Tuesday, June 15, 2010

විහඟ ගී මිහිරී...

එදා





විහඟ ගීයක් ගයන්නට
තුඩගින්
මියුරු තත්සර
අතර මුහුකොට
පිපී මල් කැන්
වසන්තය ඇවිදින්
පුංචි කුරුල්ලෙක් මං
තුඩගයි ‍රැඳුනේ
පද වැල්



අද





වසන්තය ගිනිගත්
ගිම්හානය ට බියවී
එදා පිපි චෙරි මල්
මිහිරියි රතුයි
දැන් චෙරි ගස්
චෙරි රසය විඳිමින්
ගයමින් අතුඅග
‍රැ‍ඳෙන්නම් මං
පුංචි කුරුල්ලෙක් මං


හෙට




ගිම්හානයත් ඉගිලී
ශිශිරයට අතවනනා
චෙරි ඉපල් අතරේ
බෑ.. ‍රැ‍ඳෙන්නට
මොහොතක්
විහඟ ගී ගොලු වී
සමුදුර මතින් ඉගිලී
සොයා යනවා මා කෙම්බිම්
වසන්තය සමගින්
ගයන්නම් ආයෙත්
විහඟ ගී මිහිරී...




Photo:
http://media.photobucket.com/image/cedar%20waxwing/hobbsmail/CedarWaxwing1copy-1.jpg
http://www.hnhs.org/uploads/image/Waxwing%20310109%20web.jpg
http://www.funzug.com/index.php/wildlife/beautiful-wild-song-birds.html

11 comments:

  1. හ්ම්...... මගේ විහඟ ගීයත් මේ දවස් වල ගොළු වෙලා....

    චේජනා නංගියේ ලස්සන පද ගෙතුම...

    ReplyDelete
  2. හ්ම්... ලස්සනයි නේන්නම්. ආයෙ කතා දෙකක් නෑ.

    ReplyDelete
  3. ඒ සොයා එන කෙම්බිමක වැසියෙක් වෙන්න ලැබුන එකට සංතෝශයි..
    ලස්සනයි කවිය චේජනා...

    ReplyDelete
  4. සුන්දර විහග ගීයක ගයන්න තිබුනානම්...ජීවිතය මොනතරමක් ලස්සන වේවිද චේජනා......මම බලාගෙන ඉන්නේ...

    හරිම ලස්සනයි පද ටික

    ReplyDelete
  5. වියැකුන කළු දුමින්
    සුරැකුන ගස් පෙලින්
    පීදුන රතු චෙරි බුදින්
    පෑරුන චූටි විහඟ තුඩින්

    අමොරා එන මීදුමින්
    තටු සලා මිදීයන්
    ආයෙ ඇවිත් බලන්
    මා දම් පිරි ඕවිටියන්

    මා නම් නැතත් පුන්චි ගැටව්
    ඉන්නේ බලන් රෑනින් වරෙව්
    පෙලී ගැසී රඟා ගීයක් ගයව්
    සත්තුවත්ත දුර උන්ට වරමක් දියව්

    ලස්සන පද සංකලනයක් නංගී

    ReplyDelete
  6. වත් අක්කෙ,

    විහඟ ගී ගොළු වී
    මොහොතක ට...
    ආයෙමත් ගැයේවී
    සවන ට ළං ව...
    ඉවසපන්
    මොහොතක්
    පබඳින තෙක්
    ගී පද වැල්...

    ReplyDelete
  7. ස්තුතියි අනුරාධ

    මින්දද...
    අපි කෙම් බිමක වැසියො...
    හැමදාමත් වසන්තය ම ‍රැඳුන...
    ඉතින් ආඩම්බර වෙන්න පුළුවන්...
    කෙම්බිම ‍රැකගත්තොත්...
    විහඟ ගී අහන්නත්...

    ReplyDelete
  8. දිල්,

    වසන්තයෙ ගිම්හානයේ
    එක සේ...
    ජීවිතේ විහඟ ගීයයි
    ගැයෙන්නේ මේ...
    සුන්දරයි මේ මායිමේ
    ‍රැඳි යෞවනේ...
    කිමදෝ ඉතින් විහඟ ගී
    ගොළු වුනේ...

    ඔයත් අහල ඇති නෙ දුක් වෙල ඉවර වෙල හිනා වෙල ඉන්න හිටියොත්
    කවදාවත් හිනා වෙන්න ලැබෙන්නෙ නෑ කියල...
    ඒ නිසා ජීවිතේ විහඟ ගීය දැන්ම ම ගයන්න පටන්ගන්න..

    ReplyDelete
  9. ගල්මල් අය්යෙ,

    කළු දුමින් දූවිලි වලාවෙන්
    වැසිලා...
    නොයන් චෙරි ගස්...
    ගැයෙනා විහඟ ගී
    ගොළු වී ගොසින්
    නිහඬ වසන්තය
    විඳ ගනු බෑ...

    කාච නෙත සු‍රැකී
    සේයා රුවක් නොම වී...
    විහඟ ගී ගයනා...
    විහඟුන් නෙත් ගැටෙනා...
    සීමා මායිම්වලින්
    මිදිලා...
    වෙලේ බඩවැටි අතර
    දිවයන...
    වසන්තය හිමි වේවා...

    ReplyDelete
  10. මෙහි ‍රැ‍ඳෙන පළමු සේයාරුව සහ
    තවත් එවැනි ම වූ වසන්තයේ
    ගයන..කුරුල්ලන්ගේ සේයා රූ
    ‍රැඳුනු E-mail පණිවිඩයකින්
    මේ අදහස මසිතට ගෙනා
    යෝගි...
    ස්තුතියි...

    ReplyDelete
  11. හ්ම්...ජීවන චක්‍රය.....ලස්සනයි...උපරිමයි..

    සුලා..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...