Thursday, June 10, 2010

මම තරු කැටයක්...



පුන්සඳ අරා සිටින අහසේ
මම තරු කැටයක්...
නෙතු මායිම නො‍රැඳී
වසන් වන......

ඈත එපිට අහසේ.......
තරු මන්දාකිණියක..
මම ත් දිදුලනා
තරු රජි‍ඳෙක්..
පුන්සඳ මා
අසලකවත් නො‍රැ‍ඳෙන...

----------------------------------------
Photo : http://e4innovation.com/images/star.jpg

පසු සටහන...

සියල්ල සාපේක්ෂ වූ ලොවක ජීවත් වන අප
මිහිතලය මත සිට දකින නිශා ගගන තලයේ
පරිපූර්ණ වස්තුව වූ කලී පූර්ණ චන්ද්‍රයායි..
එහෙත්....
ඒ ගගන තලය මිහිතලයේ රාමුවෙන් මිදී නරඹන
මොහොතක මිහිතලය මත සිට අප දකින
කුඩා තාරකා වූ කලී සඳුට ආලෝකය ලබාදෙන
හිරු හා සම බලවතුන් වේ...


රාමුවකින් මිදී බලන කල අපට ද මේ යථාර්තය වලංගු බව මට සිතේ........

18 comments:

  1. මේ වගේ පින්තූරයක් දිහා බලල ඔයා අමුතුම කවියක් ගෙත්තම් කරල තියෙන්නෙ..
    තවපාරක් ඇවිල්ල යන්නං මේක කියවන්න හිත නිදහසේ...

    ReplyDelete
  2. යෝගි,
    ඔයාගෙ කමෙන්ට් එක දැකල මම මේකට පසු සටහනකුත් එකතු කළා....
    ටිකක් පැහැදිලි නෑ කියල දැනුන නිසා..

    ReplyDelete
  3. ප්‍රභවය ඔබේ හිරු නොව
    ප්‍රභාවද නුඹෙමය
    සඳට විළි වනු කුමටද?...

    අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබ
    මුදා ලනු මුදු පබා
    සිත් පුරා ලූ යුරු....

    ReplyDelete
  4. what a miracle i read your mind

    ReplyDelete
  5. නෙතු අක්ක, ඔයා මාව හරියටම තේරුම් අරන්... ඒක නෙ අක්කෙ ඉතින් "සමයි නුඹ මට බොහෝ අයුරින" කියන්නෙ බොහෝ දෙනෙක්...

    ReplyDelete
  6. තවත් අපූරු පද ටිකක් චේජනා....

    ReplyDelete
  7. ස්තුතියි දිල්..

    සමහර වෙලාවකට කිසිම වැදගත්කමක් නෑ කියල අපි දකින දේවල්
    තවත් වෙලාවක වෙනත් තත්ව යටතේ කොතරම් නම් බලවත්ද...?

    ReplyDelete
  8. අක්කෙ ඉතින් කාලෙකට පස්සෙ ආවෙ.. කොහොමද..

    ReplyDelete
  9. දිලුනත් ලොකුවට
    මහිමෙන් අන් බල රැස්
    අඳ කලාට ලං වී
    මුලාවෙන් පියවි ඇස්
    නැති දා ලොකු
    බෙදයි ද උන් රැස්
    කලත් පුංචි උන් ඈත්
    බෙදන්නේ උන් හිමි රැස්

    මං ට්‍රේනිං/වර්ක්ෂොප් වල දී කියන කතාවක් මතක් වුනා මෙ පද පෙල කියෙව්වාම:
    A lift can help you reach high, imagine if hydraulics lost what would be the result.

    නිර්මාණශීලිත්වයෙන් පිරි අගනා පදපෙලක් නංගී.

    ReplyDelete
  10. රවා,
    හොඳින් ඉන්නව මල්ලි, ඔයාට තිස්ස අය්යව හම්බුනාද?
    මම දැක්ක මාරයත් එක්ක සෙට් වෙල ඉන්නව ඕනෙ වෙලාවක එන්නම් කියල.. ;-)

    ReplyDelete
  11. අය්යෙ,

    ඔයා කියපු කතාව නම් නියමයි..
    A lift can help you reach high, imagine if hydraulics lost what would be the result.
    මට කියන්න ඕනෙ වුනෙත් ඒ වගෙ දෙයක් තමයි...

    සෑම දෙයකට ම හා කෙනෙක්ට ම අදාල රාමුවක අනන්‍ය වටිනාකමක් තියෙනව කියල..

    ReplyDelete
  12. කෙනෙක්ට පුංචි දෙයක් වුනාට
    ඒ දේම තවත් කෙනෙක්ට ලෝකයක් තරම්

    ජීවිතේ එහෙම තමයි ...වරණය හැමතැනකම... තමන්ට රිසි ලෙස.... රිසි නම් රැදෙයි... නොරිසි රිසි වෙයි තවකෙක්ට...

    එයයි පැවැත්ම....

    ReplyDelete
  13. ඒකත් ඇත්ත.. නේද අක්කෙ.. වරණය තිබ්බ එකත් හොඳයි..
    නැත් නම් හැමෝටම එකම දේ ඕනෙ වෙලා
    මීට වඩා ලොකු කරදරයක් වෙනව...

    ReplyDelete
  14. පුන්සඳ ගෙනෙන මුදු එළියෙහි සිත නිවන
    තරු එළියක් පියවි ඇසකට හසු නොවෙන
    මන්දාකිනි අතර නෙතු රඳවනු නොහෙන
    හින්දා සඳ නුඹය! මට නිති තනි රකින

    ReplyDelete
  15. පියවි ඇසින් දු‍ටු අහසේ නෙතු රඳන
    සඳ එළියමයි අගනා මිහිකත නිවන
    මන්දාකිණියෙ තරු විදුනෙත මත ගැ‍ටුන
    සඳ කිරණක පහස ගෙන එන්නේ කෙලෙස

    ReplyDelete
  16. අමුතුම අදහසක්... ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා හිත බල කරනවා... ස්තූතියි මාව හිතන්න පෙළඹෙව්වට...

    ReplyDelete
  17. කුමට සොයනුද ඈත....
    මන්දාකිණියේ තරම..
    නොමැත කිසිවක් දියත
    අත පොවන මානයේ..
    තනි කමට තනි රකින..
    සඳුම මිස නුඹ සරන..

    සුලා..

    ReplyDelete
  18. යනෙන මොහොතක දිනෙක තනි මග
    විඩාබර නෙතු අතර දැව‍ටුන
    සඳු අරා සිටි විසල් නුබ ගැබ
    කුඩා තරු කැටයක් කියූ කව
    අකුරු අතරේ ගොනු කළත් මම...
    ජපානෙට මව්බිමට එක ලෙස
    පායනා පුන්සඳට මා සිත
    පෙම් බඳී තාමත්... එදා ලෙස

    මන්දාකිණියේ තරුවකට නොව.....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...