Saturday, September 7, 2013

ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනා…

 
විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ ‍රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..

දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැව‍ටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් ‍රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...

ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැ‍ටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...

4 comments:

  1. අදයි මේ ඉසව්ව ඇහැ ගැටුනේ,කතන්දර බ්ලොග් එකේ ඉඳන් තමයි මේ කවි පිටුවට ආවේ..
    මං අඩවිවාසි අල්තයීර් කොලුවා.

    ReplyDelete
  2. මේ පදපෙළ හරිම සුන්දරයි

    ReplyDelete
  3. ප්‍රාර්ථනාව ඉටුවේවා !!

    ReplyDelete
  4. මමත් අද තමයි ඔන්න මෙහෙට ගොඩ උනේ :D

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

විශ්ලේෂණයෙන් එහා ගිය කෘතඥතාවයක් - Gratitude beyond analysis

කුඩා කාලයේ සිටම කඳු මට විශේෂ ආකර්ෂණයක් විය. එදා මම දැන සිටියේ එකම දෙයකි. ඒ කඳු අතර සිටින විට මට යම් නිදහසක්, නිහඬ සතුටක් දැනෙන බවයි. ඒ හැඟ...