බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණිය හා පිඟන් භාණ්ඩ අතර ද ඒ සබඳතාව තිබේ. නිවසක ආහාර පිළියෙළ කිරීමේ සහ පිළිගැන්වීමේ වගකීම ගැහැණියක් අත පවතී. ඒ නිසාම පිඟන් භාණ්ඩ එක් රැස් කිරීමේ ආශාව ද ඈ තුළ නිතැතින්ම ඇතිවනවා විය හැක. එහෙත් මා සිතන අයුරින් නම් රන් භාණ්ඩ ප්‍රවේශමට වඩා ඇතැම් විට පිඟන් භාණ්ඩ ප්‍රවේශම අපහසුය. අපේ අම්මාට අනුව නම් පිඟන් භාණ්ඩවල වටිනාකම සම්පූර්ණ පිඟන් භාණ්ඩ කට්ටලය එකට පවතිනතුරු පමණකි. එක් පිඟානක් කෝප්පයක් බිඳුන පසු එහි වටිනකමක් නැතැයි ඈ කියන්නීය. ඒ නිසාම ඇගේ පිඟන් බඩු කට්ටල හා අන්තර් සබඳතා අවම වන තරමට ප්‍රවේශම් සහගතය.
පෝසිලේන් හා පිඟන් භාණ්ඩ කෙරේ මා සිත ද උමතු ආශාවක් ඇත. එහෙත් එය අම්මාගේ ආශාව මෙන් නොවේ. මා ආසා කරන හැඩයේ හා රටාවේ එක බඳුනක් ලබාගත් පමණින් මගේ ආශාව සන්සිඳේ. ඊට වඩා එකක්වත් මට අනවශ්‍යය. එවිට ඒවා මට කරදරයක් වන බැවිනි. මගේ මේ ආශාව නිසා තැන තැන දකින පිඟන් භාණ්ඩ ප්‍රදර්ශනවලින් බඩු මිලදී ගැනීම මට රිසිය. ලොකු සාප්පුවලින් කට්ටලයක එක බඳුනක් අලෙවි නොකරන බැවිනි. වරක් මම ආසා කරන ආකාරයේ කෝප්ප දෙකක් වර්ග දෙකකින් මිලදීගත් මට අම්මා බොහෝ දොස් පැවරුවාය. එහෙත් මම රට හැර ඒමෙන් පසු අපේ ගෙදර ගිය, ඇගේ තක්සේරුවට අනුව එක බැගින් ඇති නිසා නොවටිනා, මගේ ඒ පිඟන් කෝප්ප නිවසේ එදිනෙදා භාවිතයට එක්ව තිබෙනු මා දිටිමි.
අම්මලා එක් රැස් කරන පිඟන් භාණ්ඩ ඒවායේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවා දමන්නේ කබඩ්වලය. ඒවා පාවිච්චියට ගැනෙන්නේ එහෙමත් අවස්තාවක පමණි. අනිත් අතින් ලොව ඉතාම අගනා පෝසිලේන් නිෂ්පාදකයෙක් ලෙස සැලකෙන දංකොටුව පෝසිලේන් සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියෙහි කියන්නේ ද ඒ නිෂ්පාදන විශේෂිත වෙළඳපොළක් සඳහා බවයි. ඒ නිසාම මිලෙන් ද ඉතා අධික වේ.
බොහෝවිට මට ආසා හිතෙන පෝසිලේන් හා පිඟන් බඳුන් ප්‍රමාණයෙන් ඉතාම කුඩාය. මා ආසා කරන අයුරින් නන් හැඩැති එවන් බඳුන් ඇතිතරම් මා ජපානයේ දී දුටුවෙමි. කිසිදු පලකට නැතැයි අම්මා කියන, එහෙත් ඉතාම සොඳුරුයයි මට සිතෙන එවන් බඳුන් රැසක් දැන් මා සතුය. ඇතැම් විට කුමක් සඳහා භාවිතා කෙරේදැයි මා පවා නොදන්නා කුඩා බඳුන් ද මා සතුවේ. ඉතාම කුඩා එහෙත් සුන්දරම පෝසිලේන් කට්ටලයක් ජපානයේදී 'සකෙ' පිළිගැන්වීමේ දී භාවිතා කෙරේ. ජපන් පිඟන් භාණ්ඩ අතර මා වඩාත්ම ප්‍රිය කරන්නේ එයයි. ඒ හැර බත් කෑමට යොදාගන්නා කුඩා කෝප්ප ද බොහෝ හුරුබුහුටිය. හතරැස් හැඩයේ පිඟන් ද කෝපි කෝප්ප ද මා ප්‍රිය කරන පිඟන් බඩු අතරට එක්වේ. පෝසිලේන් හෝ පිඟන් මල් බඳුන් නම් මගේ හිත ගත් අවස්ථා නැති තරම්ය. මල් බඳුනක් මැටියෙන් නිමවූ විට එය රළු වූ නමුත් මල්වල මිහිර ඊට වඩා මතුකර පෙන්නවන්නට සමත් යයි මට සිතෙන බැවිනි.
මා පිඟන් බඩු මිලදී ගන්නේ පිඟන් බඩු කබඩ්වල දමා පරෙස්සම් කිරීම සඳහා නොවේ. එදිනෙදා පාවිච්චිය සඳහාය. බඳුනට මගේ ආශාව තිබෙන තුරුම එය නිතොරවම පාවිච්චි වේ. මුලදී සුදුපැහැ පිඟන් බඩු පාවිච්චිය මට කරදරයක් වූයේ ඒවා පාවිච්චියෙන් පසු සේදුවත් ටික දිනකදී තරමක් කහට පාට වන නිසාය. එහෙත් දිනක් අහම්බෙන් ඊටද විසඳුමක් ලෙස තරමක් තනුක ක්ලෝරීන් දියරයක් ඒවා සේදීමට යොදාගත හැකි බව දැනගත්තෙමි. එහි තරමක් වේලා බහා තැබූ පසු ඒවා පෙර පරිදිම පැල්ලම්වලින් තොරව පිරිසිදු වේ. ආසාවෙන් පාවිච්චි කරන නිසාම පිඟන් බඩු මා අතින් බිඳීයනවා අඩුය. දරුණුම ජපන් භූමි කම්පාවෙන් සැලුණ ද බිඳීගොස් තිබුනේ නිවසේ තිබූ පිඟන් බඩු කිහිපයක් පමණි.