Wednesday, June 30, 2010

සිත ඇඳි රූ...





දිල් ලිව්ව අල්තිනායිගෙ ලියමන කියවල මගෙ හිතත් දුයිශෙන් ගැන දොඩමළු වුණා.
ඒ සටහනට ලැබුණ සුලා අය්යගෙ ප්‍රතිචාරය වුණේ "ඇහි පිල්ලමක් යට"
සුන්දර කතාවෙ රසය ගැන ඉඟියක්...

"ඇහි පිල්ලමක් යට" කතාන්තරේ මාව අරගෙන ගියේ මම නොදැකපු ඒත් බොහෝ වාරයක් අහල හිතේ මවාගෙන රස විඳි හුඟක් ඈත කාලෙක අතීත කතාවක ට...

අවුරුදු හතක පුංචි දුවගෙ කතා ඇහිමේ පිපාසය සංසිඳවන්න මුළු උම්මග්ග ජාතකය ම, කුස ජාතකය ම කතාවල් විදියට ටික ටික කිව්ව ඔහු වතාවෙන් වතාව මම ලොකු වෙනවත් එක්ක ම ටික ටික මගෙ ජීවිතාවබෝධය වැඩි කරමින් කොටසින් කොටසින් කිව්ව ඔහුගෙ ජීවිත කතාවෙ කොටසක් ඒ...

මම හිතන්නෙ මේ 1969 හැත්තෑවෙ විතර වෙන්න ඇති...
නු/බෝපත්තලාව රජයේ පාසල....
බෝපත්තලාව ගොවිපලේ සේවකයන්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩ නැගුනක්...

හැන්දෑවෙ ඩයගම යන අන්තිම බස් රථය ළිඳුල යන බස් එකේ හිටපු මට පෙනුනෙ සිරීපාදෙ යනව වගෙ..ඒ ඔහු ඔහුගෙ ජීවිත කතාව සැකසුණ පරිසරය දකින්න මාව එක්කගෙන ගිය දවසෙ...
ඒ 1993 දි විතර... 

1969 දි... මම කොහොමද මවාගන්නෙ...

ජාතික ඇඳුම ඇන්ද ඔහුත් ඒ කාලෙ තරුණයෙක් වෙන්න ඇති මේඝ වගෙම...

ගුරුනිවාසෙ ගුරුවරු 5 දෙනෙක්.. හිම වගේ සීතල වතුර... චමරියක් දාගෙන උයාගෙන කාල සති අන්තයට ගෙදර යනව කියලවත් නැතිව, මාස තුනකට වරක් නිවාඩු කාලෙට විතරක් ගෙවල්වල ගිහින් ගතකළ ජීවිත කතාව...

බෝපත්තලාවෙ කිරි ගොවිපලේ සේවකයන්ගෙත් තවත් අහල පහළ දරුවන්ගෙත් ඇස් පෑදුව කතාව ඒ...

මේඝ අත්විඳින සියල්ල ඔහුගෙ සැබෑ ලෝකෙ ඔහු අත්විඳල තියෙනව...මේ හැත්තෑ එකේ කැ‍රැල්ලෙ පසුබිම සැකසුන කාලෙ..

කතාව සවිස්තර ව කියන්න මට බෑ...අහන් ඉඳල, මගේ හිත ගත් තැන් හිතේ ඇඳගෙන රස විඳපු කතාවක් විතරක් නිසා...

ඒ කතාවෙ තවත් එකම එක සිදුවීමක් මගෙ මතකය අතරින්....
එදා ළිඳුලෙ ඉඳල එද්දි මුනගැහුන එක සිසුවෙක් .. අපි වගෙම කොළඹ එනව "උඩරට මැණිකෙ".. අපි එන්නෙ නිවාඩුව ඉවර කරල ගෙදර... ඔහු ආවෙ ‍රැකියාවට... අවුරුදු 20 කට විතර පස්සෙත් ඒ සිසුවා ඔහුට අකුරු හුරුකළ ගුරුතුමා ව අඳුනගත්ත....මේ කතාවෙ මා දු‍ටු එකම ජීවමාන සාක්ෂිය එපමණයි..

මම ආයෙ මේ සටහන තියද්දි කිසිම දෙයක් ආයෙ ම  ඇහුවෙ නෑ, මට ආස මම මවාගත් රූපය අකුරු කරන්න.. ඒක මට මතක් වුණේ "ඇහි පිල්ලමක් යට" දැක්කම... ඒක මගෙ චිත්ත රූපයට ගොඩක් සමාන නිසා...

කැඩි කැඩි ඇ‍ඳෙන මගෙ චිත්ත රූපය හුඟක් පැහැදිලි නෑ... බොඳ වෙලා... ඒත් මම ඒකට ආදරෙයි... ඒ මම වඩාත් ම ආදරේ කරන පුද්ගලයගෙ අතීතය නිසා....

"ඇහි පිල්ලමක් යට" ‍රැ‍ඳුන
ඔබේම දෙනෙතින් මා දු‍ටුව
ඔබේම අතීතයෙ
සැබෑම කතාව
හැම නවකතාවකට ම වඩා
සුන්දරයි මට...

මම දු‍ටු "ඇහි පිල්ලමක් යට"
ජීවමාන 'මේඝ' වුණු
ඔහු

මගේ ම තාත්තා...
--------------------------------------------

 Photo: http://www.tealeaftrust.com/USERIMAGES/website%20image%201.jpg

Monday, June 28, 2010

නොහිම් සිත්තම්...


නිල් පැහැ සුවිසල් අහසත් අනන්තය දක්වා දිවෙන දසුනත් අතර ‍රැඳුන කොළ පැහැය...
රන්වන් හිරු කිරණින් නැහැවෙන...නමුණුකුල කඳු වැටි සිපගන්නා මිහිදුම් සළුව... 
බැලුබැලු අත නෙත ගැටෙන නිල් සහ කොළ එක් කර සොබාදම ඇන්ද මේ නොහිම් සිත්තම මොන තරම් නම් අපූරුද ?

ජීවිතයේ දහසකුත් කම්කටොළු මැද දැරියක් ව දිවි ගෙවූ මට මේ සියල්ල මග හැරෙන්නට ඇත. තරුණියක වූ මා පැල්පතින් රජගෙදර ට ගෙනගියේ මගේම සොඳුරු රුවයි. දු‍ටුවන් වශී කරවන රූ සපුවකින් හෙබි මා එකම ‍රැයකින් තරුවක් ද ගැහැණියක් ද වීමි.

රූගත කිරීම්වලට අනන්තවත් මේ ප්‍රදේශයේ ‍රැඳුන මා කිසිදා මේ දේවල් නුදු‍ටුවේ ඇයි?

සුන්දර යෞවනයේදී මිත්තණියකගෙ භූමිකාව ට පිවිසීමට මටත් වඩා වේශ නිරූපණ ශිල්පියා වෙහෙසුන අයුරු... මුහුණේ ‍රැළි මවන්නට ආලේප තැවරූ... ඝන නිල් කෙස් කළඹ සුදු පැහැ ගන්වන්නට වෙහෙසුණ අතීතය...
අද කිසිදු වෙහෙසක් නැතිව ම...ඒ පෙනුම...

සුන්දරත්වය ද කීර්තිය ද ධනය ද විසින් නිලංකාර කල දෑසින් මිහිබට සුරලියක ම වීමි. රිදී තිරය ඒකාලෝක කල මා රුව අස්ථිර යයි එදා නම් මට නොසිතිණ. සදාකාලික යෞවනයක සිහින අතර පාවුන සිහින කුමරිය වූ මා ඒ සිහිනයෙන් මුදාලන්නට කිසිවෙකුත් නොසමත් විණ.

එදා ද ගහකොළත් නිල් අහසත් මේ සුන්දරත්වය ම උසුලන්නට ඇත. ඒ දකින්නට තරම් නැවතිල්ලක් මට කොයින්ද? සැඳැ සාදයක මධු අතරේ මිහිර මා පියවි ලොවින් ඉවතට ගෙනගියේය.
අවන්හල්... රැඟුම්... ගැයුම්... සාද...

මුළු ලොවම මා පතද්දී කුමට කු‍ටුම්භයක සිර වෙම්ද?

දෙතොල් පුරා ලූ මධු බඳුනේ...
ජීවිතයේ මිහිරයි ‍රැඳුනේ...

මා ලවන් දැලේහී
බිඟුන් මුලා වී
‍රැ‍ඳෙන්නෙපා...
-------------------------
අද මේ සියල්ල හැර දමා එන්නට මට ම සිතුනේ ඇයි? ඒ සියල්ලෙන් මා විඳි රසය හීන වූ නිසාද? වැහැරුණ මගේ යෞවනයේ අසිරිය හීන වෙද්දී රිදී තිරය පුරා පෑයූ අළුත් තරු මගේ එළිය අභිභවා දිලෙනු දු‍ටු නිසා ද?

සදාකාලික යෞවනෝන්මාදයෙන් මත් වී සිටි මගේ ම අභිමානය මා දෙපතුළ බිඳියනු දු‍ටු නිසා ද?

ජීවිතයේ යථාර්තයෙන් පලා යා නොහැක... ජීවිතය නොනවතී.. එය ගලා යයි...
එහි නා නා යුගයන්ට ඊට ම උරුම සුන්දරත්වයක් අයිතිය. 
දිලෙන තරු තිරය මත දිලුන දෙන්... මේ මගේ ජීවිතයේ සැඳැ සමයයි. රිදී තිරය මත තරුවක් වී අතැඟිලි අතරින් ගලායන්නට ඉඩ හල ජීවිතය දැන්වත් ඉතින් අතැඟිලි අතර රඳවා ගත යුතුය.

මා තරුවක් වෙද්දී ජීවිතයේ බර උරින් ගෙන දියණියට මව ද පියා ද දෙදෙනාම  වූ ඔහු සොයා යා යුතුය.

දියණියට නුදුන් සෙනෙහස මිණිපිරියටවත් දෙන්නට මා නැවත ඔවුන් වෙත යා යුතුය. අම්මා නොවුණත් ඇගේ දියණියට මිත්තණියවත් වීම ඈ තෘප්තිමත් කරනු නොඅනුමානයි.

ගමන නොනිමෙයි...



Photo: http://media.photobucket.com/image/stage%20lights/djkdogg/Backgroundz/stage-lighting-2.jpg

Friday, June 25, 2010

ඛේදාන්තයක කතාවක්..



ඛනිජ තෙල්...
මානවයා ජීවත් කරවන ඉන්ධනය එයයි...

ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැකියි කීවත් එය අතිශයෝක්තියක් නම් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ...
විකල්ප බලශක්තින් සෙවීමේ පර්යේෂණ මොනතරම් කෙරුණත් තවමත් ලොව සුපිරි බලවතුන්වත් සිය අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් තරමින් නිපදවිය හැකි ආරක්ෂිත වෙනත් විකල්ප සොයාගෙන නෑ...

ගොඩබිම ඛනිජ තෙල් නිධි එහි නිමාවට අතවනද්දී ගැඹුරු මුහුදේ ඛනිජ තෙල් නිධි සොයා යන්න මානවයාට සිදුවුණේ එ නිසාම වෙන්න ඇති...

"Deepwater Horizon" ඒ ගමනේ ඛේදාන්තය සනි‍ටුහන් කරනව ද?

Deepwater Horizon, මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ඛනිජ තෙල් නිධියේ, කැණීම් යන්ත්‍රයක පිපිරුම සිදුවුණ අප්‍රේල් 20 වනදා සිට අද දක්වා ම ඉන් බොරතෙල් කාන්දුවෙනවා... සාර්ථක විසඳුමක් අද දක්වාත් නැහැ..වර්ග කිලෝමීටර් 6500 ක් පමණ ප්‍රදේශයක් තෙල් තට්‍ටුවෙන් වැසිලා...
සාගර ජීවින් එහි වන්දි ගෙවනවා..ක්ෂණික ප්‍රථිපලය ලෙස..
ඒත් මිනිසා ඇතුළු අනිත් ජීවින්ටත් එහි වන්දිය ගෙවන්න සිදුවේවි... එහි ප්‍රථිපල ආහාරදාම හා පාරිසරික පද්ධති හරහා සම්ප්‍රේෂණය වෙද්දි...

ප්‍රථිපලය දකින නමුත් බොරතෙල් කැණීම නවතාලීම ගැන මොහොතකටවත් සිතිය හැකි තත්වයකට ලෝකය පැමිණී නැහැ...තවත් ස්ථානයක බොරතෙල් සෙවීමට කැණිමට අපට සිදුවේවි...
මෙවන් සිදුවීමක් සිදුවූ පසු එහි වැරදිකරුවන් සෙවීමෙන් පලක් නෑ.. සිදුවීමේ හේතු සොයා ඒවා අවම කරගැනීමට අපට හැකිනම්...එය මිහිතලයට කරන සෙතක් වේවි...

ක්ෂණික විසඳුම් නැති මේ දිහාවෙ ටිකක් අවධානයෙන් බැලුවොත්...
අවදානම නැති කරන්න බැරි වුණත් මෙවන් සිදුවීම්වල අවදානම අවම කරගැනීම දක්වාවත් යන්න මිනිසාට පුලුවන් වේවි...

Wednesday, June 23, 2010

ගුරුගීතය ...



දිල් සොයුරිය අකුරු කළ අල්තිනායිගෙ ලියමන...

සේද මීඳුම් සළු ලෙහාගෙන
අනන්තය තෙක් පියඹනා ලා අඳුර
හදවතේ ගැඹුරුම තැන සොයන සඳ
සිනාසෙයි ගෙවීයන කාලය
ප්‍රේමයෙන් ඔකද උන තරුණ සමයට
ආදරණීය දුයිෂෙන්……
කෝ කොහෙද
කොතැනකද නුඹ…………

ලතවෙන්නෙමි තවම මම
සීත ගං ඉවුරු යා කෙරුව
අයිලය හැරදා යා නොහැකිව
ආදරණීය දුයිෂෙන්…
ඇහුනාද පෙණ පොදක විලාපය
අහෝ….
ඒ නොවෙද මගෙ අතීතය….

වියළුන සිත් බිම් කඩ වෙත
වස්සානයේ පහස රැගෙන
අයිලයට එනවාද දුයිෂෙන්
ලද බොළඳ පෙම්වතිය
නුඹේ අල්තීනායි
මියැදෙන්නට පෙර…

මා අකුරු කළ දුයිශෙන්ගේ ලියමන...

අයිලය හැරදා
යාගන්න
බැරි වෙලා
ලතැවෙනා අල්තිනායි...

පොප්ලර් ගස් අතර අතීතය
වල දමා
හිනා පොදකුත් ‍රැගෙන
අනාගතයට යන්න...

නුඹට හිත බැඳි
බැඳුම් එලෙසමයි...
පොප්ලර් ගස් වගෙම
නිසලයි...
සුන්දරයි...

අයිලයේ ‍රැ‍ඳෙන්නට
බෑ ඉතින් නුඹට තව
අනාගතය ට නුඹ ව
ඕනෙමයි..
මගේ සෙනෙහස
සු'පැතුම් ද ගෙන
යන්න වෙන් වී ඉතින්
ආයුබෝවන්...

මම දුයිශෙන්...


මා දු‍ටු වර්තමානය...

ටියුෂන් කඩ පිල් ඇතුලේ..
ශිල්ප සතර විකිණෙද්දිත්
දුයිශෙන් ලා මම දු‍ටුවා..
දුයිශෙන් මට මුණගැහුණා...

සරසවියේ නා නා විධ
දේශකවරු අතරමැදත්
දුයිශෙන් එක වරක් නොවේ
දෙතුන් වරක් මුණගැහුනා...

දුයිශෙන්ලා නුදු‍ටුව නුඹ
හැරී බලන් තවත්
වරක්
තාමත් දුයිශෙන් මේ ලොව
ජීවත් වෙනවා...
අල්තිනායි නොවුන මටත්
ඉඳහිටවත් හමු වෙනවා....



Photo:http://www.nwpphotoforum.com/ubbthreads/JM_Pieces/2007_Interviews/Isaac/kashmir2.jpg

Sunday, June 20, 2010

ලොකු අය්යා


ගොඩක් ආන්දෝලනාත්මක මන්ත්‍රීවරියකගෙ චරිතයක් නිර්මාණය කරමින් 'පබා' පුංචි තිරයෙන් සමු අරන්... 'පබා' මෙගා ටෙලිනාට්‍යය අවසන්... මුලුමනින් ම පබා ටෙලිනාට්‍ය නැරඹුවෙ නැති වුණත් එහි එක් චරිතයක් (මගේ අදහස අනුව) ඉතාම සංවේදී ලෙස නිම වෙලා තිබුණ... ඒ සමගිපුර 'වසන්ත' ගෙ චරිතය...
සැබෑ ලොව ජීවත්වන එහෙත් ඔවුන්ගෙ සිතේ හැඟීම් අදහස් තේරුම් ගැනීමට අවශේෂ සමාජය උත්සාහ නොගන්නා නමුත්...
ඔවුනුත් හැඟීම් දැනීම් ඇති ඇතැම් විට උගත් උසස් යයි සම්මත සමාජයේ සාමාජිකයන්ට වඩා සිය සමීපතමයන් වෙනුවෙන් කම්පාවන,
ඔවුන්ගේ සතුට සැපත වෙනුවෙන් කැපවන..
සංවේදී මිනිසකුගේ ආත්මය සමගිපුර වසන්ත ලොකු අය්යා.. අපූරුවට ප්‍රතිනිර්මාණය කළා...

මල්ලිගේ සේවා ස්ථානය ට ගොස් සොයුරා බව සඟවන...
මව් සෙනෙහස වෙනුවෙන්.. මවගේ සතුට වෙනුවෙන්
සිය ජීවිතය ම කැප කල..
කප්පරක් වැරදි වෙනුවෙන් සිය පියාට සමාව දුන්...
ඔහු...
තමාගෙ නොවූ එහෙත් තමා වටා ‍රැඳුන සියලු සොයුරන්ගේ...
සැපත සතුට තහවුරු කළ...

සමගිපුර වසන්ත
ලොකු අය්යා...

බොහෝ සංවේදි හා ප්‍රබල ලෙසින් පුංචි තිරය
මත සටහන් වුණ චරිතයක් ලෙසමයි මට පෙනෙන්නෙ....

----------------------------------------------------

ඒ චරිතය පුංචි තිරය මත ඉතාම සංවේදී ව නිර්මාණය කළ
සරත් චන්ද්‍රසිරි කලාකරුවා, "ලොකු අය්යා" ට උපරිම සාධාරණය ඉශ්ට කළා....

ඔහුගේ සේයා රුවක් සමගින්...
පබා මෙගා ටෙලිනාට්‍ය තුළ මා දු‍ටු සංවේදී ම මිනිසා නිර්මාණය කිරීම වෙනුවෙන්..

මේ සටහන...

Tuesday, June 15, 2010

විහඟ ගී මිහිරී...

එදා





විහඟ ගීයක් ගයන්නට
තුඩගින්
මියුරු තත්සර
අතර මුහුකොට
පිපී මල් කැන්
වසන්තය ඇවිදින්
පුංචි කුරුල්ලෙක් මං
තුඩගයි ‍රැඳුනේ
පද වැල්



අද





වසන්තය ගිනිගත්
ගිම්හානය ට බියවී
එදා පිපි චෙරි මල්
මිහිරියි රතුයි
දැන් චෙරි ගස්
චෙරි රසය විඳිමින්
ගයමින් අතුඅග
‍රැ‍ඳෙන්නම් මං
පුංචි කුරුල්ලෙක් මං


හෙට




ගිම්හානයත් ඉගිලී
ශිශිරයට අතවනනා
චෙරි ඉපල් අතරේ
බෑ.. ‍රැ‍ඳෙන්නට
මොහොතක්
විහඟ ගී ගොලු වී
සමුදුර මතින් ඉගිලී
සොයා යනවා මා කෙම්බිම්
වසන්තය සමගින්
ගයන්නම් ආයෙත්
විහඟ ගී මිහිරී...




Photo:
http://media.photobucket.com/image/cedar%20waxwing/hobbsmail/CedarWaxwing1copy-1.jpg
http://www.hnhs.org/uploads/image/Waxwing%20310109%20web.jpg
http://www.funzug.com/index.php/wildlife/beautiful-wild-song-birds.html

Sunday, June 13, 2010

නිහඬ හඬ..(The silent urge...)




සුන්දර අසුන්දර
වැදගත් නොවැදගත්
ශක්තිමත් දුර්වල
වටිනා නොවටිනා

ඒ විතරක්ද..?

වඳවී යන
තර්ජනයට ලක්වුණ
රතු දත්ත

ඔය ඔක්කොම ලේබල්
අපිට ඇලෙව්වෙ
අපිත් එක්ක ම
සම උරුමයෙන්
ඉපදුන

උඹල යි
උඹලගෙ අසීමිත
තණ්හාවයි

මිනිසුනේ…


උණහපුලුවා, මැඩගස්කරයට ආවේණික සතෙක්..
ඒත් ලංකාවෙ මිනිස්සු අතරෙත් නොයෙක් අවස්ථාවලදි උණහපුලුවා කියන වචනෙ කියවෙනව මම වගෙම ඔයාලත් ඕනෙ තරම් අහල ඇති..ශාකභක්ශක අහිංසක සතෙක්.. ඒත් අපි අතරෙ උණහපුලුවා ගනන් ගැනෙන්නෙ වැදගැම්මකට නැති, අවාසනාවන්ත, කැත ඔය වගෙ විශේෂණ වෙනුවෙන්..
ලොව වඳවීයන සත්ව විශේෂ අතරට ගැනෙන මේ සත්වයා ඒ තර්ජනයට මුහුණ දෙන්නෙ මිනිසා වන අපි නිසා.. වාසභූමි විනාශය සහ දඩයම ඒ සාධක අතරෙ ප්‍රධානයි...
මිහිමත ජීවත් වීමේ අයිතිය අයදින ඒ අහිංසක සතාගෙ නිහඬ යාදින්න වචනවලට නැගුනොත් මේ වගෙ වෙයි කියල ඒ නිසාම මට හිතුන..

The silent urge for the right of living on this Earth.

We, human beings, created the nomenclature and named them as we wish..
Then, we categorized them under various categories…
And then did research and so many other things…
We were never bothered to hear their silent urge….

Finally we identified them as endangered species…
At last.. To be written in red…

Why…

Mostly because of habitat loss and hunting.

But still their silent urge is unheard..
For the right of living on this Earth.....

This is one species and there are so many more…

Photo:
Decken's Sifaka, Madagascar: http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/sifaka-madagascar/

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...