Tuesday, September 28, 2010

ඉදින් පියඹා යන්න ආසලු නාඳුනන මෙදෙසින්...


වසන්තය සැඟවී යද්දින්
ගිම්හානයේ මිහිරෙන්
හරිත තුරුපත් දිදුලනාවෙන්
කුල්මත්ව සිටියෙන්
සමු යදින කෙඳිරිල්ලෙන්
සිත් අහස හැඬුවේ නෑ...එ නමුත්
ගිම්හානයත් අයදී දැන්
සමුගන්න අවසරයක්
මිදිය යුතුළු හරිත තුරුපත්
ගැලවෙන්න ශීතෙන්
කෙම්බිම් සොයායන
විහඟ ගී ගොලුයෙන්
ඉදින් පියඹා යන්න ආසලු
නාඳුනන මෙදෙසින්...
සෙනේ සිත් මග බලා ඇතිලූ
එන තුරා අහසින්...

9 comments:

  1. Akke kaalekin awe blog kiyawanna..
    onna issellama aweth oyawa balanna hodada.me liyala thiyena dee gana man thawama hithanawa.eth hithaa ganna bariwa me inne...oya lankaawata ena dawas lagayi daa....
    "mama dhanne naa"

    ReplyDelete
  2. ලංකාවට එන්න ආසයී...

    ReplyDelete
  3. පුද දී හරිත පත
    ගස රැක ගන්නේ කඳ
    දළුලා එන්නට
    සමුගෙන ගියවිට
    සුදෝ සුදු හිම සේල පට

    සිසිරයේ ඈතට ඇඳෙන
    විහඟ රෑන ආවිට ගම රට
    පුදදී පිල් රකිනවාලු
    පෙල පත ගිම්හානයේ දී

    ReplyDelete
  4. ශිශිරයේ ඈතින් ඈතට
    ඇදෙන විහඟුන්
    දකින බව මගෙ රට
    කියයි මාසිත
    කොඳුරා සවනට
    ඉදින් ආසයි මටත්
    යන්නට
    දකින්නට ගම රට

    ReplyDelete
  5. පියාපත් සවිති විහඟුන් පියාසලා වී
    දැකුමට සිරියෙන් පිරි රට
    පියාපත් සවි අරගෙන පියාසලන්න
    වැඩුමට සිරියෙන් පිරි රට

    ගිම්හානය ගෙවී සිසිරය උදා වෙනවා
    දිරිගන් නගේ ජයගෙන සිත

    ReplyDelete
  6. නෝ කමෙන්ට්ස්....
    සරලව කියනවනම්, " හරිම ලස්සනයි".
    ගොඩක් කැමති මේ අන්තිම පද හතරට,

    "ඉදින් පියඹා යන්න ආසලු
    නාඳුනන මෙදෙසින්...
    සෙනේ සිත් මග බලා ඇතිලූ
    එන තුරා අහසින්..."

    මටනම් දැන් "නාඳුනන මෙදෙස" ගොඩක් හුරු වෙලද කියලා බය හිතනවා

    -from 東京大学

    ReplyDelete
  7. පියාපත් සවිති විහඟුන් පියාසලාවී
    බඳට පියාපත් නැති මා සුසුම් හෙලාවී

    ReplyDelete
  8. අපි කවුරුත් ආස කරන, හිත යට හැමදාම රැඳෙන බලාපොරොත්තුව තමා මේ..

    "ඉදින් පියඹා යන්න ආසලු
    නාඳුනන මෙදෙසින්...
    සෙනේ සිත් මග බලා ඇතිලූ
    එන තුරා අහසින්..."

    මේ "නාඳුනන මෙදෙස" ට අපි හුරු වෙච්ච තරමයි හුරු වෙච්ච හේතුයි, ඒත් ආයෙම යන්න තියෙන ආසාව ගැනයි හෙට ලියන්න හිතන් ඉන්නෙ...

    ReplyDelete
  9. great piece of writing. excellent..!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...