Thursday, May 6, 2010

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?



තිරය පි‍ටුපස
කිරුල දරමින්
සිහසුන් හෙබවූ
අග ‍රැජිනයි

ඈ..

නුර් ජහාන්..

දැයක කිරුළ නොව
මා සිතේ කිරුල පමණක්
හිමි කුමරු වී නම්
සහසක් ලියන් හා
බෙදා ගන්නට
නොවනු ඇති මට

ඔබව...

කිරුල නොමැතිව
ඔබ කුමට මට
ඇතොවුරට නොව
අග බිසව් ලෙස
පමණක් ම එමි
මා..

සිතන්නී ඈ..

මෝගල් අදිරද
කිරුල හිමි
ඇගේ කුමරුයි
ඔහු...

සලිම් ජහන්ජිර්

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?




Indu Sundaresan ගේ The Twentieth Wife කෘතිය ඇසුරෙනි..
(ප්‍රේමය පමණක් නොව ධනය, බලය වෙනුවෙන් ද ඔහු හඹායන ඈ මෙන්ම, රූ සපුව නිසාම ඇය හඹා එන ඔහු ගෙ පෙම් පුරාවත: මෝගල් අදිරද Salim Jahanjir හා ඔහුගේ අග‍රැජින Nur Jahan ගේ පෙම් පුවත මේ පොතේ විස්තර කෙරෙනවා... )


Photo: http://wwwdelivery.superstock.com/WI/223/1566/X1010/PreviewComp/SuperStock_1566-048402.jpg

23 comments:

  1. පොත නම් කියවලා නැහැ අක්කෙ. නමුත් ඔයා කරල තිබුණ විස්තරය සහ පදපෙළ කියවීමෙන් ඒ ගැන යම් පමණකට වටහා ගත්තා. ඒ වගේම පදපෙළත් රසවින්දා.

    මේ කියවපු දේ වලින් මේ පොතේ එන දෙදෙනාගේම ආදරය එක්තරා රැවටීමක්දෝ කියලත් හිතුන?

    ReplyDelete
  2. පෙම් පුවතක් ලෙස හැඳින් වුනත් ඔවුන් අතර සැබෑ පෙමක් පැවතුනා කියල හිතන්න බැරි ගතියක් දැනෙනවා අක්කේ මේ පද පෙලේ සහ සටහනේ තියෙන යම් යම් කරුණු නිසා.......මේ කතාව නම් කියවලා නැහැ..... නමුත් අක්කගේ නිර්මාණය රසවිඳින්න ඒක බාධාවක් වුනෙත් නෑ..... අපූරුයි....

    ReplyDelete
  3. රේවන් වගේම විශ්මිත් කියලා තියෙනවා වගේ ඒක ඇත්තටම "පෙම් පුරාවතක්" ද කියලා මටත් හිතුනා.

    රජ පෙම් පුවත් කියන්නෙ හරිම සංකීර්ණ ආදර කතා. දැන් කාලේ අපිට ඕවා තේරෙන්නෙ නැහැ මංහිතන්නෙ. අන්තඃපුරය... අග බිසව... අනේ මන්දා.

    ඒ කතාව කෙසේ වෙතත් නිරමානය නම් උසස්. වචන භාවිතය වෙනස්. මම කැමතියි ඒ වෙනසට.

    ReplyDelete
  4. මමත් මේ පොත කියවල නැති වුනත් ඔයාගෙ මේ හිතට කාවදින ලස්සන පැදි පෙළ දැකහම හොයාගෙන හරි කියවන්න හිතුන.

    ReplyDelete
  5. චේජනාගේ චේතනා හරිම ඉහලයි නොවැ.

    ReplyDelete
  6. ලස්සන කවිපෙල, ලියා ඇති විලාශය අපූරුයි.

    අනේක උපමා උපමේයන් යොදාගෙන තාජ් මහල කලා කෘතීන් හි වර්ණනා කලත් වසර 12ක පමණ සිට තාජ්මහල් නම සමඟින් සිතට ඇදී එන කිසියම් නිරස කරුණක් මෙ ස්මාරකය ගැන එතරම් සුන්දරත්වයක් ගෙනෙන්නේ නැහැ මට නම්.

    තාජ් මහල් සංකීර්ණය ගොඩනගන්න වසර 22ක් ගතවු බව කියවා ඇත. එහි ගොඩනැගීම් කටයුතු වලදී අප්‍රිකානු කළු වහල් ජනයා විශාල ලෙස යොදාගත් බව කියවේ. ගොඩනැගීම් කටයුතු ඉවරවූ පසුව තාජ්මහලේ මූලික ගෘහනිර්මාණ ශිල්පියා වන ඊසා ඛාන් නැමැත්තා හා ගොඩනැගීම් කටයුතුවල යෙදුන අයගේ දෑත් සාජාන් විසින් කපා දැමූබවත් කියැවේ. එයට හේතුව එවන් ලස්සන ස්මාරකයක් තවත් ඔවුන් අතින් ඉදි නොවෙන්නලු?

    ඒගැන කියැවෙන ලින්ක් දෙකක්:

    http://library.thinkquest.org/27638/tajmahal.html

    http://www.encyclomedia.com/shah_jahan.html

    ReplyDelete
  7. මල්ලි, පොත මේ ඉතිහාස කතාව ඇසුරෙන් ලියූ නව කතාවක්..
    මේ දෙදෙනා අතර ආදරයක් නැතැයිම හිතන්න බෑ..
    එහෙත් එය ඉතාම අවුල් සහගත හැඟීම් ‍රැසක සම්මිශ්‍රණයක්..

    විශ්මි නංගි,
    පොත නොකියවපු කෙනෙකුට වුනත් රස විඳින්න පුලුවන් වෙන්න තමයි පුංචි හැඳින්වීමක් කළේ...

    ReplyDelete
  8. මින්දද,
    මේක ටිකක් අමුතු කතාවක්.. කොහොමටත් කතාව ඒ කාලෙ පසුබිම ගැනත් ටිකක් වේදනාබර අත්දැකීම් තමයි දෙන්නෙ.. ඒත් ඒකෙ ආකර්ශනය්ක් නැත්තෙම නෑ..මෙයින් සැහෙන කොටසක් අපි ජීවත්වෙන මේ ලෝකෙම කලකට ඉස්සරවෙලා සිද්ද වෙලා තියෙනව නෙ..

    මතක මංපෙත..ඔයා කොහොමටත් ගොඩක් පොත් හොයාගෙන කියවන කෙනෙක් නෙ මල්ලි..

    අනුරාධ.... ස්තුතියි..

    ReplyDelete
  9. ගල්මල් අය්යෙ...
    මේ කියන්නෙ සාජහාන් රජතුමාගේ පියා ගැන.. සලිම් ජහන්ජිර් ඔහුයි..
    සාජහන් මුම්ටාෂ් පෙම් කතාවත් මේ පවුල් දෙකේ බැඳීමෙ ම ඊළඟ පියවර..
    මේ කියන අධිරාජිනිය ඒ දෙදෙනාගෙ එකතුවටත් ප්‍රබල බලපෑමක් කරල තියෙනව.. ඉතිහාසෙ එන විදියට..
    අසීමිත බලයක් තිබූ මෝගල් අධිරාජයන් කිසිවෙක් ඒ තරම්ම කරුණාවන්ත මිනිසුන් වූ බවක් නම් පේන්නෙ නෑ...
    ඇත්තට ම ලෙයින් කඳුලින් ලියවුනු කතාවක් ටජ්මහල පි‍ටුපස ඇති කියල මම විශ්වාස කරනව..

    ( කොහොමටත් මගේ හිත නම් මිනිසා විසින් ඉදි කළ නිර්මාණ වලට වඩා සොබාදම විසින් කළ නිර්මාණවලට කවදත් ඇදිල යනවා... මම හිතන්නෙ ඒ පිටි පස්සෙ කඳුලු කතාවක නෑ කියල මම හිතන නිසත් වෙන්න ඇති ඒ..)

    ReplyDelete
  10. ආදරේ පරණ වෙන්නෙ නහැ කියන්න එකයි..දුකක් තැවරිලා තිබ්බත් ..ලස්සන කවි පදයක් ලියන්න හිතෙන්නේ ඒ ආදර කථා පරණ නොවෙන නිසයි..නිර්මාණය හරි ලස්සනයි..

    ReplyDelete
  11. ඔයා කියනව වගෙම ඒ ආදර කතාවෙත් අපූරු සුන්දරත්වයක් තිබුන.. ඒකයි ඒක කවියකට ලියල
    ඒ චරිත දෙක පොඩි වෙලාවකට ජීවමාන කරල විඳින්න හිතුනෙ..

    ReplyDelete
  12. කවිය කියෙව්වාම පොත මොන ‍ලෝකෙන් හරි හොයාගෙන කියවන්න හිතුනා සමනලීටත්

    ReplyDelete
  13. අක්කේ මාත් මේ කාතාව කියවලා නෑ.ඒත් ඔන්න අක්කාගේ කවිය කියවලා යන්න ආවා.ඒක ගැන ඉතින් හැමදාම කියන දේ තමා කියන්න තියෙන්නේ.මට ඔහොම ලියන්න බෑ කියලා දුක් වෙන්නත් මගේ හිත අමතක කරන්නෑ... ඉතින් මං මක්කොරන්නද?

    ReplyDelete
  14. එන්න නම් ඉතින් ටිකක් පරක්කු උනා මොකද පහුගිය සතියෙ මොනවත්ම කරන්න තරම් විවේකයක් මට තිබුනෙ නැහැ..
    ඔන්න අද හවසින් පස්සෙ ඒ ලෙඩේ හරි..
    හ්ම්ම්ම් දැන් ඔලුව නිදහස් ..මාත් පොත නම් කියවලා.නැහැ චේජනා ඇත්තටම හරිම ව්‍යාකූලයි වගේ නේද ඒ සම්බන්දය..බලන්න ඕනෙ හොයාගෙන කියවන්න
    ඔයාගෙ පද පේලි ටිකෙන් පොතේම කථාවෙ සාරාංශය අපිට ලැබිලා තියන්වා කියලා මට හිතෙනවා
    ස්තූතියි..!!! චේජනා

    ReplyDelete
  15. සමනලී,
    පොත හොයාගෙන කියෙව්වොත් මේ වගෙම හැඟීම් ‍රැසක
    සම්මිශ්‍රණයක් ම තමා විඳින්න ලැබෙන්නෙ...ඒත් ඒක interesting..

    මම නංගි,
    ඔයා ආවම නම් මම හැමදාම සතු‍ටු වෙනව.. පුංචි අහිංසක නංගි කෙනෙක්ව ඔයාගෙන් මම දකින නිසා...ඔයාටත් ලියන්න බැරි නෑ නංගො..
    තවත් කෙනෙක් ලියන දෙයක් කියවල විඳින්න පුළුවන් නම් ඒ සංවේදි හිතේ කවි ලියන්නත් පුළුවන්...ඔයාට ගොඩක් වැඩ වැඩි නැත්නම් පුංචි උත්සාහයක් දරල බලන්නකො.. වැඩ පාඩු කරගන්නෙ නැතිව..ලියල දාන්න බ්ලොග් එකට.. අපි බලන්නම්.. බලල උදව් කරන්නම් අඩුපාඩු හදා ගන්න...මෙච්චර අය්යල අක්කල ගොඩක් ඉ‍ඳෙද්දි...

    ReplyDelete
  16. නිමන්ති අක්කෙ,
    ඔයා ආයෙම හිත් සැහැල්ලුවෙන් නේද..ඒක හොඳයි..
    ඔයා ඉතින් ගොඩක් පොත් කියවන කෙනෙක් නෙ...මම හිතුවෙ ඔයා කියවල ඇති කියල..
    කවිය ලියද්දිත් මට හිතුන නිමන්ති අක්ක පොත කියෝල ඇති නේ කියල..
    බලන්නකො පුළුවන් නම් පොත හොයාගන්න..ඒක හරිම සංකීර්ණ ආදර කතාවක්.. පොඩි පොඩි විස්තර ටිකක් නම් විකිපීඩිය වල එහෙමත් තියෙනව.. මේ අදිරජ යුවල ගැන..

    ReplyDelete
  17. හැමදාම වගේ
    ලොකුම ලොකු කතන්දරයක
    ඉතිහාසය
    කෙටි ම කෙටි පේලි වලින්
    අපිට කියාදෙන

    නූර් ජහාන්...
    සලීම් ජහන්ජීර්...
    අසා නැති වුව
    මේ කියැවෙන
    අඳුරු කතාව
    අසා ඇති තරමට
    එය අපට හැඟී යන

    නුඹට
    බොහොම පිං
    අපේ සිත් නිවන්නට
    ගොතන කවි ගෙත්තමට ...

    -ජය

    ReplyDelete
  18. ගල්මල් අයියේ..
    බොහොම ස්තුතී ඔයාගේ තොරතුරටත් ඒ සම්බන්ධ Links වලටත්.. අපේ බ්ලොග් අවකාශේ මේ වගේ තැනකට ඇවිල්ල දේවල් රසවිඳින ගමන් තමන් ඒ පිළිබඳ දන්නා තොරතුරු බෙදාහදා ගැනීම හුඟක් වටිනවා.. එවිට රස වින්දනයත් සමඟම දැනුම හා බුද්ධිය පිළිබඳ තෝතැන්නක් බවට මේ අවකාශය පත්කරගතහැකී නේද?...
    ස්තුතී ඔබට නැවතත් .

    ReplyDelete
  19. යෝගි,

    ගෙතෙන කවි ගෙත්තම්
    නිවයි නම් ඔබෙ සිත්
    එවන් කව් පද
    ගෙතෙන මා සිත
    නිවෙයි ඒ දකිමින්



    ඔයා හරි යෝගි,
    මගෙත් අදහසක් තමයි ලෝකයෙ සිදුවෙන හෝ සිදුවුණ දේවල්
    කෙතරම් ක‍ටුක වුවත් ඉඩ ලැබෙන පරිදි අප දැනසිටිය යුතුයි..
    ගල්මල් අය්ය ඒ ලින්ක්ස් එක්ක ගෙන ආ දැනුමත් එහෙමයි..
    තිත්ත ඇත්ත, ඒත් අප ඒ තොරතුර ඉන් දැනගත්තා..
    මාත් ස්තුති කරනව අය්යෙ..

    ReplyDelete
  20. @ චේජනා
    ඔන්න මම ආයෙත් මේ පෝස්ට් එකට ලින්ක් එකක් මගේ අලුත් ලිපියට ඇතුලත් කලා. මෙහෙම ලින්ක් ඔයාගෙ ලිපිවල ලින්ක් ඇතුල් කලාට අමනාපයක් එහෙම නෑ නේද!!!!!!!

    ReplyDelete
  21. මම මේකට ආවෙ මතක මං පෙතේ ලින්ක් එකෙන්... ඔයගොල්ලො ඔය කියන පොත නම් කියවල නෑ. නමුත් එයට සමාන හින්දි චිත්‍රපටයක් නම් බැලුවා... නම නම් මතක නෑ. ඒක මේ මෑතකදීත් රූපවාහිනියේ හරි I.T.N. හරි ගියා. මං හිතන විදිහට මේක වෙන්න ඕන...

    ReplyDelete
  22. @kumaraya
    මන් හිතන්නෙ ඔයා ඔය කියන්නෙ ජෝදා අක්බර් ගැන. ඒකත් ඔය මෝගල් අධිරාජ්‍ය කතාවක් තමයි. හැබැයි මේ එක නෙවෙයි. ඒකෙ තියෙන්නෙ හින්දු රජ කුමරියකුයි මුස්ලිම් රජතුමෙකුයි අතර සිදු වන විවාහයක දේශපලණික හා මානුෂීය බැඳීම ගැන කතා කරන අපූරු තේමාවක්. මේකේ තේමාව ඊට වෙනස් මට වැටහුන විදියට.

    ReplyDelete
  23. මතක මංපෙත..කමක් නෑ.. මල්ලි. මම දවසකුත් කිව්වෙ ඔයාගෙ බ්ලොග් එකෙන් මට ලින්ක් දෙනවට ස්තුතියි කියල..
    කුමාරයා.. ඇවිත් ගියාට ස්තුතියි.. මේ කතා කියවද්දි මේවයෙ ‍ෆිල්ම් බලද්දි ආසා හිතෙනව නේද..?

    අනුරාධ මල්ලි, මේක සැබෑ සිදුවීමක් අලලා කියවුනු කතාවක්...ජෝදා අක්බර් එහෙමද කියල නම් මම දන්නෙ නෑ මල්ලි, ඒත් මේ රජු හා ‍රැජින ගැන නම් විකිපීඩියා වල තියෙනව..
    http://en.wikipedia.org/wiki/Jahangir
    http://en.wikipedia.org/wiki/Nur_Jahan

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...