Sunday, June 13, 2010

නිහඬ හඬ..(The silent urge...)




සුන්දර අසුන්දර
වැදගත් නොවැදගත්
ශක්තිමත් දුර්වල
වටිනා නොවටිනා

ඒ විතරක්ද..?

වඳවී යන
තර්ජනයට ලක්වුණ
රතු දත්ත

ඔය ඔක්කොම ලේබල්
අපිට ඇලෙව්වෙ
අපිත් එක්ක ම
සම උරුමයෙන්
ඉපදුන

උඹල යි
උඹලගෙ අසීමිත
තණ්හාවයි

මිනිසුනේ…


උණහපුලුවා, මැඩගස්කරයට ආවේණික සතෙක්..
ඒත් ලංකාවෙ මිනිස්සු අතරෙත් නොයෙක් අවස්ථාවලදි උණහපුලුවා කියන වචනෙ කියවෙනව මම වගෙම ඔයාලත් ඕනෙ තරම් අහල ඇති..ශාකභක්ශක අහිංසක සතෙක්.. ඒත් අපි අතරෙ උණහපුලුවා ගනන් ගැනෙන්නෙ වැදගැම්මකට නැති, අවාසනාවන්ත, කැත ඔය වගෙ විශේෂණ වෙනුවෙන්..
ලොව වඳවීයන සත්ව විශේෂ අතරට ගැනෙන මේ සත්වයා ඒ තර්ජනයට මුහුණ දෙන්නෙ මිනිසා වන අපි නිසා.. වාසභූමි විනාශය සහ දඩයම ඒ සාධක අතරෙ ප්‍රධානයි...
මිහිමත ජීවත් වීමේ අයිතිය අයදින ඒ අහිංසක සතාගෙ නිහඬ යාදින්න වචනවලට නැගුනොත් මේ වගෙ වෙයි කියල ඒ නිසාම මට හිතුන..

The silent urge for the right of living on this Earth.

We, human beings, created the nomenclature and named them as we wish..
Then, we categorized them under various categories…
And then did research and so many other things…
We were never bothered to hear their silent urge….

Finally we identified them as endangered species…
At last.. To be written in red…

Why…

Mostly because of habitat loss and hunting.

But still their silent urge is unheard..
For the right of living on this Earth.....

This is one species and there are so many more…

Photo:
Decken's Sifaka, Madagascar: http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/sifaka-madagascar/

16 comments:

  1. ඒක ඇත්ත... මිනිස්සුන්ගේ තියෙන නොසන්සිදෙන තන්හාව තමයි මේ හුඟක් විනාශයන් වලට හේතුව. මට අර චීප් සියටල්ගෙ ලියුමේ තියෙන කතාවක් මතක් වුනා. ඒකෙන් කියවෙනවා අපිත් මේ හැම සත්තුත් එකම මකුලු දැලක පුරුක් කියලා. තවත් කොහේහරි මම කියෙව්වා මේ පෘතුවියේ කතාව ගැන පැය 24 ක චිත්‍රපටයක් කලොත් මිනිහා කියන චරිතය එන්නෙ අවසාන මිනිත්තුවේ මැදලු...

    එහෙම වෙච්චි අපි මේ ලෝකෙට කරන විනාශය කොච්චරද... අද අපේ මිනිස්සු තේරුම් නොගත්තට ඕකේ අවසානය මිනිස්සුත් දවසක වද වෙඑච්චි ජාතියක් වේවී...

    ReplyDelete
  2. අලුත් මූණත් හොඳයි.. හැබැයි මේක ටිකක් කොමොන් වේවී.. අද දවසට මම බ්ලොග් තුනකම දැක්කා...

    ReplyDelete
  3. මිනිස්සු ගැන නම් කියල වැඩක් නැහැ අක්කේ........

    ReplyDelete
  4. වනාන්තර එලිපෙහෙලි කරන වේගයට වනසතුන් යන එන මං නැතිව අතරමන් වෙනවා. උන්ගේ ආහාර පුරුදු, අහාර දාමය ආදී හැම දෙයටම බාධා ඇතිවෙනවා. ඉන් සතුන් වඳ වෙන්න පටන්ගන්නවා. මේක කෙටි පිලිතුරු නැති ප්‍රශ්ණයක්.

    මෙ උනහපුලුවන් ද සමහර විට එවැනි කතාවක් කියනවා ඇතැයි මට සිතුනා. මොකද මැඩගස්කරය අප්‍රිකානු මහාද්වීපයේ පිහිටියට ප්‍රධාන ගොඩබිමෙන් වෙන්වුන දූපතක්. සමහර විට උනහපුලුවන් අප්‍රිකානු බිමේ වාසය කර කිසියම් පාරිසරික වෙන්සක් නිසා වඳවී ගිය, එහෙත් මැඩගස්කර් වල ශේෂවූ සත්ව විශේෂයක් වෙන්න බැරි ද නැත.

    අපේ රටට ආවේණික ශාඛ විශේෂ බොහෝමයක් ද මෙවන් අවාසනාවන්ත තත්වයට පත්ව ඇත.

    නංගී, ඔබේ නිර්මාණ වල දී සොබාදහමට දෙන ප්‍රමුඛත්වය අගේ කලයුතු කාර්යයකි.

    ReplyDelete
  5. මින්දද,
    මිනිසාගේ අසීමිත තණ්හාව මිනිසා ව මේ ලෝකෙන් අතුගාල දාවි.. ඒත් ඊට කලින්
    මේ මිහිතලය ට කිසිම වරදක් නොකළ මේ අහිංසකයො අපි මේ මිහිපිටින් අතුගාල දාවි..
    (template එක නම් දැක්ක ම ආස හිතුන නිසා ටික දවසක ට දැම්මෙ... බලමුකො..)

    ReplyDelete
  6. හා පැටික්කි සත්තුන්ට ගොඩක් ආදරෙයි නෙ.. ඒක අපි දන්නව නෙ..

    ReplyDelete
  7. අය්යෙ,
    ඔය පින්තූරේ ඒ සතා එබිල ඉන්න විදිය දැක්ක ම මට ආව අදහස තමයි ඒ..
    අපි අවලස්සන කියන එකට උදාහරණයක් විදියට පාවිච්චි කළාට
    ඒ සතා මොනතරම් අහිංසකද කියල මට හිතුන..
    මේක ලෝකයට ම පොදු ප්‍රශ්නයක් වෙලා.. අපේ රටෙනුත් බොහෝ සත්ව ශාක විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුන දීලා...සංකීර්ණ ප්‍රශනයක්..
    කණගා‍ටුවට කරුණ බොහෝ පරිසරවේදීන් සහ විශේෂඥයන් මේ ගැන දක්වන්නෙ මුදලට යට වුණ නාමික උනන්දුවක් පමණයි..සැබැවින් පිළිතුරු සෙවීමට නෙවේ.
    (වැඩ අතරෙ graphic image එක හදාගන්න දුන් සහයෝගයට බොහෝමත් ම ස්තුතියි අය්යෙ..)

    ReplyDelete
  8. චෙජනා අක්කා ආපහු අලුත් වෙලා. කොහොම උනත් ස්පර්ශ කරලා තියන මතෘකාව වටිනවා. මිනිස්සුම වඳ කරලා, විනාශකරලා, දැන් රතුදත්ත, අර විශේෂය මෙක, කිය කිය, අපි රැක ගන්න ඔනා කිය කිය, සංවිධාන ගහාගෙන කරන මෙ විකාරය දැක්ක හම හරිම දුකක් ලැජ්ජාවක් හිතෙනවා නෙද.. මොනවා කරන්නද අපි එහෙම කරන්න හොදනැහැ කියන එක විතරයි මම හිතන්නෙ, අනිත් අය ආසනම් කරපු දෙන්, මරාගෙන කාපු දෙන්, කපාගෙන හදා ගත්තු දෙන්, මගෙ අතින් එ වැරැද්ද නොවෙන්න වග බලාගන්න ඔනා.

    ReplyDelete
  9. චේජනා නංගියාගේ ආදරණීය සිතිවිළි දුවන තැන් අම්මපා....!උඹ ගැන ආඩම්ඹරයි නංගියෝ....
    ............................................
    මං මේ දවස්වල නමක් හොයනවා...අපේ මේ සිංහල බ්ලොග් අවකාශයේ මහා මානවහිතවාදී,පරිසරවේදී ගල්මල් උත්තමයාට...මට උදව් කරනවාද හැබෑට..???
    ..........................................
    උඹ හරි රවා මල්ලියේ...මමත් ඉන්නේ උඹගෙ තැන...

    "අනිත් අය ආසනම් කරපු දෙන්, මරාගෙන කාපු දෙන්, කපාගෙන හදා ගත්තු දෙන්, මගෙ අතින් එ වැරැද්ද නොවෙන්න වග බලාගන්න ඔනා."
    (අපිට ඉතිං උඹගෙ අඩවියට එන්න අවසර නැහැ නොවෑ)

    සුලා..

    ReplyDelete
  10. රවා, මල්ලි මේ පින්තූරෙ දැක්කම මටත් ඔය ඔයා ලියපු හැමදේම හිතුන.. ඒත් ඉතින් අන්තිමට අපිට කරන්න පුළුවන් එකම දේ ලෝකය විනාශ කරනන් සහය නොදී ඉන්න එක විතරයි, ඔයා කියන්ව වගෙම ඒක මම කරන්නෙ නෑ කියන මිනිස්සු කීපදෙනෙක් හරි හැදෙනව නම් අඩුම ගණනෙ පොඩ්ඩක් හරි මෑ දේවල් අඩු වෙයි නෙ.. කරන්න දෙයක් නෑ, අපිට නතර කරන්න බෑ කියල හිතනව ට වඩා...

    ReplyDelete
  11. සුලා අය්යෙ...
    රවා කියන දේ තමයි අපිට තියෙන එක ම විකල්පය... පරිසරය ‍රැක ගන්න කියල වැඩ මුළු තියල, ඒව තියන්න තව බලශක්තිය පාවිච්චි කරල කිසිවක් ම නොකර ඉන්නවට වඩා.. අපි එක එක්කෙනා හරි ඒක අපි කරන්නෙ නෑ කියල හිතුවොත් අපිට අඩුම ගණනේ තව ටික කාලයක් හරි වැඩිපුර මේ ලෝකය පවත්වා ගෙන යන්න දායක වෙන්න පුළුවන් වෙයි.. මට ඕන කළෙත් ඒ අදහස ටිකක් ඉස්මතු කරන්න..

    (මගේ හිතුවිලි දුවන තැන් ගැන නම් මම ඇහුවෙ ඔය දෙවෙනි පාරට.. මේ post එක වෙනුවෙන්.. මගෙ මෙහෙ ඉන්න හොඳම යෙහෙළියත් මේක කියවපු ගමන් ම කිව්වෙ ඒක.. මේ post එක ටිකක් ඉංග්‍රීසියෙන් ලිව්වෙත් ඒ මගෙ යෙහෙළිය වෙනුවෙන්...)

    ReplyDelete
  12. ආ.. අමතක වුණා නෙ සුලා අය්යෙ ඉතිරි ටික..ඔයා ගල්මල් අය්ය ගැන කියපු එක ගැන..ලියන්න...

    හොඳ ම දේ මම කියනව වගෙ ගල්මල් අය්යෙ කියන එක තමයි.. :-)

    ReplyDelete
  13. ම්හු......අපි ගල්මල් සහෝදරයට කියමු.."සොඳුරු දාර්ශණිකයා"..කියලා...මොකද කියන්නේ...??

    සුලා..

    ReplyDelete
  14. සුලා අය්යෙ.., ඔයත් හදන්නෙ අර තිස්ස අය්ය වගෙ මුරුංග ගහක් ඇති දැඩි කරන්නද..?
    අබුඩාබිවල..

    තිර්ථ යාත්‍රිකයා...
    ආශ්වාදනීය සුළඟ..
    කියල තිස්ස අය්ය කළා වගෙ..
    මුරුංග අතු වැඩිය හයිය නෑ... ;-)

    ReplyDelete
  15. නැහැ නංගියෝ...පේන්නෙ නැද්ද...ගල්මල් පිටුවපුරාවට තියෙන මනුස්සකමේ සුවඳ...මුරුංග අත්තෙ තිව්වා කියලා හොඳින් මූල මණ්ඩලයක් තියෙන ගහක් වට්ටවන්න කොහෙත්ම බැහැ..

    සුලා...

    ReplyDelete
  16. මම විහිලුවක් කළේ අය්යෙ.. මම හැමදාම කියනව වගේ ඔයාල ඔක්කොම අතරේ මම ඒ මනුස්සකම දකිනව.. ඒ හින්ද ම තමා මෙච්චර විවෘතව ඔයාල අතරෙ ‍රැ‍ඳෙන්නෙත්..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...