Thursday, August 12, 2010

හීන් බණ්ඩා උඩුරාවණ ?

වැම්පයර් ලියන උඩුරාවණ කතා සෙරීස් එක දැක්කම හිතට ආව අදහසක් මේ...
උඩුරාවණ සෙරීස් එකේ කතා මම මුලින්ම ඇහුවෙ මීට අවුරුදු 5 කට විතර ඉස්සර වෙන්න ඇති...

ඒ කතා ඇත්තෙන් ම රසවත් නිසා හිනා වෙවී ඇහුවත් මේ තරම් ප්‍රසිද්ධ උඩුරාවණ කවුද කියන කුතුහලෙත් හිතේ ඇතිවුණා... මේ උඩුරාවණ කතා සෙරීස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ හීන් බණ්ඩා උඩුරාවණ කියන දියවඩන නිළමෙතුමාගේ චරිතය වටාළු... මේ උඩුරාවණ නිළමෙතුමා ඉතාම ගරු ගාම්භීර විදියට ජීවත් වුණු පුද්ගලයෙක් විදියට යි ඉතිහාසයෙ සටහන් වෙන්නෙ නම්...

මේ වගෙ පුද්ගලයෙක් වටා මේ වගෙ කතා සෙරීස් එකක් හැදුනෙ නම්, මේ නිළමෙතුමාට හිටියළු ලස්සන දූල දෙන්නෙක්... ඒ දූල දෙන්න පේරාදෙනියෙ සරසවියට ගෙනත් ඇරලන එක්ක යන එක කලේ මේ නිලමෙතුමා නිසා, ඔය ගෑනු දරුවො දෙන්නට බැලුම් හෙලපු පේරාදෙනියෙ සරසවියේ සමකාලීන සිසුන්ගෙ සමච්චලයට ලක්වුන මේ නිළමෙතුමා අද වෙනකන් ම මේ කතා සෙරීස් එකේ ජීවත් වෙනව කියල තමා කියන්නෙ...
දියවඩන නිළමෙතුමා පෙරහැරේ යද්දි පේරාදෙණියෙ ළමයි ටික "PADLOCK" කියල කැගහනව කියලත් මම අහල තියෙනව... මේ දේවල් එකක්වත් මම හරියට දන්න දේවල් නම් නෙවෙ... මේ කතා සෙරීස් එකට වහ වැටිල මේ උඩුරාවණ කවුද කියල හොයද්දි දැනගතිපුව...එක එක්කෙනාගෙ අදහස් විදියට..

ඒ කොහොම වුණත් මේ ටික නම් ඉතිහාසයෙ සටහන් වෙන හීන්බණ්ඩා උඩුරාවණ නිළමෙතුමා ගැන...

දළදා මාළිගාවෙ කෞතුකාගාරයෙ එතුමාගෙ උඩුකය සේයාරුවකුත් එක්ක විස්තරයක් සටහන් වෙනව...1964-1974 කාලයේ දළදා මාළිගාවෙ දියවඩන නිළමේ ලෙස කටයුතු කළ බව ලංකා ඉතිහාසයට එක් වෙනව...
හීන්බණ්ඩා උඩුරාවණ නිළමෙතුමා ගැන 2002 වසරේ  Daily news  පුවත්පතේ පලවුන ලිපියකට බැඳියත් එක්කම උඩ තියෙන හීන් බණ්ඩා උඩුරාවණ නිළමෙතුමාගෙ සේයාරුව ගත්තෙත් එතනින්මයි...
16 වන දියවඩන නිලමෙතුමා වුණ ඔහු දළදා මාළිගාව වෙනුවෙනුත් ඉතා ලොකු මෙහෙයක් කළ කෙනෙක් වගෙම ආසියාවෙ උසම ඇතා වුණ "නීලා" කියන ඇතා අයිතිවුණෙත් උඩුරාවණ පවුලට කියල තමා එහි සටහන් වෙන්නෙ.

48 comments:

  1. හරිම වටින ලිපියක් නගේ . .. අනික අපි මේ උඩ පැන පැන හිනාවෙන කතා වල කතා නායකයාට ඒ තරම් කතා හැදුනේ දුවලට ට්‍රයි කරලා බැරි උනු "මිදි තිත්තයි කියපු නරින්ගේ" අලුත්ම වර්ශන් එකක් කියලා හිතුනා මේ ලිපිය කියෙව්වාම . . . මිදි තිත්තම නෑ හැබැයි මේ ගහ කැතයි ඒක නිසා අපෝ අපිට මේ මිදි එපා . . .කිව්ව වගේ . . හි හි

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත අය්යෙ... මට මේ විස්තර ටික හොයාගත්ත ට පස්සෙ තවත් හිනා...
    (හැත්තෑ ගණන්වල ගිරාගම ගුරුවිද්‍යාලෙ ගුරුශිෂ්‍යයෙක් වුණු තාත්ත නම් උඩුරාවණ නිළමෙතුමා පෙරහැරේ යනව දැකල තියෙනවළු... ඒත් ඉතින් මම මේ කතා නම් කියල නෑ කවදාවත් ගෙදර දි, මොකටද නිකන් වැදගත් මිනිස්සුන්ට අපහාස කරනව කියල අහගන්නෙ කියල..හිතල)

    ReplyDelete
  3. මාළිගාව කිට්ටුව තියෙනවා එච්.බී උඩුරාවණ මාවත කියලා මාවතකුත්

    ReplyDelete
  4. ස්තුතියි නගෝ මේ විස්තර හොයල පළ කලාට. ඇත්තටම උඩුරාවණ හොඳ ප්‍රථාපවත් නිලමෙ කෙනෙක්නෙ බලාගෙන යනකොට. අපිත් රස කර කර කිව්ව සහ රස විඳ විඳ අහපු උඩුරාවණ මෙතුමා කියල කොහොම විශ්වාස කරන්නද ? මීට පස්සෙ ඉතින් උඩුරාවණ කතාවක් ඇහෙනකොට හිතේ කලින් තිබිච්ච රූපේ කුඩු පට්ටම් වෙලා යයි.

    ReplyDelete
  5. බොහොමත්ම ස්තුතියි මේ තොරතුරු වළට.......අපි හැමදාම උඩු රාවණ ගැන කතා කොලාට මේව්ව ඉතින් දන්න එකක්යැයි......

    ReplyDelete
  6. ෂා නියමයි....වැඩගත් නොදත් තොරතුරු ටිකක්.බොහෝමත්ම ස්තූතියි බෙදා හදා ගත්තාට....දිගටම ලියන්න...

    ReplyDelete
  7. නුවර ගැන වැඩිය දන්නෙ නෑ චානක මම, ඒත් මේ වගෙ පුද්ගලයෙක් වෙනුවෙන් නම් වුණ මාවතක් තියෙන එක නම් වැදගත් දෙයක්...

    ReplyDelete
  8. ඉතින් අය්යෙ අපි හිනා වෙන්නෙ කාටද කියල දැනගෙන හිනා වෙද්දිත් හොඳයි නෙ...
    මම නම් ඇත්තටම මේ විස්තර ටික දැනගත්ත ම තව හිනා වුණා...

    ReplyDelete
  9. හේමලයා, මෙච්චර දියවඩන නිළමෙවරු අතරෙ අපි වැඩියෙන් ම දන්නෙ උඩුරාවණ නෙ...

    ReplyDelete
  10. හසියා,කතා අහල ආසාවට ම හොයාගත්ත දේවල් තමා මේ...

    ReplyDelete
  11. මමත් උඩුරාවණ කියන නිළමෙ තුමා ගැන අහල තියනවා. එත් මේ කතා වලට පසුබිම දැන ගත්තේ නම් අදම තමා. අනික් අය කිව්වා වගේම මේ දැනුම අපට වැදගත්. අර රූපෙ දැක්කම උඩුරාවණ ගැන තිබුන ප්‍රතිරූපය නම් එහෙමම බිඳ වැටෙනවා.

    ReplyDelete
  12. අහෝ! හීනේකින් වත් හිතපු නැති විස්තරයක්නේ මේකේ තියෙන්නේ.

    ReplyDelete
  13. සහෝදරී,.. මේ මං අන්තිමටම ලියන්න හිටිය ලිපිය ඔයා කලින්ම ලියලා තියෙන්නේ... බොහොමත්ම ස්තුතියි.. පැඩ්ලොක් කතාව මම ලියන්නං.

    ReplyDelete
  14. ඔබ නිවැරදියි.. පේරෙ ආට් ෆැකල්ටියෙ තමයි මේ උඩුරාවණ කතා වල ආරම්බෙ..බොහොමත්ම ප්‍රතාපවත් පුද්ගලයෙක් තමා!

    ReplyDelete
  15. priyantha.ඒබී
    ඔය උඩුරාවණ කතා සෙරීස් එකේම උඩුරාවණ කවුද කියල හිතාගන්න පුළුවන් ඉඟිත් තියෙනව නෙ අය්යෙ...අර "I'm Lord budhdha's dentist " වගේ කතා.. මම හිතන්නෙ padlock කතාව වගෙම ඒකත් වැම්පයර් ලියයි නෙ...
    පින්තූරෙ දැක්ක ම නම් අපි ගැන දුක හිතෙනව නේද අපි හිනා වෙන්නෙ කාටද කියල හිතිල..

    ReplyDelete
  16. කාංචන දිනූක
    නොහිතපු විස්තරයක් වුණත් interesting නෙ.. ඒක

    ReplyDelete
  17. වැම්පයර්
    මල්ලි, ඔයා අන්තිමට ඒක ලියයි කියල හිතුණ නම් මම කොහොමටවත් මේක ලියන්නෙ නෑ... sorry ඒකට....
    ඒත් උඩුරාවණ කතා සෙරීස් එක මම ආපහු කී සැරයක් කිව්වත් අහන්න ආසයි..මම හිතන්නෙ padlock කතාව වගෙම I m lord Budhdha's dentist වගෙ කතාත් ඔයා අතින් ලියවේවි නෙ පස්සෙ...

    ReplyDelete
  18. හි...හි...මේ කතාව මම දැනන් හිටියා....මොකද මේ නිලමේගේ මිනිපිරී අපේ වයසම මහනුවර උසස් බාලිකාවේ ඉගෙන ගත්තේ ...ගෙවල් තිබ්බෙත් උසස් බාලිකාව ලඟමයි...මේ දැරිවිට හිත ගිය අපේ කොල්ලෙක්ට සප් එකක් දෙන්න ගිහින් අපේ සෙට් එක හොඳටම ඇන ගත්තා..කෙල්ලගේ දෙමවුපියො ඉස්සරහම ... ;) වටිනා ලිපියක් අපි රස කර කර බලන යමක සුල මුල හෙලි කරන ...

    ReplyDelete
  19. උඩුරාවණ නිලමෙතුමාගේ දූල දෙන්න ලස්සනයි කියන එකේ ඔය මිණිපිරීත් ලස්සන වෙන්න එපෑ...හිතාගන්න පුළුවන් ඔයාලගෙ කතාවෙ වර්ශන් එක ගැන ඒ නිසා..අනික ඉතින් ඒ ළමයගෙ දෙමව්පියො කියන්න උඩුරාවණ නිළමෙතුමාගෙ දුව නෙ...

    ReplyDelete
  20. This is great, but I feel if it was more longer article..anyway thanks lot

    ReplyDelete
  21. මට ටිකක් දිගට ලියන්න නම් තිබුණා.. ඒත් මගෙ අදහස වුණේ අපි හිනාවෙන උඩුරාවණ කවුද කියල පොඩ්ඩක් කියන්න විතරයි... විස්තර වෙනුවෙන් ලින්ක් එක දැම්මෙ ඒකයි...

    ReplyDelete
  22. මේ නූතන උඩුරාවණ කථා බොහොමයක් නම් ඉන්දියාවේ ප්‍රචලිත "Sardar Stories" එහෙම්මම නම විතරක් වෙනස් කරලා ගහපුවා..... අද අමුතුම පෝස්ට් එකක් හා රසවත්... තැන්කූ..

    ReplyDelete
  23. කොහොමටත් නූතන උඩුරාවණ කතා මුලම ඒව තරම රසවත් නෑ අය්යෙ...ඔය කලින් මම ලියල තියෙන කතා දෙක තමා මම නම් ආසම කතා දෙක...

    ReplyDelete
  24. බොහෝම ස්තුතියි නංගී මෙ තොරතුරු බෙදා ගත්තාට.

    කාලයක් එකී මෙකී නොකී හැම දෙයටම උඩුරාවණ කතාවක් තිබුණා. අවාසනාවට බොහෝ කතා ඉංග්‍රීසි/සිංහල භෂා දැණුමේ පරතරය උපහාසයට නගන ඒවා වුනත් අවාසනාවට සියුම් අපහාසයක නැතිවා නොවේ. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය/PC usage අප රටේ ප්‍රචලිත වෙනවත් එක්කම උඩුරාවණ නමින් අප රටට අදාල නැති කතා ද Edit වුනා. ඒ සඳහා තොරාගත්තේ ඉන්දියාවේ මොඩයින් කියන ලේබලය හිමි සීක්වරු හෙවත් සදාර්ජී කියන අයට අදාල කතා.

    ReplyDelete
  25. කවුරු ලිව්වත් මොකෝ සහෝදරී.. ලියන්නනෙ ඕන.. මම ඔයාගෙ මේ පෝස්ට් එකට ලින්ක් එකක් දානවා.. දහවෙනි කතාවෙන් කතා මාලාව අවසන් කරන්නයි හිතාන ඉන්නෙ. පේන්ට් කරන කතා, අතුරු කතා, පැඩ් ලොක්, ඩෙන්ටිස්ට්, ඕව මේව පස්සෙ පස්සෙ දාන්නං.

    ReplyDelete
  26. වටිනා ලිපියක්. උඩුරාවන කියන්නෙත් අර ඇම්ඩ වගේ චරිතයක් කියල නේ මම හිතන් හිටියේ.... ස්තුතියි.

    ReplyDelete
  27. ගල්මල්
    අය්යෙ, ඉංග්‍රීසි සිංහල පරතරය මූලික කරල හැදුනට මේ කතා ටික හදන්නත් හොඳ ඉංග්‍රීසි දැනුමක් ඕන නෙ, එක ප්‍රශ්නෙකට ඉංග්‍රීසියෙන් තේරුම් දෙකක් ගන්න ඕන නෙ.. කොහොමටත් පරණ කතා ටික ලස්සනයි...

    ReplyDelete
  28. වැම්පයර්, ඔයාට පුළුවන් විදියට ලියන්නකො, මම හිතන්නෙ ගොඩ දෙනෙක් ඔය ටික කියවන්න ඇති මම වගෙම,

    ReplyDelete
  29. මට හිතෙන්නෙ ඇම්ඩට වඩා නම් ඉතින් උඩුරාවණ කතා කලාත්මකයි...

    ReplyDelete
  30. ඇම්ඩ ගැන කිව්ව නිසා මේං කියන්නෙ.. දන්නවද එක කුනුහරුපයක් වත් නැති ඇම්ඩන් කතා? මම දන්න තුනක් හතරක් තියනවා.. එකක් රෑ කෑම, අනික කඳු ගැට නැග නැග ආපු කෝච්චිය.. හික් හික්.. :)

    ReplyDelete
  31. ඒ ටික නං පට්ටම කලාත්මකයි.. උඩුරාවණ කතා තියෙන්නෙ එක ෆ්‍රේම් එකක..

    ReplyDelete
  32. මම නම් කුණුහරුප නැති ඇම්ඩගෙ කතා අහල නෑ...

    අනිත් අතින් උඩුරාවණ original කතා නම් හරිම කලාත්මකයි මල්ලි, අනික ඉංග්‍රීසි දැනුම උපහාසයට ගත්තට ඒ කතා ටික හදන්න ත් සෑහෙන ඉංග්‍රීසි දැනුමක් ඕන නෙ.

    ReplyDelete
  33. @ වැම්පයර්

    කුණුහරුප නැති ඇම්ඩන් කතා ටික කියපියෝ. ඒවා අහල නැතෝ

    ReplyDelete
  34. අය්යො මකරයියෙ.. අහල නැති වෙන්න බෑ.. මම ටයිටල් දෙකක් කියන්නං.. අර රෑට කාපු කෑම ගැන අහන්නෙ ටීචර්.. ම්ම්.. අනිත් එක අර පොඩි කාලෙ තිබුනෙ.. කඳු ගැට නැග නැග.. එකේ කෝච්චියෙ සද්දෙ ගැන කතන්දරේ..

    හීනියට බලමු පස්සෙ දාන්න.. ඕව ගස් යන වැඩ..

    ReplyDelete
  35. උඩුරාවණ මහත්තයා කියලා ජෝක් එකට කිව්වට මෙයා ලොකු කකුලක්නේ..
    හොඳ ලිපියක්

    ReplyDelete
  36. ඒ බව නොදැන ද උඩුරාවණ මහත්තය කියල හිනා වුණේ... :D

    ReplyDelete
  37. :O

    මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ උඩුරාවණ කියන්නෙත් 'ඇම්ඩා' වගේ, මවපු චරිතයක් කියලා.. :D

    ReplyDelete
  38. උඩුරාවණ ඇම්ඩ ට වඩා Advance චරිතයක් නෙ... බලාගෙන යනකොට නේද ? :D :D

    ReplyDelete
  39. @චේජනා
    කවුද දන්නේ මෙයා මෙහෙම කෙනෙක් කියලා :D

    ReplyDelete
  40. ඇත්තටම අක්කෙ මං නං උඩුරාවණ කතා කියවන්න ගත්තෙ අපේ වැමිපට පවු සිද්ධ වෙන්ඩනෙ...

    ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්! මං නම් නිකමටවත් හිතුවේ නෑ උඩුරාවණ කියන්නෙ සැබෑ මනුස්සයෙක් වටා ගෙතුණු කතා ටිකක් කියල..
    ස්තූතියි මේ වටින තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට...

    ReplyDelete
  41. එහෙනම් වැම්පට සෑ...හෙන්න පව් සිද්ද වෙන්න ඇති නෙ.. ;-) :-D

    ReplyDelete
  42. සිරාවට මට හිතුන්නෑනේ ඒ ගැනේ ඔය ගැන හොයන්න. ඇත්තටම වටින ලිපියක්. මේ වගේ සද්දදන්තයෙක්ටනේ අර වගේ කතා හදලා තියෙන්න් හම්මපා කියලා හිතුනා... :)

    ReplyDelete
  43. ස්තුතියි සොයුරිය. සර්දාර්ලා සම්බන්ධයෙන් තියෙන කථා පරිවර්තනය වෙලා උඩුරාවණ කථා වෙලා තියෙන බව ඇත්ත. ඒත් සර්දාර්ලාත් හිනාවට ලක් වෙන්න ඕන අය නෙමෙයිලු. දවසක් විදේශික තරුණයෝ තුන්දෙනෙක් සර්දාර් කෙනෙක් පදවපු වාහනයක් කුළියට අරං ඉංදියාව පුරා ගියාලු. මුලු ගමන පුරාම ඔවුන් සර්දාර්වරු අවමානයට ලක් වෙන ආකාරයේ කථා කිය කියා රියදුරු දක්වමින් සිනා වෙමින් ගිහින් තියෙන්නේ. එහෙත් රියදුරු කිසිවක් කියා නැහැ. ගමන අවසානයේ රියදුරුගේ මුදල ගෙව්වාට පසු රියදුරු ඔවුන් තිදෙනාට එක්කෙනාට රුපියල බැගින් දුන්නාලු. ඇයි කියා ඇසුවාම ඔහු කිව්වාලු,

    "ඔයාලා තාම පොඩි දරුවෝ. රට තොට බලා ගන්න දේවල් බොහොමයි. එහෙම ලෝකේ පුරා යද්දි, ඔයාලාට කොහේදී හරි සර්දාර් වරයෙක් සිඟමන් යදිනවා දුටුවොත්, මා දුන් රුපියල දෙන්න. මට හොඳටම විශ්වාසයි ඔබ සැම මියෙනතුරුම ඔය කාසි ඔබ වෙත තිබෙයි"

    ReplyDelete
  44. අපි කොහොමටත් අක්කෙ මේ හිනා වෙන්නෙ හිනා වට ලක්කරන්න පුළුවන් මිනිස්සුන්ට නෙවෙයි නෙ... සර්දාර්වරුත් එහෙම වෙන්න ඇති
    මම සර්දාර්වරු ගැන නම් දන්නෙ නෑ, ඒත් ඔයා කිව්ව කතාවෙන් තෙරෙන්නෙ සර්දාර්වරු තමන්ගෙ මහන්සියෙන් ජීවත් වෙන උත්සාහවන්ත මිනිස්සු කියල...

    ReplyDelete
  45. බ්ලොග් අවකාසේ කරක් ගහන අපි වගේ නොදන්නා ඇත්තනෙගේ අවබෝධයට කරුණු පැහැදිලි කරලා දීපු එක නම අගය කල යුතු වැඩක් අක්කේ.

    ReplyDelete
  46. උඩුරාවණ කතා සීරීස් එකට හොඳ ඌණපූරකයක්...

    ReplyDelete
  47. අංසක ඒකනායකFebruary 24, 2023 at 1:48 PM

    පවුලේ විස්තර දෙන්නද?

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...