
පුන්සඳ අරා සිටින අහසේ
මම තරු කැටයක්...
නෙතු මායිම නොරැඳී
වසන් වන......
ඈත එපිට අහසේ.......
තරු මන්දාකිණියක..
මම ත් දිදුලනා
තරු රජිඳෙක්..
පුන්සඳ මා
අසලකවත් නොරැඳෙන...
----------------------------------------
Photo : http://e4innovation.com/images/star.jpg
පසු සටහන...
සියල්ල සාපේක්ෂ වූ ලොවක ජීවත් වන අප
මිහිතලය මත සිට දකින නිශා ගගන තලයේ
පරිපූර්ණ වස්තුව වූ කලී පූර්ණ චන්ද්‍රයායි..
එහෙත්....
ඒ ගගන තලය මිහිතලයේ රාමුවෙන් මිදී නරඹන
මොහොතක මිහිතලය මත සිට අප දකින
කුඩා තාරකා වූ කලී සඳුට ආලෝකය ලබාදෙන
හිරු හා සම බලවතුන් වේ...
රාමුවකින් මිදී බලන කල අපට ද මේ යථාර්තය වලංගු බව මට සිතේ........
මේ වගේ පින්තූරයක් දිහා බලල ඔයා අමුතුම කවියක් ගෙත්තම් කරල තියෙන්නෙ..
ReplyDeleteතවපාරක් ඇවිල්ල යන්නං මේක කියවන්න හිත නිදහසේ...
යෝගි,
ReplyDeleteඔයාගෙ කමෙන්ට් එක දැකල මම මේකට පසු සටහනකුත් එකතු කළා....
ටිකක් පැහැදිලි නෑ කියල දැනුන නිසා..
ප්රභවය ඔබේ හිරු නොව
ReplyDeleteප්රභාවද නුඹෙමය
සඳට විළි වනු කුමටද?...
අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබ
මුදා ලනු මුදු පබා
සිත් පුරා ලූ යුරු....
what a miracle i read your mind
ReplyDeleteනෙතු අක්ක, ඔයා මාව හරියටම තේරුම් අරන්... ඒක නෙ අක්කෙ ඉතින් "සමයි නුඹ මට බොහෝ අයුරින" කියන්නෙ බොහෝ දෙනෙක්...
ReplyDeleteතවත් අපූරු පද ටිකක් චේජනා....
ReplyDeleteස්තුතියි දිල්..
ReplyDeleteසමහර වෙලාවකට කිසිම වැදගත්කමක් නෑ කියල අපි දකින දේවල්
තවත් වෙලාවක වෙනත් තත්ව යටතේ කොතරම් නම් බලවත්ද...?
අක්කෙ ඉතින් කාලෙකට පස්සෙ ආවෙ.. කොහොමද..
ReplyDeleteදිලුනත් ලොකුවට
ReplyDeleteමහිමෙන් අන් බල රැස්
අඳ කලාට ලං වී
මුලාවෙන් පියවි ඇස්
නැති දා ලොකු
බෙදයි ද උන් රැස්
කලත් පුංචි උන් ඈත්
බෙදන්නේ උන් හිමි රැස්
මං ට්‍රේනිං/වර්ක්ෂොප් වල දී කියන කතාවක් මතක් වුනා මෙ පද පෙල කියෙව්වාම:
A lift can help you reach high, imagine if hydraulics lost what would be the result.
නිර්මාණශීලිත්වයෙන් පිරි අගනා පදපෙලක් නංගී.
රවා,
ReplyDeleteහොඳින් ඉන්නව මල්ලි, ඔයාට තිස්ස අය්යව හම්බුනාද?
මම දැක්ක මාරයත් එක්ක සෙට් වෙල ඉන්නව ඕනෙ වෙලාවක එන්නම් කියල.. ;-)
අය්යෙ,
ReplyDeleteඔයා කියපු කතාව නම් නියමයි..
A lift can help you reach high, imagine if hydraulics lost what would be the result.
මට කියන්න ඕනෙ වුනෙත් ඒ වගෙ දෙයක් තමයි...
සෑම දෙයකට ම හා කෙනෙක්ට ම අදාල රාමුවක අනන්‍ය වටිනාකමක් තියෙනව කියල..
කෙනෙක්ට පුංචි දෙයක් වුනාට
ReplyDeleteඒ දේම තවත් කෙනෙක්ට ලෝකයක් තරම්
ජීවිතේ එහෙම තමයි ...වරණය හැමතැනකම... තමන්ට රිසි ලෙස.... රිසි නම් රැදෙයි... නොරිසි රිසි වෙයි තවකෙක්ට...
එයයි පැවැත්ම....
ඒකත් ඇත්ත.. නේද අක්කෙ.. වරණය තිබ්බ එකත් හොඳයි..
ReplyDeleteනැත් නම් හැමෝටම එකම දේ ඕනෙ වෙලා
මීට වඩා ලොකු කරදරයක් වෙනව...
පුන්සඳ ගෙනෙන මුදු එළියෙහි සිත නිවන
ReplyDeleteතරු එළියක් පියවි ඇසකට හසු නොවෙන
මන්දාකිනි අතර නෙතු රඳවනු නොහෙන
හින්දා සඳ නුඹය! මට නිති තනි රකින
පියවි ඇසින් දුටු අහසේ නෙතු රඳන
ReplyDeleteසඳ එළියමයි අගනා මිහිකත නිවන
මන්දාකිණියෙ තරු විදුනෙත මත ගැටුන
සඳ කිරණක පහස ගෙන එන්නේ කෙලෙස
අමුතුම අදහසක්... ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා හිත බල කරනවා... ස්තූතියි මාව හිතන්න පෙළඹෙව්වට...
ReplyDeleteකුමට සොයනුද ඈත....
ReplyDeleteමන්දාකිණියේ තරම..
නොමැත කිසිවක් දියත
අත පොවන මානයේ..
තනි කමට තනි රකින..
සඳුම මිස නුඹ සරන..
සුලා..
යනෙන මොහොතක දිනෙක තනි මග
ReplyDeleteවිඩාබර නෙතු අතර දැවටුන
සඳු අරා සිටි විසල් නුබ ගැබ
කුඩා තරු කැටයක් කියූ කව
අකුරු අතරේ ගොනු කළත් මම...
ජපානෙට මව්බිමට එක ලෙස
පායනා පුන්සඳට මා සිත
පෙම් බඳී තාමත්... එදා ලෙස
මන්දාකිණියේ තරුවකට නොව.....