නෙතු මානේ - ඈත ඉමේ
සැඟවී යන - හිරු සිඹිනා
සේයාවට - පෙම් බඳිනා
මගේ සිතට - නුඹ ළඟ පාතයි
නිසල විලේ - දිය මත්තේ
සිතුවම් වුණ - රූ සිත්තම
දිය රැල්ලක - බොඳ වෙද්දී
මතක් වුණා - නුඹ දුර ඈතයි
ළං වෙන්න බෑ දුර ඈතයි- බැඳි සිතට නුඹ ළඟ පාතයි
හිරු සිඹින නුඹ නිසල ගිරි මුදුනයි- මා... තව ම කන්ද පාමුලයි
Photo : http://images.cdn.fotopedia.com/flickr-3052002881-image.jpg

ලස්සන පද පෙළක්.......
ReplyDeleteබොහොම අනර්ඝයි... බොහෝමත්ම අනර්ඝයි.....!!
ReplyDeleteවසන්තය ඉක්මනින්ම උදාවනු ඇත...
ලස්සන නිර්මාණයක්
ReplyDeleteඅති විශිෂ්ටයි...
ReplyDeleteසිරා.... තවත් තවත්.....
ReplyDeleteශා හරිම ලස්සනයි...
ReplyDeleteඅපූරුයි අක්කෙ... ඇත්තටම අපූරුයි!
ReplyDeleteමට නම් හිතෙන්නෙ මේක ගීතයකට ඔබින පද මාලාවක් කියල...
ඇත්තමයි... මේක නම් ඔබින්නෙම ගීතයකට
ෆුජි-සන් එක විරාමෙක - මා සිත මතින් සක්මන් කළා
ReplyDeleteගිරි හිසට පෙම් බඳින මුත් සිත - කඳු පාමුලයි මා ඉඟි කළා
ස්තුතියි සටහන්ක් තියල ගිය ඔයාල කාටත්...
නියමයි..ජය !
ReplyDeleteලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeletepriyangie
හරිම ලස්සනයි නංගියේ පදපෙල, කී වතාවක් වුනත් කියවලා එකවිදියටම රසවිඳින්න පුලුවනි.
ReplyDeleteමේ දැනුයි මේ පැත්තට ආවේ දවස් කීපයකට පසුව.
මේ පද පෙළ කියෙව්වාම මහ අමුත්තක් දැනුනා....ඒත් තවම ඒ දැනුනේ මොකක්ද කියලා හිතාගන්න බෑ....
ReplyDeleteකොහොමවුනත් පද පෙලනම් අති විශිෂ්ඨයි....