Thursday, February 23, 2012

තරඟ රටා සමීකරණයක රන්දා (Wave breaking)




ඉමක් සොයා නොපෙනෙන නිල් සයුර මතින්
ස්වර්ණ රටා ගෙත්තම් කළ නිල් අහසින්
ක්ෂිතිජ ඉමේ මිලාන හිරු දකින රිසින්
වෙරළ කොණේ පියමං කළ පියසටහන්

මදනළ සයුරේ ගෙත්තම් කළ තරඟ රටා
පිය සටහන් වැලි මතුයෙන් මකා දමා
සමීකරණ අමතක මතකයක දමා
රළ මතුයේ රඟයි මගේ සිතම ළමා

වැල්ලෙන් තැනු මාලිගාව සෝදා හැර වෙරළින්
ඔච්චමට සිනාසේ පෙණ කැටි බිඳෙන්ට කලියෙන්
රළ බිඳුම මකාලයි වෙරළේ ඇඳි පියසටහන්
ඒ රළ බිඳුමට වර්ගීකරණයක් ඇයි ඉතින්

දිග කඩදහියක තරඟ රටා ඇඳ
මුහුදු සීමාව සලකුණු කර ඇත
නොගැඹුරු වෙරලේ සීමාවද  ඇඳ
රළ බිඳි වේගය ගණනය කර ඇත

රළ බිඳුණේ සයුර ගැඹුරු මදි හින්දා
පෙණ නැගුණේ රළ බිඳුමේ රැඳි හින්දා
තරඟ රටා සමීකරණයක රන්දා
අවකලනය රැළි මාලාවක් බින්දා

තරඟ රටාවෝ ගෙන ආ ශක්තිය
සමීකරණයක් විසඳන්නට විය
පැය ඉවරයි දේශනය නිමාවිය
රැළි මාලාවෝ වෙරළේ තනිවිය

9 comments:

  1. අමුතුම මාදිලියේ කවි ටිකක්. ලස්සනයි.:)

    ReplyDelete
  2. මේ පදපෙල පුරා රැඳුන අමුතුම රටාවේ සුවිශේෂී ලස්සනක් තියෙනවා. සුපිරියි පදපෙල නංගි. ජය!

    කැරකේවා දැති රෝද
    තෙල් ගැලපුම්ක් නැති
    බල ගෙන රළ අඩු නැති
    දල්වා මිලියන් පහන් නිති

    ReplyDelete
    Replies
    1. තරඟ රටාවෝ ගෙන ආ ශක්තිය!

      Delete
  3. ලස්සනයි අක්කෙ....

    ReplyDelete
  4. ලස්සන කවි පංතියක් චේජනා !!!

    ReplyDelete
  5. විද්‍යාවයි ස්වභාව ධර්මයයි අතර පරස්පර බවද මෙයින් කියවෙන්නේ සිතුනා ..ලස්සනයි . කලකින් කියවූ වෙනස් කවි පෙළක් ..

    ReplyDelete
    Replies
    1. බින්දි,
      ඇත්තටම මේ Coastal Engineering ගැන මගේ හිතේ ඇතිවුණ පරස්පර සිතිවිලි...
      :)

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...