කල්ප කාලයක් නොකී කතාවක්
එකම ඇසිල්ලක ඔබට කියන්නට
හෙටත් උදෑසන මා හමුවෙනවද
දෙනෝ දහක් ඇස්
නෑ නෑ තනිවම
ලෝකය නැවතුනු එකම ඇසිල්ලක
ඔබේ දෑත් තුළ මොහොතක් ඉන්නට
මැදියම් රෑ සිහිනෙක ඔබ එනවද
කාටත් නොපෙනන
මගෙ ඇසිපිය යට
මගතොට රැඳි නෙත් දහක් කතාවෙන
අසම්මතේ පෙම්වතුන් නොවෙන්නට
හදවත දොරගුලු වසාදමන්නද
මොහොතක් කලියෙන්
ඔබ එහි සිරකර
හදවත දොරඟුළු ඇරේවා
ReplyDeleteපෙම් පැතුම් මල් පිපේවා
සෙනෙහ දමින් බැඳේවා
පෙම් සිහිනේ සැබෑවක්ම වේවා!
හැම හීනයක්ම හැබෑ වෙනවනං... ?
Delete@චණ්ඩි
ReplyDeleteඔයාගෙ කිවය මේ කවියට වඩා ලස්සනයි.යාළුවා ඒ වගේ ලියන්න.මම කිව්වෙ ඔයාගෙ එක හොදම නැහැ කියල නෙවෙයි.හැබැයි තව හොදට ලියන්න උත්සාහ කරන්න.
කල්ප කාලයක් එකම කතාවක්..
ReplyDeleteකියන්නට මං බලන් උන්නත්..
මෙතෙක් කලකට ඒ සවන්පත්..
ඇසුවෙ නෑ එය මොහොතකටවත්..
සවන්පත් මා යොමා හිටියත්..
Deleteතොලග විකසිත සිනාවක් මිස...
එකම වදනක් නුඹෙන් නොලදිමි
කියනු මැන ඒ වරද කාගෙද?
මාර ලස්සනයි බං..කියල වැඩක් නෑ...සිංදුවකට කියාපු පද වැල....
ReplyDeleteමට එක පාරටම මතක් උනේ මොකක්ද දන්නවද?
කවුරුත් එන්නැති,
කවුරුත් දන්නැති,
මල් පෙති විසිරුණු මල්පාරේ,
දවසක හමුවෙමු,
හමුවී හිනැහෙමු,
හිනැහී වැළපෙමු අපි ආයේ….
ඒකෙ තනුවත් ගැලපෙනව ඔයාගෙ පදවැලට...
හරි ඔන්න නොකිව්වයි කියන්නෙපා හරිය?..මේ සිකුරාද අපේ තියනව ක්‍රිකට් ටූනමන්ට් එකක්. ඒක ඉවර වෙලා තියනව පොඩි සාජ්ජයක්...මම ලිව්ව කොටසත් එකතු කරල ඔන්න මම කියනව මේ සිංදුව එතනදි....
කිසිවෙකු නොදකින සෙනෙහස් හඟුලක්,
ළයතුල සඟවා සිනාසුනෙමි මම,
හද දොරගුළු හරිනෙමි රෑ මැදියම,
ඔබේ සිනහ බිඳ,
යලිත් දකින්නට,
හැබැයි මෙහෙමයි...
Deleteඒක මටත් අහන්න ලැබෙන්න ඕනෙ...
සාධාරණේ එහෙමයි... හරිය?... :D
සුසුම්
ReplyDeleteකවි
ගී
සෙමින්
මුමුණන
ඔබේ
තනි
නොතනිය
මකා
ලසඳ
කැල්මේ
වෙළී
එන්නම්
මුවැත්තියෙ
මා
ඔබ
සොයා
ලොවේ
කොයි
කාටත්
හොරෙන්
කොමන්ට් කිරීමේදී මතුවූ ප්‍රශ්ණයක් නිසා සටහනක් තැබීමට නොහැකි විය.
ReplyDelete