Monday, March 26, 2012

සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්...

හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්
සංවේදනා නොදැනෙන දන නෙත ගැ‍ටුණත්
කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත්
සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත්

සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින්
කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින්
සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්
සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින්

 වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි පහුකරන් ගිහින්
සිතුම් අකුරු වී ලියවුණු ලියවිලි මතක අතීතයෙ ලැගුම් අරන්
ඉසිඹු වෙලාවක අතීතයේ පිටු අතරින් මතක අරන්
මේ කවි ලීවේ ඒ මිතුදමටයි ඉඳහිට තාමත් රණ්ඩු කළත්


27 comments:

  1. මොකක් ගැනද කියන්නේ කියලා තේරෙන්නෑ.. සොරි මම කොහොමත් කවි වලට ටිකක් ටියුබ් ලයිට්.

    ReplyDelete
    Replies
    1. කතා සීරිස් එකක එක කොටසක් මේ... අර ලින්ක් එකටයි ඒ කිට්ටුව තව පෝස්ට් කීපෙකටයි තමයි ඕකෙ ලින්ක්...

      Delete
  2. මාත් මේ බැළුවේ මොකක්ද කියලා... ඔන්න නගේ මාත් ටිබුක් ලයිට්..:D

    ReplyDelete
    Replies
    1. ඔයා ටිබුක් ලයිට් වෙන්න විදියක් නෑ අය්යෙ...

      Delete
    2. සත්තම්පා ටිබුක් ලයිට් වෙලා හිටියේ..දැන්නේ මේ ලින්ක් එක දිගේ ගියේ...කීයක් කියලනං ජාති මතකේ තියා ගන්ට කියලද නංගි...සෑහෙන්න දේවල් මතකේ හැංගිලා යනවා...

      Delete
    3. අද හවස ගොඩක් කාලෙකින් නිකන් ඉන්න එකේ දූවිලි පිහිදනව.. :)
      නිකන්ම ඉන්නකොට රණ්ඩු වෙන්නවත් පුලුවන් කෙනෙක් ඉන්නව ද කියල :D

      Delete
    4. දැන් බේතකටවත් කෙනෙක් නෑ සොයාගන්ට ;-)

      Delete
  3. සකුරා දේසේ ලස්සන දුටුව
    කවිමුතු වැල් රසකර ගොතන
    සෙනෙහසින් සෙනෙහස අකුරු කර
    පිටුව මනරම් නඟා චේජනා ලියන
    සුබාසිරි! දිලේවා රසබස පිරුන

    ReplyDelete
  4. ඕක මම නම් කියන්නේ වෙනස්ම විදිහකට නගේ . .
    "ජීවිතය නම් දිගු ගමනක්මය . .
    නොනැවතී ඉදිරියටම යා යුතු . . "

    ReplyDelete
    Replies
    1. ඒ දිග ගමන යන අතරෙ හම්බෙන මිනිස්සු, කෙටි නවාතැන් ජීවිතේ සතුටිනුත් දුකෙනුත් පිරෙව්වම ආපහු හැරිල බලද්දි ඉතිරි වෙලා තියෙන මිහිරි මතක මේ...

      Delete
  5. යාලුවෙක් ගැන ලියලා තියෙන්නේ. යාලුකමට අවුරුදු දෙකක් ගිහින්. යාලුවට ආදරේ ඇති.:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඔයා හරියට ම හරි..

      Delete
  6. අලුත් ආරකට ලියපු අපුරු කවි ටිකක්..
    හැබැයි ටොම් ජෙරිව කනකන් තමයි සෙනේ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි, රණ්ඩු නොවි ඉන්න වෙලාවට විතරයි මේ...

      Delete
  7. කවියක පද න් අකුරෙන් ඉවර වෙනවා නම් ඊට කලින් අකුරත් සමානව තබන්න උත්සාහ කරන්න.

    ඒ කියන්නේ දෙවෙනි කවියේ යටින්, ඇවිදින්, ගිහින් සහ ඉතින් වෙනුවට, යටින්, තුටින්, මිටින් වගේ වචන තිබුණා නම් ශබ්ද රසය වැඩි වෙනවා.

    මේක ය, ව සහ හ අකුරු වලටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතන්දර...
      ආපහු කවි ලියද්දි ශබ්ද රසයත් රැකගන්න සෑහෙන උත්සාහයක් දරන්නංකො...

      Delete
  8. කතා, සිතුවිලි, කඳුළු, සිනා, හමුවීම් මේ හැම එකක්ම වේගෙන් හමාගෙන යන කාලයේ හුළඟට අහුවෙලා දූවිල්ලක් වගේ ගසාගෙන යනකොට ඒ අවස්ථා එක්ක ජීවත්වෙන අපිට එකම එක දෙයක් මහා මේරුව වගේ නොසෙල්වී තියෙනව කියල දැනෙනව. අහම්බෙන් වගේ ගොඩනැඟුනු මිත්‍රත්වයත් ඒ එක් බැඳුනු ලෙන්ගතුකමත්...
    කාලෙකට පස්සෙ හරි කතා කරල "මට කතාවත් නොකර උඹ මොකද කරන්නෙ" කියල හරි අහන්නෙ ඒ බැදීමයි."කාලෙකින් කතා නොකරපු හින්ද බැළුවෙ.. මොකුත් කරදරයක් ද කියල". කාලයකට වරක් සිදුවන හමුවීම් අතර අනන්ත හිදැස පිරවෙන්නෙ මේවගේ අකුරුකරපු සංවාද වලින්.
    බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු දෙකක් වෙලා. කරදරයක් නොවුනත් නොහිතපු තරම් දේවල් එක්ක අපි හැමෝම කාර්යබහුල වෙලා ඉන්නකොට ඒකාලෙ රණ්ඩුසරුවල්, හිනා, කඳුළු හැම දෙයකම අඩුව නොදැනුනා ම නෙවෙයි. ඒත් එකපාරටම මෙහෙම කල් ගතවුනා කියල දැනෙන පෝස්ට් එකක් දකිනකොට අතින් අල්ලල තදින් කෙනිත්තුව වගේ.බ්ලොග් කියවන්න පැත්ත පලාතෙ නෑවිත් ඉඳීම වගේම මොනවත් සටහනක් ලියන්නෙ නැතුව නිකම්ම ඉඳීමත් සමාව ඉල්ලිය යුතු වැරදි කියල හිතෙන්න පටන්ගන්නව මේ වගේ වෙලාවට.
    කොහොම වෙතත් තවත් නිර්මාණශීලී සටහන් වලින් මේ බ්ලොග් එක සරසන්න හැකියාව ලැබේවා!..

    -ජය

    ReplyDelete
    Replies
    1. මේකට කියන්න දෙයක් නෑ මට... මම ආසයි යෝගි බ්ලොග් ලියනවට, ඒත් වැඩ කියල කියද්දි බ්ලොග් ලියන්න කියල ඉල්ලන්නත් මට බෑ...

      Delete
    2. මට නම් මෙව්වට කියන්න දේවල් තියෙනව - මම ඉඳහිට කෝල් කරල කියනව

      Delete
    3. සුප්‍රසිද්ධ තිස්සවෙල ගාවදී දැක්කට පස්සේ මේ යෝගියව දැක්කමද මංදා..:D

      Delete
  9. හෙටක් අරගෙන ඉරක් එනකොට අලුත් වූ සිතුවිලි අරන්

    මතක් කර කර හිනා වෙන්නට හැකියි මතකය ඇති තරන්

    ..දිගටම ලියන්න සුබ පැතුම්....

    ReplyDelete
  10. අවුරුදු දෙකක් කියන්නේ ලොකු කාලයක්.. පව් ඉතින් සමහරු....

    වැරදි බල්බ් එකක්ද දන්නේ නෑ මගෙත් පත්තු වෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔයා හරි... :)

      Delete
  11. ඔක්කමත් හරි කියමු...

    මේ කාටූන් එක...!!!!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...