Wednesday, October 6, 2010

මා දුටු ජපානයෙන්... අදිරද මැදුර අවට...

කලබල ටෝක්යෝව මැද වැජඹෙන ජපන් අධිරද මැදුර...
ටෝක්යෝ දුම්රිය පොළට ඉතාම ආසන්නයේ ටෝක්යෝවෙ කලබලකාරී පරිසරය මැද අපූරුම නිහැඬියාවකුත් සුන්දරත්වයකුත් ප්‍රෞඩත්වයකුත් හිමිකරගෙන ජපන් අධිරද මැදුර පිහිටා තියෙනව...
ජපන් අදිරද මැදුර හා උද්‍යානයෙ සම්හර කොටස්වලට පිවිසීමේ ඉඩකඩ ලැබෙනව... මහ ජනතාවට...
මේ ඒ වගේ ජපන් අදිරද මැදුර අවට දිය අගල් පිළිබඳ එක් අධ්‍යනයකදී මා දුටු දසුන් පෙළක්...




 නවීකරණය වුණු කලබල ටෝක්යොව- මේත් ජපන් අදිරද මැදුර අවටමයි.. ඒත් පාරෙ එක පැත්තක පේන්නෙ මන්දිරය හා උද්‍යානය අනිත් පැත්තෙ පේන්නෙ මේ දසුන..


ජපන් අදිරද මැදුරේ එක පිවිසුමක්
නිජුබෂි පාලම- ඈතින් පේන්නෙ ජපන් අදිරද මැදුර මේ ප්‍රදේශය දෙවන ලෝක යුද්ධ සමයෙදි බොහොම විනාශ වුනා කියල කියනව.. ඒත් දැන් ඒව ආපහු ඒ විදියට ම ගොඩනගල

 මන්දිරය අවට ප්‍රදේශය
දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මන් හමුදාවෙ මූලස්ථානයක් මේ හරියෙ තිබුණ කියල තමා කියන්නෙ..
ජපන් අධිරද මැදුර වටා පිහිටන දිය අගල තමා පහළින් පේන්නෙ... එදා සුන්දරත්වය, ඇතැම් විට ආරක්ෂාව සඳහා නිර්මාණය කළ හා නඩත්තු කළ මේ දිය අගල්වලටත් ජල දූෂණයෙන් මිදෙන්න හැකි වෙලා නෑ, නවීකරණය වුණු ටෝක්යොවෙ සිදු වුණු වෙනස් වීම් මේ දිය අගල්වලත් යම් යම් වෙනස්කම් සිද්ද කරල...
මේ දිය අගලේ සමහර කොටස් සාමාන්‍ය ජනතාවට විනෝදාස්වාදය සඳහා ඔරු පැදීම වගෙ කටයුතුවලට විවෘතයි... විශේෂයෙන්ම වසන්තයෙ මේ අවට සකුරා මල් පිපෙනවත් එක්කම... උඩ පින්තූරෙ පේන ගස් බොහොමයක්ම සකුරා ගස්...

මේ ස්ථාන දෙක ඉතාම ආසන්න ස්ථාන දෙකක්.., ඒත් මේ දවස්වල, ඒ කියන්නෙ ගිම්හානයෙ අග සහ වසන්තයෙ මුල... බලන්න වෙනස...

මේ දවස්වල මේ වතුරට බහින්න මේ වතුරෙ ඔරු පදින්න කොහොමටවත් නොහිතුනට වසන්තයෙ මේ ඔරු පදින්නෙ ඔය දිය අගලෙම තමයි...



12 comments:

  1. මේ වගේ දේවල් බ්ලොග් එකක සටහන් වෙන්නේ බ්ලොග් කීපයක විතරයි.. එයින් එකක් ඔයාගේ බ්ලොග් එක..! වටිනවා.. හරිම වටිනවා..! තව තවත් ලියන්න අපි ඉන්නවා කියවන්න..! ජය!!

    ReplyDelete
  2. අක්කේ තව ෆොටෝස් ටිකක් දැම්මා නම් තමා හොඳ අධිරාජ්‍ය මාළිගාවේ. තහනම් නගරය හරි තහනම් මාළිගාව හරි කියලත් ඒකට කියනවද ?

    ReplyDelete
  3. කදිම විස්තරයක් එක්ක පින්තූර ටිකක්.. කවදාහරි දවසක බලන්න එන්න ඕන ජපානය..

    @ Hasitha,

    තහනම් නගරය තියෙන්නේ චීනයේ

    ReplyDelete
  4. හොඳ විස්තරයක්.... වතුර දැක්කහම බේරෙ වැව මතක් වුණා...

    ReplyDelete
  5. ලිශාන් මල්ලි, කොහොමටත් ෆොටෝවලට මම ආසයි නෙ. ඉතින් ඒවයින් මම ආස පින්තූර කීපයක් මම ඒ තැන ගැන පොඩි විස්තරයකුත් එක්ක බ්ලොග් එකට එකතු කරා..
    තෑන්ක්ස් මල්ලි...

    ReplyDelete
  6. හසිත
    මම එක පින්තූරයක් ටිකක් ලොකු කරල සටහනට එකතු කරල ඔයාගෙ ඉල්ලීමට, ඒත් ඊට වඩා හොඳ පින්තූර මා ගාව නෑ, මොකද මේ දිය අගල බලන වැඩකට ගිය අතරෙ මම අරන් ආපු පින්තූර ටිකක් නිසා...

    ReplyDelete
  7. සමීර
    මේ ටෝක්යොවෙ විදේශිකයන් ගැවසෙන එක ප්‍රධාන තැනක්. ජපානෙ දවසක බලන්න. ඒ රටට ආවේණික අමුතු ලස්සනක් තියෙනව.

    ReplyDelete
  8. ජීව්,
    වතුර පිරිසිදු නෑ, වෙනසකට තියෙන්නෙ මෙහේ ටිකක් සීතල නිසත් පතුලෙ දාල ගියපු කුණු නැති නිසත් ගඳ නැති එක විතරයි.
    ඒත් මේකෙ වතුරවල ගුණාත්මක බව වැඩිකරගන්න උත්සාහ දරනව මේ වෙද්දි.

    ReplyDelete
  9. ලස්සන පින්තූර ටික. සටහනත් ගොඩාක් සිත් ගත්තා. බොහෝම ස්තුතියි නංගී මේවා අපිත් එක්ක බෙදාගත්තාට.

    ReplyDelete
  10. ලස්සන photo ටික නංගී.
    -from 東大

    ReplyDelete
  11. thank u අය්යල දෙන්නට ම. කොහෙ හරි ගියාම ෆොටො අරගෙන එන්නම හිතෙන්නෙ බලන්න කට්ටඉය ඉන්න නිසා නෙ..

    ReplyDelete
  12. ලස්සනයි... තෝකියෝ ආපු දවසක බලන්න ඕනේ... ස්තුතියි බෙදාගත්තට...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...