Sunday, June 20, 2010

ලොකු අය්යා


ගොඩක් ආන්දෝලනාත්මක මන්ත්‍රීවරියකගෙ චරිතයක් නිර්මාණය කරමින් 'පබා' පුංචි තිරයෙන් සමු අරන්... 'පබා' මෙගා ටෙලිනාට්‍යය අවසන්... මුලුමනින් ම පබා ටෙලිනාට්‍ය නැරඹුවෙ නැති වුණත් එහි එක් චරිතයක් (මගේ අදහස අනුව) ඉතාම සංවේදී ලෙස නිම වෙලා තිබුණ... ඒ සමගිපුර 'වසන්ත' ගෙ චරිතය...
සැබෑ ලොව ජීවත්වන එහෙත් ඔවුන්ගෙ සිතේ හැඟීම් අදහස් තේරුම් ගැනීමට අවශේෂ සමාජය උත්සාහ නොගන්නා නමුත්...
ඔවුනුත් හැඟීම් දැනීම් ඇති ඇතැම් විට උගත් උසස් යයි සම්මත සමාජයේ සාමාජිකයන්ට වඩා සිය සමීපතමයන් වෙනුවෙන් කම්පාවන,
ඔවුන්ගේ සතුට සැපත වෙනුවෙන් කැපවන..
සංවේදී මිනිසකුගේ ආත්මය සමගිපුර වසන්ත ලොකු අය්යා.. අපූරුවට ප්‍රතිනිර්මාණය කළා...

මල්ලිගේ සේවා ස්ථානය ට ගොස් සොයුරා බව සඟවන...
මව් සෙනෙහස වෙනුවෙන්.. මවගේ සතුට වෙනුවෙන්
සිය ජීවිතය ම කැප කල..
කප්පරක් වැරදි වෙනුවෙන් සිය පියාට සමාව දුන්...
ඔහු...
තමාගෙ නොවූ එහෙත් තමා වටා ‍රැඳුන සියලු සොයුරන්ගේ...
සැපත සතුට තහවුරු කළ...

සමගිපුර වසන්ත
ලොකු අය්යා...

බොහෝ සංවේදි හා ප්‍රබල ලෙසින් පුංචි තිරය
මත සටහන් වුණ චරිතයක් ලෙසමයි මට පෙනෙන්නෙ....

----------------------------------------------------

ඒ චරිතය පුංචි තිරය මත ඉතාම සංවේදී ව නිර්මාණය කළ
සරත් චන්ද්‍රසිරි කලාකරුවා, "ලොකු අය්යා" ට උපරිම සාධාරණය ඉශ්ට කළා....

ඔහුගේ සේයා රුවක් සමගින්...
පබා මෙගා ටෙලිනාට්‍ය තුළ මා දු‍ටු සංවේදී ම මිනිසා නිර්මාණය කිරීම වෙනුවෙන්..

මේ සටහන...

18 comments:

  1. මමත් පබා බැලුවේ අන්තිම හරියේ ඉදන්.. ඒ චරිතයට සරත් චන්ද්‍රසිරි කලාකරුවා උපරිම සාධාරනය ඉෂ්ට කල කියලා මටත් හිතුනා.. අපුරු ලිපියක්

    ReplyDelete
  2. ඔව් ඇත්ත චේජනා...

    මං හිතන්නෙ "පබා" නාට්‍යය විකාශණය කරන චරිතය "ලොකු අයියා" කියල..අත්දැකීම් බහුල පුද්ගලයකු සමාජයේ සිදුවන නේක ගැටීම් දෙස පරිනතව සහ විචක්ෂණ ලෙස බැලියයුත්තේ කොහොමද කියල පෙන්වීමට කතා රචකයා වගේම අධ්‍යක්ෂකවරයා ගත් උත්සාහය "සරත් චන්ද්‍රසිරි"නම් වූ ප්‍රථිභාපූර්ණ රංගන ශිල්පියාගේ තාත්වික රංගනය හේතුවෙන් මල් ඵල ගැන්වුනා කීවොත් නිවැරදියි මං හිතන්නේ...

    සුලා..

    ReplyDelete
  3. මම පබා ටෙලිනාට්‍යය නැරඹුවේ අතරින් අතර. නුවර ගිය විටකදි පමණයි. සරත් චන්ද්‍රසිරි කියන කලාකරුවා කවදත් තමා රඟපෑ චරිතයට උපරිම සාධාරණයක් කල කලාකරුවෙක්.ඉතිං පබා ටෙලිනාට්‍යයෙත් ඔහු ඔහුට ලැබුන චරිතය පේක්ශකයාට දැනෙන අයුරින් කලා...

    හොඳ ලිපියක් චේජනා

    ReplyDelete
  4. පබා බලලා නෑ!ඒත් මේ කලාකරුවාගේ රංගනයට මම පෞද්ගලිකව කැමතියි.

    ReplyDelete
  5. දිල් නංගියේ.....

    මම ගොඩක් වෙලාවට ඔයාගෙ "අතීතයෙන් අහුලන මතකයන්" අතර රැඳෙනවා..ඒත් සටහනක් දාන්න බැහැනේ...මම එන්නෙ Ano කෙනෙක්වෙලා....මං හිතන්නෙ ඒකයි මගේ සටහන් පලකරන්න බැරි...

    සුලා..

    ReplyDelete
  6. හසී,
    මමත් පබා ගොඩක් බලල නෑ.. කම්මැලි හිතුන දවසට ඔය කොටසක් දෙකක් වෙබ් එකේ තියෙන තැනකින් බලනව...ඒත් පබා කොටස් කිහිපයක් වුනත් ප්‍රමාණවත් ඔහුගේ මේ ප්‍රබල චරිත නිර්මාණය විඳීමට...

    සුලා අය්යෙ,
    මට මගහැරිල, මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතා අතින් ලියවුණ, තිරපිටපතේ සමගිපුර වසන්ත ජීවමාන කරවීමට... අධ්‍යකෂ ශාන්ත සොයිසා මහතා දරපු උත්සාහයේත් "සරත් චන්ද්‍රසිරි" නම් වූ ප්‍රතිභාපූර්ණ ශිඋල්පියා ඉ‍ටු කළ සාධාරණයේත් ප්‍රථිපලය තමා ඒ...

    ReplyDelete
  7. දිල්,
    පබා කොටස් කිහිපයක් නැරඹුවත් සමගිපුර වසන්ත මතකයෙ ‍රැ‍ඳෙනව...ඔහු තමා රඟපෑ චරිතයට උපරිම දේ දුන් නිසා වගෙම චරිතයත් ඉතා ප්‍රබල එකක්....
    කවදාවත් ටෙලිනාට්‍යයක් ගැන මුකුත් නොලියවුණ ඒ වගෙ දෙයක් ලියන්න තරම ලොකු දැනුමකුත් නැතත්.. ලොකු අය්ය ගැන සටහනක් ලියන්න හිතුනෙ ඒ නිසා...

    ජංජාල චාමර
    මම සරත් චන්ද්‍රසිරි කලාකරුවාගෙ බොහෝ රඟපෑම් දැකල නැහැ.. ITN නාලිකාවෙ විකාශය වුණු තවත් එක් ටෙලිනාට්‍යයක පමණක් ඔහු දැක තිබෙනව...ඒත් මෙහි තරම් එහි චරිතය ප්‍රබල නෑ..

    ReplyDelete
  8. සුලා අයියට/

    සමාවෙන්න සුලා අයියේ යම් යම් කාරණා උඩ Ano එන එක බ්ලොක් කරලා තිබ්බා. මම ඒක හදන්නම්. අයියා නිසාම. ස්තුතියි අයියෙ සටහනට


    චේජනා...ස්තුතියි....ඔයාගෙ සටහන නිසා තමා මම මෙතැනට ඇවිත් සුලා අයියගෙ සටහන කියව්වෙ...

    ReplyDelete
  9. මම නම් සාමාන්‍යයෙන් හොඳ ටෙලි නාට්‍යයක් ගියොත් ඇරෙන්නේ ටීවී එකේ යන ඒවා බලන්නේ නැහැ. ඒක නිසා මට නම් කියන්න දෙයක් නැහැ. ඒත් සරත් චන්ද්‍රසිරිගේ වෙනත් නාට්‍ය එහෙම කලින් බලන තියෙන නිසා ඇත්තටම දක්ෂ නළුවෙක් කියලා නම් කියන්න පුලුවන් :)

    ReplyDelete
  10. මම ඉස්සර බැලුවා ඒත් පස්සෙ බලන එක නැවත්තුවා. ඔබ හරි. හරිම සන්වේදී විදියට චරිතය හිතට දැනෙන්න කර කලාලරුවෙක්. වේදිකාවෙන් ආව කෙනෙක් සරත්. ඉතින් අමුත්තකුත් නැහ. දක්ශ නලුවෙක්

    ReplyDelete
  11. හසිත

    පබා ටෙලිනාට්‍යයේ පබා ඇතුලු අනික් චරිත අතර මම විශේෂත්වයක් දැක්කෙ නෑ... ඒත් මේ චරිතය තුළ නම් සුවිශේෂි බවක් මට දැනුන.. එකක් තමයි සාමාන්‍යයෙන් අපි සමගිපුර වසන්ත වැනි චරිත වල ඇතුල් පැත්ත දකින්නෙ නෑ.. අනික ඒවගෙ චරිත බොහෝ වෙලාවට රිදී තිරය හා පුංචි තිරය මත ට එන්නෙ එක්කො සම්පූර්ණයෙන්ම කළු චරිත විදියට.. ඒ නැත්නම් කාර්ඩ්බෝඩ් වීරයො විදියට...මේ චරිතය ඒ අන්ත දෙකෙන් මිදිල නිර්මාණය වුණා.. අනික රංගන ශිල්පියා උපරිම ලෙස එය ප්‍රතිනිර්මාණය කළා..ඒකයි මා මෙහි දු‍ටු වෙනස...


    පිස්සා පලාමල්ල
    සරත් චන්ද්‍රසිරි ගුරු තරුව නාට්‍යයේ රඟපෑ අයුරු මගෙ මතකයේ තියෙනවා.. ඔහු ඇත්තෙන්ම දක්ෂ නළුවෙක්..

    ReplyDelete
  12. පබා නාට්‍යය තුළ හමු වූ සැබෑ ජීවිතයේ දකින්නට හැකි චරිතයක්.. ඉතාමත් වටිනා කලාකරුවෙක්. ඔබ ඒ ගැන සටහනක් තැබීම අගෙයි..නංගී

    ReplyDelete
  13. මා මෙ නාට්‍යය බැලුවේ නම් නැහැ. ඒ කොහොම නමුත් නරඹන්නන්ට යමක් හිතන්න බලකරන චරිතයක් සාමාජීය වශයෙන් වටිනවා. එවන් චරිතයක් පනපෙවූ දක්ෂයෙක් ගැන සටහනක් තැබීමෙන් ඔබ ගැන ඇතිවන්නේ ලොකු ගෞරවයකි නංගී.

    ReplyDelete
  14. දකුමට පවා රුචි, හරි පැත්තෙම ‍රැදුන
    විකුමැති ගතිය,කළ යුතු දේ දැන හැදින
    පොකුරට එක්ව ඒ වෙනුවෙන හිත පිදුන
    ලොකු අය්යාට මේ මල් මිට මගේ අතින

    ReplyDelete
  15. මමත් ඔය නාට්‍යයේ කොටස් කීපයක් බලලා තියෙනවා ඔයා කියන දේ හරි කියලා තමයි මටත් කියන්න තියෙන්නේ නගේ

    ReplyDelete
  16. පබා නම් බලා නැත.. :-(
    නමුත් සරත් චන්ද්‍රසිරි ගේ වෙනත් රංගනයන් දැක් ඇති බැවින් ඔයා කියන දේ හරි චේජනා

    ReplyDelete
  17. ටෙලිය නම් මම බලලා නෑ. ඒත් ඔය කලා කරුවා ගැන යමක් කියන්න ඕන. චරිතයක් නළුවෙක් ලෙස රඟපාන්නේ නැතුව චරිතයක මනුස්සයෙක් ලෙසින් ජීවත් වෙන කළාකරුවෙක්. මමත් සෑහෙන්න කැමති පුද්ගලයෙක්.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...