඔබින පද මාලාවක් කියල...

    ඇත්තමයි... මේක නම් ඔබින්නෙම ගීතයකට

    ReplyDelete
  7. ෆුජි-සන් එක විරාමෙක - මා සිත මතින් සක්මන් කළා
    ගිරි හිසට පෙම් බඳින මුත් සිත - කඳු පාමුලයි මා ඉඟි කළා

    ස්තුතියි සටහන්ක් තියල ගිය ඔයාල කාටත්...

    ReplyDelete
  8. හරිම ලස්සනයි

    priyangie

    ReplyDelete
  9. හරිම ලස්සනයි නංගියේ පදපෙල, කී වතාවක් වුනත් කියවලා එකවිදියටම රසවිඳින්න පුලුවනි.

    මේ දැනුයි මේ පැත්තට ආවේ දවස් කීපයකට පසුව.

    ReplyDelete
  10. මේ පද පෙළ කියෙව්වාම මහ අමුත්තක් දැනුනා....ඒත් තවම ඒ දැනුනේ මොකක්ද කියලා හිතාගන්න බෑ....
    කොහොමවුනත් පද පෙලනම් අති විශිෂ්ඨයි....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

සරසවි වරම්

මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි.  යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ ම...