Tuesday, August 31, 2010

මා දුටු ජපානයෙන්... ෆුජි සන්...

ජපානෙට ආව දා ඉඳල ඈත අනන්තයෙ පේන ෆුජි කන්දෙ සොඳුරු නුපුරුදු රුව මගේ හිතේ නතර වුණා... කාලෙත් එක්කම සරසවියෙ ඉඳන් ඈත බලද්දි දිනපතාම දකින ඒ රුව සුපුරුදු දසුනක් වුණත් හිත හැමදාම ෆුජි සන් ට ආදරේ කළා... ශිශිරය පුරාවට හිම බේරෙන ෆුජි ගිම්හානයෙ ගිනිකන්දක් බව කියන්නම ද මන්ද දුඹුරු පාටට ගහක් කොළක් නැතිව ම පෙනෙද්දිත් අසුන්දරයි කියල හිතුණෙ නෑ...
ෆුජි වඩාත් සුන්දරව දැක්ක මුල්ම මතකයන් අතරෙ ගුවන්යානා කවුළුවෙන් දුටු ෆුජි අමතක කරන්නම බෑ... හිමෙන් වැහුණ ෆුජි කඳු මුදුන ගුවන්යානා කවුළුවෙන් දැක්ක මොහොත තමා මේ...


 ෆුජි සන් බලන්න යන්න හිතේ තිබුණ ආසාව සෑබෑවක් වෙලා ෆුජි සන් ළඟට ම ගිහින් හිතේ හැටියට බලාගෙන කවගුචිකො විලේ බෝට්ටුවකත් ගිහින් එන්න පහුවුනු සතියෙ ඉඩ ලැබුණ...
ෆුජි හා ඒ අවට සේයා රූ කීපයක් තමා පහළ තියෙන්නෙ....
කවගුචිකො විලේ ඉඳන් බලද්දි ඈතින් පේන ෆුජි... කඳු මුදුන වළාකුළුවලින් වැහිලා...

කවගුචිකො විලේ බෝට්ටුවෙ යද්දි...




ෆුජි කන්ද මුදුන තමා මේ... කොච්චර ලස්සන වුණත් ෆුජි ඉතින් ගිනිකන්දක් නෙ... ගලාගිය ලාවා ගල් වෙලා ෆුජි කඳු මුදුනෙ තැන්පත් වෙලා...


ඉන් පස්සෙ තියෙන්නෙ ෆුජි කන්ද මුදුනෙ ඉඳන් දකින හිරු නගින දසුන....කන්ද මුදුනෙ සේයා රූ නම් මම ගත්ත ඒව නෙවේ... මම කන්ද නැග්ගෙ නැති නිසා... ෆුජි කන්දෙ 5 වන පියවර දක්වා බස් රථයක යන්න පුළුවන්... ඒ වෙද්දි මුහුදු මට්ටමේ ඉඳන් සම්පූර්න උස මීටර 3776 ක් වන ෆුජි කන්දේ මීටර් 2376 ක් උසක් තමා යන්න ලැබෙන්නෙ... ඉතිරි දුර යනව නම් ඉතින් පයින් තමා...


ෆුජි කන්ද මුදුනෙ ඉඳන් බලද්දි පේන වටපිටාව...

ගිනිකන්දක් වෙලත් ඒ බව දෑසින්ම දැකලත් තාමත් හිත පෙම් බඳින ෆුජි... ශිශිරයෙ හිම සළුත් එක්ක ආයෙම දකින්න ආසාව තාමත් හිතේ ඉතිරියි...

23 comments:

  1. හරිම සුන්දරයි දසුන් පෙළ....ස්තුතියි බෙදාහදා ගත්තාට........

    ReplyDelete
  2. ලස්සනයි රචනය. බොහෝම ස්තුතියි නංගී මෙ විස්තර හා පිංතූර අප සමඟ බෙදාගත්තාට.

    ගිනි කන්දක් වුනත් හිම සේලයෙන් වැහුනාම මොනතරම් නම් සුන්දරද...

    ReplyDelete
  3. චේජනා දන්නවද? මේ ලෝකෙ ගොඩක් අය අදරේ කරන්නෙ ගිණිකදු වලට කියලා.... මේ ගිණි කදු ඇවිලෙන වෙලාවටයි නිමෙන වෙලාවටයි තමයි ආදරේ උස් පහත් වෙන්නෙ...... ආදරේ නියම ස්වභාවය පෙන්නන එකම දේ ගිණි කන්දද මන්දා...........

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි.....බොහෝමත්ම ස්තූතියි ‍බෙදාහදාගත්තාට‍‍....

    ReplyDelete
  5. ඔන්න මම ගිය සතියෙ ෆුජි සන් නැග්ග.
    ඉක්මනටම ඒ විස්තරෙත් ලියන්න කියලයි ඉන්නෙ.
    නගින්න එහෙම අදහසක් නැද්ද?
    කන්ද උඩ ඉඳල අවට බලනකොටත් පුදුම ලස්සනක් තියෙන්නෙ!!!!

    ReplyDelete
  6. අක්කේ ඔයාගේ විස්තරය දසුන්වල සුන්දරත්වයට දෙවැනි නැහැ....

    ඇත්තටම හරිම අපූරුයි! ඒ වගෙම හරිම සුන්දරයි!
    ස්තූතියි අපිත් එක්ක බෙදාහදාගත්තට....

    ReplyDelete
  7. ෆුජි සන් යන්න අසා හිතෙන තරම් ෆොටෝත් ලස්සනයි,ඔයාගෙ විස්තරෙත් ලස්සනයි.අයෙත් ලස්සන තැනකට ගියොත් තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න,හොඳ ද?

    ReplyDelete
  8. This is breath taking, immense, majestic....I also didnt realise its real beauty until I went to see that..thanks lot for sharing photoes..

    ReplyDelete
  9. ලස්සනයි සුන්දරයි, එ ඇතුලෙ තියන ගින්දරත් සිහි කරන්නෙ ලොකයෙ පවතින සදාතනික දහමක්.

    ReplyDelete
  10. හේමලයා/ගල් මල්

    මම ජපානෙදි ගිය ගමන්වලදිත් දැක්ක ලස්සන ම දසුන්පෙළ මේක මට හිතෙන විදියට...

    ReplyDelete
  11. අභීත

    ඒකත් හරි තමයි, ගිනිකඳු කිව්වට ඉතින් මේව නිතරම ඇවිලෙන්නෙ නෑ නෙ, හරිම හදිස්සියෙන් නෙ ඇවිලෙන්නෙ, අනිත් වෙලාවට හරිම සුන්දර සහ ආදරණීය විදියට තියෙනව...

    ReplyDelete
  12. හසියා, ප්‍රාර්තනා, සන්සරසිදු
    ඔයාල මේ පින්තූර බලල ලස්සනයි කියල ගියාම මටත් සතුටුයි,

    ReplyDelete
  13. මතක මංපෙත
    ෆුජි ගිය අපි කට්ටියගෙනුත් 10 දෙනෙක් විතර මුදුනට ම නැග්ග මල්ලි, මම නැග්ගෙ නැති වුණාට,

    ReplyDelete
  14. රවා, ලෝකෙ ඒ සදාතනික දහම වෙන්න ඇති ගිනිකන්දක් බව පෙනි පෙනි හෑම ජපන් ජාතිකයෙක් ම ෆුජිට ආදරේ කරන්න පොලඹවන්නෙ...

    ReplyDelete
  15. සරච්චන්ද්‍ර ගේ තදෂි නොගුචි ගේ පොත් සිහිවිය! තෑන්ක්ස්!

    ReplyDelete
  16. වැඩේ කියන්නේ මේ දේශාටනය හා ඒවා ගැන ලියවිච්චි සටහන් වලට මගේ මෙළෝ ඇල්මක් නැති එක...

    ReplyDelete
  17. ලංකාවෙත් වැඩිය ඇවිදල නැති මම නම් මේසටහන් වලට හරිම කැමතියි.

    ReplyDelete
  18. සුන්දර දසුන් බොහෝමත්ම ස්තූතියි ‍බෙදාහදාගත්තාට

    ReplyDelete
  19. කතන්දර, තදශි නෙගුචි අහල තිබුනෙ නම් නෑ.. ඒත් හොයල බැලුව කමෙන්ට් එක දැක්කම...
    මමත් සිංහල ඉගෙනගෙන කතා කරන ජපන් ජාතිකයෙක් දැකල තියෙනව...

    ReplyDelete
  20. තිස්ස අය්යෙ, ඒක ඉතින් එක එක්කෙනාගෙ හැටි නෙ,මාත් ඉතින් ඇවිදින්න වැඩිය කැමති නෑ... ඒත් ෆුජි නම් මම දැක්ක ලස්සන ම දර්ශනයක්...

    ReplyDelete
  21. හරිම ලස්සනට විස්තර කරලා තියනවා. ලබන සැරෙත් ෆූජි-සන් යන්න හිතෙනවා විස්තරය දැක්කම.

    ReplyDelete
  22. පින්තූර දැක්කාමනම් හිතෙනවා කොච්චර මායාකාරී දර්ශනයක් ද ෆූජී කන්ද මවන්නේ කියල.. උදේක ඒ පරිසරයට ගිහාම මොන විදියට දැනෙනවද කියල හිතාගන්නවත් බෑ..
    මමත් වෙලාවක් තිබ්බොත් මේ වැඩපොල ටික ඉවරවෙලා බස්එකක් අල්ලං එන්නං උදේ වරුවක..

    ReplyDelete
  23. පින්තූර ටික බලල සටහනක් තියල ගිය හැමෝටම ගොඩක් ස්තුතියි...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...