Saturday, June 5, 2010

ජපන් බසින් "ඉනු" කියන..

කාලය ක ඉඳල ලියන්න හිතන් හිටිය කතාවක් මේ...
ඒත් පහුවුන කාලෙම මේක ලියන්න වෙලාවක් තිබුනෙ නෑ...

ඒ තමයි ජපන් ජාතිකයන්ගෙ බලු සුරතලේ ගැන.. ගොඩක් වෙලාවට මම අහල තියෙනව සල්ලි තියෙන ගෙදරක උපදින බල්ලෙකුට වුනත් අපි දරුවෙක් හදනවට වඩා සැප දීල හදනව කියනව.... එහෙම නැත්නම් ජපානෙ බල්ලොත් විඳින්නෙ පුදුම සැපක් කියල කියනව..

ඒත් මේ කතාවෙ සැඟවුන පැත්ත විශ්ලේෂණය කරන්න අපි කවදාවත් උත්සාහ කරල තියෙනවද..? මේ බලු සුරතලේ නිතර නිතර ඇස ගැටෙනකොට මට හිතුන ටිකක් මේ ගැන හොයන්න...එහෙම ටිකක් මේ ගැන අවදානය යොමු කළාම මට ඒ ගැන හිතුනෙ මේ විදියට...

ඉහළ සේයා රුවේ පේනව ඇති බලු පැටියෙක්ගෙ මිල.. ආසන්න වශයෙන් යෙන් ලක්ශ දෙකක්.. එක අයෙක් සමහර වෙලාවට බල්ලො දෙතුන් දෙනෙක් ඇති කරනව.. අනික ඉතින් මේ ගණනට බලු පැටියෙක් අරගෙන මම හිතන්නෙ මාසෙකට යෙන් පනස්දහසක්වත් ඕනෙ ඇති මේ බලු පැටියෙක් ඇති දැඩි කරන්නත්..
අනික බල්ලො ඇති කරන අයගෙන් බොහෝ දෙනෙක් වයස්ගත ජපන් ජාතිකයන්.. මම දකින විදියට, බල්ලොත් බැඳගෙන හැන්දෑවෙ ඇවිදින්න යන ජපන් ජාතිකයන් දිහා බැලුවම වැඩි දෙනෙක් එහෙම නිසා මට එහෙමයි හිතෙන්නෙ, අනිත් අතින් වයස්ගත ජපන් ජාතිකයන් බොහෝ දෙනෙක් තමන්ගෙ තරුණ කාලෙ කළ ‍රැකියාව අහවර කරල නිවසේ ‍රැ‍ඳෙන අයත් නෙවෙයි.. තව කුමක් හෝ කුඩා ‍රැකියාවක් (Part -time) කරල මුදලක් උපයා ගන්නව.. ඔවුන්ගෙ දිවිපැවැත්ම සඳහා.... එසේ උපයන මුදලින් ජීවත්වන ඔවුන් මේ බලු සුරතලය කරන්නෙ දූ දරුවන් වෙන්වී ගොස් තනිව ජීවත්වන තම තනිකම දරාගන්න තියෙන අපහසුව නිසා කියලයි මම හිතන්නෙ..මම අත්දැකීමෙන්ම දන්නා එක ජපන් කතක් ඇති කරන බැල්ල ඈ සමග ම එක්ව ජීවත් වෙනව... ඈ මට කී දේ ඇගේම වචනයෙන් කිව්වොත් " We simply live together", ඒ ඇය බැල්ල ගැන හිතන හැටි..සංවර්ධනය හරහා පවුල කියන සමාජ ඒකකයෙ බිඳවැටීම ද මම මේ දකින්නෙ කියල මට හිතෙනව..

කොහොම වුණත් හැමදාම වගෙම මම නොදන්න සංස්කෘතියක් විවේච්ච්නය කරල තීරණ ගන්න කැමති නෑ.. ඒත් මට හිතෙනව මේ තරමක් හෝ අවධානය යොමු විය යුතු දෙයක් කියල.. නන්නාඳුනන සංස්කෘතියකින් එහි හොඳ හෝ නරක ගැන යමක් ජීවිතයට එකතු කරගෙන යෑමෙන් අඩුම ගණනේ මගේ ජීවිතේ ඒ වරද නොකර ඉන්නවත් මම ඉගෙන ගනීවි නෙ..

----------------------------------------------------------


අනිත් අතින් මමත් බල්ලන්ට ගොඩක් ආදරෙන් සලකනව.. මේ බල්ලො ඇති කිරීම මගෙ අවධානය දිනාගත් එක හේතුවකුත් ඒක වෙන්න ඇති...අනික මේ වයස්ගත ජපන් ජාතිකයින් හරි කරුණාවන්තයි.. ආසාවට ඒ බල්ලෙක්ව අල්ලන්න ද ඇහුව ම අල්ලන්න දෙනව.. :-) .. හොඳ වෙලාවට මේ බල්ලො පොඩ්ඩක්වත් නපුරුත් නෑ, අනේ මන්ද ඒ නම් මොකද කියල....

ජපන් බසින් බල්ලන්ට කියන්නෙ "ඉනු"(犬 ) කියල....

Photos: http://www.bleedingheartburgess.com/uploaded_images/dogs-784436.jpg
http://japan.fjordaan.net/med_set1/0368.jpg

-----------------------------------------------------------------

13 comments:

  1. ඈත අතීතයේදී මිනිසත් එක්ක ලෙංගතු වෙලා හීලෑ වුණු එක තාමත් බල්ලෝ ගාව තියෙනවා :)

    ජපන් අය බල්ලන්ට දාන නම් ටිකකුත් දැම්මා නම් හොඳයි අක්කේ :)

    ReplyDelete
  2. අනේ මන්ද මල්ලි බල්ලො හරිම ලෙංගතු සත්තු ජාතියක්.. මම අවුරුද්දකින් ගෙදර ගියාමත් ඉස්සර වගෙමයි.. මම මොනව හරි කයි කියල මගෙ පස්සෙම ඇවිදිනව අපෙ ගෙදර ඉන්න බල්ලත්.. :-)
    මගෙ host family එක ඇති කරන බැල්ලගෙ නම නම් Floweren.. ඒත් ඉතින් "ල " ශබ්දය නැති ජපන් බසින් ඕක උච්චාරණය කරද්දි..ෆ්‍රෝරෙන් කියල තමා ඇහෙන්නෙ.. ආයෙ ඔය මම මේ ළඟ ඇවිදින්න යද්දි හමුවෙන ජපන් ජාතිකයෙක් ඇති කරන බල්ලෙක් ඉන්නව මම අතගාන්න එහෙම අහන.. උගෙ නම නම් මට ඇහෙන විදියට " තාවෝ" ... :- )

    ReplyDelete
  3. මිනිසා හා බල්ලා අතර බැදීම සියවස් ගණනාවක් ඈතට දිවෙන එකක්නෙ චේජනාබල්ලෙක් කියන්නෙ හැමදාම මිනිස්සුන්ට ඉතාම කිට්ටුම සතෙක් නෙ චේජනා. මොන සංස්කෘතියක..මොන රටක උනත් ඒකෙ වෙනසක් නෑ කියලයි මම හිතන්නෙ. අනික බල්ලන්ගේ තියෙන සමහර ගති ගුණ මනුස්සයින්ටත් වඩා ඉහලයි....එහෙම නේද ?

    ReplyDelete
  4. තනිකම මකාගන්න හොඳම සහෘදයෙක්.......

    ReplyDelete
  5. ජපන් බසෙන් එහි ඉන්න සුළු ජනකොටසකට කියන නමත් ඔය ඉනු කියන රක හෝ ඊට සමාන වචනයක් යැයි මං අහල තියෙනවා.

    ReplyDelete
  6. ඔව් දිල්.. ඔයා හරි......ඒ සබඳතාවය පරම්පරාවෙන් ඇවිත් අද මේ සංස්කෘතියෙත් තනිකමට විසඳුම වෙලා....
    හා පැටික්කි කියනව වගෙ..තනිකම මකාගන්න හොඳම සහෘදයෙක්.......

    කතන්දර.. මම ඔයා කිව් දේ අහල තිබ්බෙම නෑ..ඔයා කිව්වම තම සර්ච් කරල බැලුවෙ.. http://en.wikipedia.org/wiki/Ainu_people ජපන් හා රුසියානු මිශ්‍ර ජනකොටසක්.. AINU ස්තුතියි අලුත් ම තොරතුරක් සොයා දැනගැනීමේ මාවත විවර කිරීම වෙනුවෙන්..

    ReplyDelete
  7. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  8. බොහෝම ස්තුතියි නංගී මෙ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තාට.

    මිනිසුන් ඕන එකටයි එපා එකටයි බල්ලා මතක කරත් බල්ලා හොඳට කෙලෙහිගුණ දන්න සතා. ඒ වගේම තමයි අනික් පැත්තත්.

    ගාල්ලේ ජනප්‍රිය හන්දියක් පසුකර කිසියම් නිල අඳුමක් හැඳි අය යන විට බලු රැනක් ඔවුන් පසුපස බුරමින් ලුහුබැඳ යනවා. මෙය කීපවරක් දැක තිබූ මා දවසක් ඒ අසල සිටි සීයා කෙනෙකුගෙන් විමසූවා.

    දවසක් අරකී නිලදරුවෙක් තම බයිසිකලයට හැපුන බල්ලෙකුට අත රැඳි පොල්ලකින් හොඳට බෙදලා. එදා පටන් ඒ නිලදරුවෝ ඒ ප්‍රදේශය පසු කර යනවා නම් බල්ලො බුර බුරා පන්නනවාලු.

    මට හිතුනා මෙ සත්තු මොනතරම් එකමුතුද කියලා. අර නිලදරුවෝ අපේ රටේ සිවිල් ආරක්ෂක කටයුතු හා සම්බන්ධයි.

    ReplyDelete
  9. ජපානෙ වයසක අයනම් ගොඩක් පව්.අවුරුදු 60-70 ගිය අයත් මොකක් හරි ජොබ් එකක් කරනව.හැබැයි එයාලට රජයෙන්නම් ගොඩක් පහසුකම් දෙනව.වයසට ගිය අය දරු මුනුපුරොත් එක්ක එකට ඉන්නව දකින්නෙනම් ගොඩක් අඩුවෙන්.එහෙම හිටියත් ඒ සල්ලි බාගෙ හොදට තියන පවුල් වල අය.අනිත් අයගෙ දූ දරුවො හුඟ දෙනෙක් නඟරෙට ඇවිත්.කලබලකාරී ජීවිත.දෙමව්පියො බලන්න යන්නෙ මාසෙකට විතර සැරයක්.සමහර අය අවුරුද්දකට වතාවක් විතර.
    මෙහෙ හුඟක් ඉන්නෙ ප්‍රමාණයෙන් චූටි බල්ලො.විවිධ හැඩ තියන උන්.ටවුන් වල ෂෝරූම් ඇතුලෙ උන්ට මාර සැප.(ඒ උනාට උන්ටනම් ඒක දුකක් වෙන්න ඇති.)ඒ වාගෙම තමයි උන්ව හැඩ කරන්න තියන විලාසිතාගාරත්.

    ReplyDelete
  10. ගල්මල් අය්යෙ,
    බල්ලො කියන්නෙ හුඟක් එකමුතු සත්තු ජාතියක්.. ඒ වගෙම හරියට කළගුණ මතක හිටින සත්තු...
    ඒත් ඉතින් මෙහෙදි නම් තනියටවත් බල්ලෙක් ඇති කරන්න බෑ නෙ.. ගෙදර බල්ලො ඇති කළාට

    ReplyDelete
  11. dinesh
    මම මේ බලු සුරතලය ගැන දු‍ටු දේ සහ මට හිතුන දේ ගැන ලිව්වම ඔයාගෙ අත්දැකීම්වලින් සහ ඔයා හිතන දේවලුත් මේ සටහනට එකතු කරල ගියාට ගොඩක් ස්තුතියි..
    ඒත් හැබැයි ඔය බල්ලනට තියෙන විලාසිතාගාර බල්ලන්ට නම් පුදුම වදයක් වෙන්න ඇති නේ... :-)

    ReplyDelete
  12. මගේ නංගීත් කාලයක් ජපානේ හිටියා.

    එයා කියන්නේ ජපන් ජාතිකයන්ගේ අපි ඔෂින් හරහා එහෙම දැකපු මානුෂිකත්වය නෑ කියලයි.

    අනික ජපන් ගොඩක් ගෑනු ජපන් මිනිස්සුන්ව බඳින්න අකමැතියිලු ඒ අය හරිම නපුරුයි කියලා.

    ඒ අය ලංකාවේ කොල්ලෙක්ව බැඳ ගන්න වගේ නම් ගොඩක් කැමතියි කියලයි එයා කිව්වේ.

    සමහර විට මේ වගේ හේතු නිසා කසාද නොබැඳ ඉන්න වෙලා තනිකම පාලුව මකා ගන්න බල්ලෝ ඇති කරනවාත් වෙන්න පුලුවන් නේද . ..

    ReplyDelete
  13. අපි ලංකාවෙ ඉඳගෙන ජපානය කියල දකින සිහිනය නම් ජපානෙ නෑ අය්යෙ..හොඳ නරක දෙකම එකට කැටි වෙලා තියෙනව.. සමහර ජපන් ජාතිකයන් කරුණාවන්තයි.. හුඟක්ම, ඒත් ඉතින් අනිත් අතින් ජපන් ජාතිකයනුත් ඔවුන්ගෙ ජීවන අරගලයට මැදි වෙලා.. මැෂින් වගේ..
    ජපානෙ පොදුවේ විවාහයට අකමැත්තක් නම් තියෙනව කියල මමත් අහල තියෙනව..ඍණ ජනගහන වර්ධනයක් තියෙන්නෙත්..අනිත් අතින් විවාහ වුණත් මේ අය අවසාන කාලෙදි තනි වෙනව.. දූ දරුවො අතෑරල ගිහින්.. මම දන්න ජපන් ළමයි ඉන්නව ගෙදර යන්නෙ අවුරුද්දට දෙපාරයි..තමන්ගෙ රටේ ඉඳලත්.. අපිට එහෙම ගෙදර යන්න තියෙන ආසාව ඒ ළමයින්ට තේරුම් ගන්නත් බෑ..
    මේ වගේ ගොඩක් දේවල් මේ කතාව ඇතුලෙ තියෙනව අය්යෙ... ටිකක් මේ දේවල් ලියන්න හිතුවත් මට ඒ හැටිම අවබෝධයක් නැති නිසා මම තාම හිතනව ලියනව ද නැද්ද කියල...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...